X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


ඇත් පැටවා සිංහ රංචුවෙන් බේරේ

තමන් ගොදුරු කරගැනීමට පැමිණි සිංහදේනුවන් 14 දෙනෙකු හා සටන් වැද දිවි ගලවා ගැනීමට තරුණ ඇත් පැටවෙක් සමත් විය.

සැම්බියාවේ දකුණු ලූගන්වා ජාතික වනෝද්‍යානයේ සිටි සංචාරකයින්ගේ කැමරා ඇසෙහි මේ දුර්ලභ දසුන සටහන් වුනි.

තම පිට මත නැගීගෙන නියපහුරු මසට කාවද්දමින් වියරුවෙන් මෙන් හැසිරෙන සිංහ දේනුවන් ගසා දමමින්, ඔවුන්ට හොඬවැලෙන් හා පාදවලින් ප්‍රහාර එල්ල කරමින් ඇත් පැටවා විනාඩි 3 ක් පමණ කාලයක් ගත කළේය.

සිංහදේනුවන්ද සටන අත්හැරියේ නැත.

හදිසියේම ඇත්පැටවාට ගණ දෙවි නුවණ පහළවූ සෙයක් පෙනුනි.වහ වහා අසළ වූ දියවළ වෙත දිවගිය ඇත් පැටවා එහි ගිලූණේය.

එසේ වුවද සිංහදේනුන්ගෙන් ඇතැම්හු දියේ කිමිද ගොදුර කරා ළගා වීමට උත්සාහ කළහ.නමුත් එය සාර්ථක නොවූ තැන ඔවුහු පසුබැස්සහ.

දියවළෙන් නැගිට ගත් පැටවා කන්පෙති සලා කුංචනාද කොට තම ජයග්‍රහණය පෙන්වා සිටියේය.සිංහදේනුවෝ පරාජිතව එදෙස බලා සිටියහ.

1415810803904_wps_37_PIC_FROM_NORMAN_CARR_SAFA 1415810803920_wps_38_PIC_FROM_NORMAN_CARR_SAFA 1415810803931_wps_39_PIC_FROM_NORMAN_CARR_SAFA 1415810803940_wps_40_PIC_FROM_NORMAN_CARR_SAFA 1415810803948_wps_41_PIC_FROM_NORMAN_CARR_SAFA 1415813103940_wps_60_Lions_v_elephant 1415813123499_wps_66_Lions_v_elephant



අදහස් (0)

ඇත් පැටවා සිංහ රංචුවෙන් බේරේ

වින්සන්ට් Sunday, 16 November 2014 09:35 AM

මටනම් හිතෙන්නේ ඇත් පැටියාගේ ගැලවීමට හේතු වෙලා තියෙන්නේ වතුරට යාමය. ශක්තිය වගේම බුද්ධියත් ආරක්ෂාවට අවශ්‍ය බව පෙනෙන අවස්ථාවකි. වතුරේ දඩයම් කිරීම සිංහ දේනුවන්ට හුරු නැත. (ර)

:       0       0

රුපවතී Friday, 14 November 2014 06:20 PM

අනේ පව්.! උගේ කෙසරු ශරීරෙ දැක්කම මගේ ඇගේ මාලුටික දෙන්න තරමට අනුකම්පාවක් දැනුනා. කොහොම හරි කටුසු ඇගෙන් වැඩ පෙන්නුවා සිංහ දේනුවන් හයදෙනෙකුට. හොද අලිරාල කොහොමද අලි අම්මයි තාත්තයි ලග හිටියානම් ආඩම්බරේ බැරුවා.! (ර)

:       0       0

කුමාර් Friday, 14 November 2014 08:01 PM

ඒ වුණාට ලංකාවේ අලි නම් හොඳටම වැහැරිලා, කවදාවත් දිනන්නේ නැතිවෙයි. (නි)

:       0       0

දුමින්ද Friday, 14 November 2014 09:30 PM

වෙබ් ලින්ක් එක. http://www.telegraph.co.uk/earth/wildlife/11227561/Incredible-safari-footage-shows-elephant-fighting-off-pride-of-hungry-lions.html (නි)

:       0       0

විහඟ Friday, 14 November 2014 10:11 PM

මට හරි ආසයි මේ වගේ දෙයක් සියැසින් දැකගන්න (නි)

:       0       0

වීරසිංහ Saturday, 15 November 2014 12:37 AM

හරිම සුන්දර ඡායාරූප පෙළක් (නි)

:       0       0

කරුණාජීව Saturday, 15 November 2014 02:22 AM

කුමාර්,මේ පාර බලා ගන්න ලංකාවේ අලින්ගේ වැඩ. ලංකාවේ අලින්ගේ වැඩ දැකලම බන්දුලත් වාෂ්ප වෙයි. (බ)

