මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින රුසියාව ඊට පිළියමක් ලැබෙන තාක් කල් දේශපාලඥයින්ගේ නත්තල් නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය දෙසැම්බර් 25 වැනිදා නත්තල් දිනයේදීත් පාර්ලිමෙන්තුව රැස්වුනි. ඊට පෙර අවස්ථාවකදී රූපවාහිනියෙන් ජනතාව ඇමතූ පුටින් කියා සිටියේ මෙදා සැරේ නත්තල පී‍්‍රති වීමට නොව වැඩ කිරීමට වෙන්කළ යුතුව තිබෙන බවයි.
බටහිර පනවා තිබෙන ආර්ථික සම්බාධක හමුවේ රුසියාවේ ආර්ථික සීඝ‍්‍රයෙන් කඩා වැටෙමින් තිබේ.1998 වසරේ වූ ලෙස මෙම වසරේදීද ආර්ථිකයේ දරුණු නායයෑමක් දැකගත හැකි බව ආර්ථික විශේෂඥයෝ කියති.
පිළියමක් ලෙස බදු වැඩිකිරීමට යෝජනාවී ඇතත් පුටින් එයට කැමැත්ත පළ කර නොමැති බව සඳහන්ය.විශේෂයෙන් මධ්‍යසාර වල බදු වැඩි කළ යුතුව ඇතැයි රජය යෝජනා කරද්දී පුටින් ඊට විරුද්දව තිබෙන්නේ තිබෙන්නේ මධ්‍යසාර වල බදු වැඩිකළහොත් රට වැසියන් අනවසරයෙන් මධ්‍යසාර නිපදවීමට පෙළඹෙනු ඇතැයිද,එය ඔවුන්ගේ සෞඛ්‍යයට ගුණදායක නොවනු ඇතැයිද කියමිනි.
රුසියා කාන්තාවන්ටත් රජය හාස්‍යජනක ලෙස උපදෙසක් නිකුත් කර තිබෙන්නේ මිල අධික තොල් ආලේපන ආදිය පැළදීමට මුදල් නොමැති නම් ඒවා පසුපස්සේ නොයන ලෙසයි. පිරිමින් කොහොමත් කැමති ස්වභාවික පෙනුමට මිස ‘තවරා‘ලස්සන කෙරූ පෙනුමකට නොවන බව රජය කියා තිබේ.
කෙසේවුවත් මෙවර තත්ත්වය බරපතල බව පැවසේ. යළි නැගිටීමට රුසියාවට අලූතින්ම ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හෝ බටහිර ඉදිරිපත් කර ඇති කොන්දේසි වලට එකඟව තම හැසිරීම වෙනස් කර ගැනීමට හෝ සිදුවනු ඇති බව විශේෂඥ මතයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආර්ථික අර්බුදෙන් නත්තලත් නෑ
ලීල් සිරිවර්ධන Sunday, 28 December 2014 07:33 AM
රුසියානු ජනාධිපතිතුමනි... තමන්ගේ රට වෙනුවෙන් ජීවත් වෙන හැටි ජනතාවට කියාදී මෙයට නොසැලී මුහුණදෙන්න..බටහිරටනාම් යටවෙන්න එපා. ඔබට ජය !!! (බ)
ධනංජය Monday, 29 December 2014 06:10 AM
මේ යෝජනා කොහොමටවත් හාස්‍ය ජනක නෑ. පොඩි දෙයක් උනත් ඒකත් අර්බුදයට පිලියමක් තමයි. රුසියාවට අර්බුධයෙන් ගොඩ එන්න හැකියාව ලැබේවා! (නදී)
චතුර Tuesday, 30 December 2014 09:20 AM
රුසියාව දුර්වල වුණොත් අපිත් දුර්වල වෙනවා. නැගී සිටින්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.(දිල්)
සමන් Wednesday, 31 December 2014 06:20 AM
අපිටත් ඔය ටික තමා. (ර)