ආසියා කලාපයට අයත් මුහුදු ප්‍රදේශ වල අළුතින් ආරම්බ කරන සියළුම ඉදිකිරීම් හා හමුදාමය ක්රියාකාරීත්වයන් නැවැත්වීමට පියවර ගන්නැයි ඇමරිකා ජනපති බැරක් ඔබාමා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ඒ මහතා මේ බව පවසා ඇත්තේ ගිණිකොනදිග ආසියානු රටවල නායකයින් සමග කැලිෆෝනියාවේ පැවති සාකච්ඡාවකදීය.
ඇමරිකා ජනපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජාත්‍යන්තර නීතියට යටත් ප්‍රදේශ වල ක්‍රියාත්මක වීමට ඇමරිකාවට බලයක් ඇති බවයි. එසේම තම මිත්‍ර රටවල් වලටද ඒ සඳහා උපකාර කරන බව ඒ මහතා සඳහන් කැර ඇත.
චීනය විසින් දකුණු චීන මුහුදේ කඩිනමින් ඉදිකරන ගුවන් තොටුපළ හා ගුවන් ධාවන පථ හමුදාමය කටයුතු සඳහා යොදාගැනීමට ඇති හැකියාව සම්බන්ධව ඔබාමා මහතා මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නට ඇතැයි විචාරකයෝ පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආසියා සාගර කලාපයේ නව ඉදිකිරීම් නවත්වන්න
තිලක් Wednesday, 17 February 2016 07:20 AM
චීනය ලෝක බලවතා වෙනවට අපිනම් කැමතියි ! ඇමරිකාව හැමවෙලාවෙම බලවත්වෙන්න හදන රටවලට උගුල් අටවනවා ආසියාවේ බලවතා ලෝක බලවතා වෙනවට මුළු අසියවම කැමතියි. (ර)
රිචි බාලසුරිය Wednesday, 17 February 2016 09:23 AM
ඇමරිකාවට කිසි අයිතියක් නෙහැ මෙසේ කීමට , ආසියානු රටවල අවශ්‍යතා අනුව ඔවුන් ඔවුන්ගේ යුධ බලය සාගර කලාප වල ඉදිකරන්නේ , ඇමරිකානු ආධිපත්‍යට විරුද්ධ නිසා , අපි ආසියානුවන් කැමති චීනය ලෝක බලවත වනවාට යුදමය සහ ආර්ථිකව , එය අපට ආඩම්බරයක්. (ර)
සෙනරත් Wednesday, 17 February 2016 10:31 AM
මෙයාලගෙන් අවසර ඕනෑද චීනයට තම රටේ ඉදිකිරීම් කරන්න? (නි)
ඇන්ජෙලෝ Wednesday, 17 February 2016 11:05 AM
චීනේ හැටි චීනේ ඉන්න අයගෙන් අහන්න ,නිදහස සීමිතයි ,සුද්දන්ට වඩා හරිම ජාතිවාදියි, මේක අද්දැකීමෙන් කියන්නේ .ඇගිලක් ගහන්න දුන්නම මුළු පළාතම අල්ලනවා. (ර)
උපාලි Wednesday, 17 February 2016 03:20 PM
ඇන්ජෙලෝ සමග මම මුළුමනින්ම එකඟයි. මමත් පුද්ගලික අත් දැකීමෙන් දන්නවා විදේශයක හිටිය නිසා. චීනයේ තියෙන්නේ "ජනගහන පිපිරීමක්". ඒ නිසා ලෝකය පුරා ව්‍යාප්ත වීමේ උත්සාහයක ඔවුන් නිරතව ඉන්නේ. (බ)
හිමාල් Wednesday, 17 February 2016 04:04 PM
මේක කලාපයේම ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්. (අ)
ප්‍රනාන්දු පැරිස් Wednesday, 17 February 2016 04:08 PM
ආසියාවේ සමහර රටවල්වල කොන්ද පන නැති පෙන්දෝ රජ කරද්දී ලෝක හොරාගේ හැසිරීම මේ ආකාරයි .(අ)
ඔෂාන් Wednesday, 17 February 2016 09:42 PM
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
හේවා Wednesday, 17 February 2016 09:44 PM
හිමාල්, මීටවඩා බුද්ධිමත්ව හිතන්න (නි)
හේවා Wednesday, 17 February 2016 09:49 PM
ඇන්ජෙලෝ සහ උපාලි තවම ලෝක ඉතිහාසය ගැන හෝ ලෝක දේශපාලනය ගැන ඒතරම් දැනීමක් නැතුවා වගේ (නි)