X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


අසැබි දසුන් නැරඹූ කර්නාටක ඇමැති තිදෙනාට ජනතා විරෝධය

ප‍්‍රාන්ත සභා සැසිවාරය අතරතුරේ ජංගම දුරකතනයක් ඔස්සේ අසැබි දසුන් නැරැුඹීම පිළිබඳ චෝදනා ලැබීමෙන් පෙරේදා (8) ඉල්ලා අස්වූ  භාරතීය ජනතා පක්ෂ ඇමැතිවරුන් තිදෙනා ප‍්‍රාන්ත සභාවෙන් ද නෙරපා දමන්නැයි කර්ණාටක ප‍්‍රාන්ත වැසියෝ ඊයේ (9) වීදි බැස විරෝධතා පැවැත්වූහ. එම විරෝධතා සංවිධානය කර තිබුණේ ජනතා දාල් පක්ෂය සහ කොංග‍්‍රස් පක්ෂයයි. කර්ණාටක ප‍්‍රාන්තයේ බලය රැඳී ඇත්තේ භාරතීය ජනතා පක්ෂය සතුවය. ධුරවලින් ඉල්ලා අස්වූයේ සමූපකාර කෘෂිකාර්මීක අලෙවි ඇමැති ලක්ෂ්මන් සෙවාදී, කාන්තා හා ළමා සංවර්ධන ඇමැති සී.සී. පටිල් සහ පරිසර ඇමැති කි‍්‍රෂ්ණා පලේමාර්ය. කර්ණාටක ප‍්‍රාන්ත සභාව පෙරේදා පැවැත්වෙද්දී ඇමැති සෙවාදී සහ පටිල් ජංගම දුරකතනයකින් අසැබි දසුන් නරඹමින් සිටි අයුරු ප‍්‍රාන්ත සභා සැසිවාරයේ කටයුතු වාර්තා කිරීමට එහි ගොස් සිටි රූපවාහිනී කණ්ඩායමක්  සජීවීව ප‍්‍රවෘත්ති නාළිකා ඔස්සේ විකාශය කළහ. එම ප‍්‍රාන්ත සභා සැසිවාරය පැවැත්වුණේ ඉකුත් ජනවාරි පළමු වැනිදා කර්ණාටක ප‍්‍රාන්තයේ උතුරු දිගින් පිහිටි සින්දගී නගරයේ හින්දුවරුන් පිරිසක් පාකිස්තාන ධජයක් එසවීම සම්බන්ධයෙන් සෑම දෙනාගේම අවධානය යොමු කිරීමේ යෝජනාවලියක් ප‍්‍රාන්ත සභාවට ගෙන ඒම පිණිසය. සෙවාදී සහ පටිල් අසැබි දසුන් නරඹමින් සිටියේ පරිසර ඇමැති පලේමාර්ගේ ජංගම දුරකතනයෙනි. ඇමැතිවරුන් තිදෙනාගේ කි‍්‍රයා කලාපය මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වීමත් සමඟ භාරතීය ජනතා පක්ෂයට, ප‍්‍රාන්ත මහ ඇමැති ඞී.වී. සදානන්ද ගොව්ඩාට සහ ආණ්ඩුකාරවරයා වන එච්.ආර්. බරාවාජීට කර්ණාටක ප‍්‍රාන්ත වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන්න විය. එම අවස්ථාවේදී ඇමැතිවරුන් තිදෙනා කැමැත්තෙන්ම සිය ධුරවලින් ඉල්ලා අස්වූ බවත් ඉල්ලා අස්වීමේ ලිපි තමන් වෙත බාර දුන් බවත් කර්ණාටක ප‍්‍රාන්ත මහ ඇමැති සදානන්ද ගොව්ඩා පවසයි. එම ඇමැතිවරුන් තිදෙනාගේ කි‍්‍රයා කලාපය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව ද මහ ඇමැති සදානන්ද පවසා ඇත.



අදහස් (0)

අසැබි දසුන් නැරඹූ කර්නාටක ඇමැති තිදෙනාට ජනතා විරෝධය

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site