X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


අවුරුදු සමරා එළොව යති

චීනයේ ෂැන්ග්හයි නගරයේ චෙන් - යි චතුරස්‍රයට අලූත් අවුරුදු සැමරුම සදහා එක්වූ ලක්ෂ 3 කට ආසන්න ජනතාව අතර තෙරැපී 36 දෙනෙක් මියගොස් 47 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අලූත් අවුරුදු උදාව සනිටුහන් කිරීමට චතුරස්‍රයේ සවිකර තිබූ විසල් ඔරලෝසුවක් දෙස බලා සිටි ජනකාය එක්වනම අසළ ගොඩනැගිල්ලකින් වැටෙන්නට ගත් මුදල් නොට්ටු වැනි කොළ සමූහයක් දැක කලබල වූ බවත් ඒවා අසුලා ගන්නට සියලූදෙනා පොරකෑමේදී මෙම තෙරපුම ඇතිවූ බවත් සිද්ධිය දුටුවෝ කියති.

විනාඩි ගණනක් තිස්සේ පැවති තෙරපුම ක්‍රමයෙන් පහව යෑමෙන් පසු පුද්ගලයින් පිරිසක් මියගොස් සිටිනුත් තවත් පිරිසක් තුවාල ලබා සිටිනුත් පෙනී ගොස් තිබේ.

ගොඩනැගිල්ලෙන් වැටුණු බව කියන කොළ පරීක්ෂා කිරීමේදී ඒවා මුදල් නෝට්ටු නොව එම ගොඩනැගිල්ලේ තිබෙන සමාජ ශාලාවකින් මුදල් නෝට්ටු ලෙස වර්ණ ගන්වා සකස් කර තිබුණු අලූත් අවුරුදු සුභපැතුම්පත් සමූහයක් බව හෙළිවූයේ යැයි පොලිසිය කියයි. රාත්‍රියේ මේ කිසිවක් හදුනාගත නොහැකි හෙයින් රැස්ව සිටියෝ මෙම කොළ කැබලි ඇත්ත මුදල් යැයි සිතන්නට ඇතැයිද ඒවා රැස්කරගන්නට ගත් උත්සාහයේදී මෙම තෙරපුම ඇතිවන්නට ඇතැයිද පොලිසියේ අදහසයි.

පසුගිය වසරේද මෙලෙසම තදබදයක් ඇතිවුණු අතර එනිසා චීන රජයේ නියෝගයෙන් චතුරස්‍රයේ සවිකර තිබූ ඔරලෝසුව ගලවා ඉවත් කැරුණි.නමුත් මෙවර පෙර වසරේ අනතුර ගණන් නොගත් පුද්ගලයෙකු තමාගේ සිතැඟි අනුව චතුරස්‍රයේ ඔරලෝසුවක් සවිකර ඇති බව අනාවරණයව තිබේ.

මේ සියලූ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසට චීන ජනපති ෂී ජින්පින්ග් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ලෝකයේ දෙවන විශාලම ආර්ථීකයට හිමිකම් කීවත් මානව හා සමාජ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් චීනය තවමත් සිටින්නේ පසුපසින් බව එරට නිල පුවත් සේවය වන ෂින්හුවා පුවත් සේවය මෙම සිදුවීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

245C238200000578-2892994-image-a-25_1420141222038 2459BCCB00000578-2892994-image-a-44_1420061536365 2459BD2700000578-2892994-image-a-43_1420061521749 2459C0E700000578-2892994-image-a-50_1420062028410



අදහස් (0)

අවුරුදු සමරා එළොව යති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site