:       0       0

දර්ශන Saturday, 15 November 2014 02:52 AM

සොබාදහම විශ්මිතයි..(දිල්)

:       0       0

හර්ෂි Saturday, 15 November 2014 03:26 AM

වාසනාවන්ත අලි පැටියෙක්...(හේ)

:       0       0

ගුණසේකර Saturday, 15 November 2014 10:50 AM

සතෙකුට වුනත් කරදරයක් වෙනවා දැකලා එය හරිම සුන්දර දැකගන්න ආස කරන බව කියන මෙයාල මිනිසුන්ද ඇත්තටම .(හේ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 14 November 2014 01:34 PM

එක සිංහයෙක්වත් නැහැ..ඔක්කොම ගැණු සත්තු..පේනවනේ ගැණු සතාගේ නපුරු කම..ඒ අලි පැටිය මේ ගැණු සත්තුන්ගෙන් බේරුනාට අනේ අපිව මේ වගේ අපේ ගැණු සත්තු ටිකකට මැදි වුනානම් කෑල්ලක්වත් හොයන්න ලැබෙන්නේ නැහැ..වාෂ්ප වුනා වගේ තියෙයි.. (දී).

:       0       0

අජිත් Sunday, 16 November 2014 03:02 PM

ඇත්තටම විශිෂ්ට ඡායාරූප පෙළක්! (නි)

:       0       0

ගජේන්ද්‍ර Sunday, 16 November 2014 03:41 PM

නියමයිනේ! (නි)

:       0       0

අනුරුද්ධ Sunday, 16 November 2014 07:00 PM

මූ නම් හැබෑම මොළකාරයෙක් (නි)

:       0       0

ඩයස් Monday, 17 November 2014 01:48 AM

සම්පුර්ණ රූප පටිය https://www.youtube.com/watch?v=wJ4Ddhtn360 (නි)

:       0       0

රුක්මාල් Monday, 17 November 2014 03:08 AM

හරිම සුන්දර දසුන් පෙළක් (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 17 November 2014 03:38 AM

කරුණාජීව මහත්තයා ගැන දුකයි.මොනතරම් බලාපොරොත්තු කන්දක් හිතේ රඳවාගෙන දැන් අවුරුදු කීයක් තිස්සේ දුක් විඳිනවද? අනේ අපි වාෂ්පවෙලා හරි මැරෙන්න කලින් මේ මනුස්සයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්න දෙවියනේ කියලා ඔන්න මමත් ප්‍රාර්ථනා කරනවා.(නි)

:       0       0

විභූත් Monday, 17 November 2014 08:00 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

දුමින්ද Monday, 17 November 2014 08:16 PM

ලින්ක් එක (කොටසක් පමණි) https://www.youtube.com/watch?v=10cX1tzMxFI (නි)

:       0       0

සුදත් Tuesday, 18 November 2014 04:13 PM

කලා දුරකින් දකින්න ලැබෙන දසුනක්.(හේ)

:       0       0

දනුෂ්ක Friday, 14 November 2014 01:17 PM

විවිධ විවිධ පුවත් යනවා (දී)

:       0       0

සාරා Friday, 14 November 2014 07:17 AM

පුංචි ඇත් පැටියා පුදුමාකාර ලොකුම ලොකු වීරයෙක්නේ (දිල්)

:       0       0

පෙරේරා Friday, 14 November 2014 08:28 AM

එඩිතර ඇත් පැටවෙක්.(හේ)

:       0       0

පුෂ්ප Friday, 14 November 2014 08:43 AM

පැටියෙක් වුනත් ඇතෙක්නේ.(හේ)

:       0       0

ඉෂාන් Friday, 14 November 2014 08:47 AM

පව් අලියා. (ර)

:       0       0

නිහාල් Friday, 14 November 2014 09:41 AM

අලියගේ ශක්තිය අලියා දන්නැති කම.සිංහයාගේ ඔක්කොම සෙල්ලන් නල දත් දෙක.වතුරේදී කිඹුලට අහුවුණු වෙලාවට අසරණව අවසන් ගමනේ. (දිල්)

:       0       0

චමින්ද Friday, 14 November 2014 09:46 AM

මම මේ වීඩියෝ එක අන්තර්ජාලයෙන් දුටුවා. (හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 14 November 2014 12:27 PM

කොහොමත් අලි කියන්නේ අලිම තමයි, යකාටවත් බය නැහැ (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 14 November 2014 01:17 PM

මේක නම් ඇත්තෙන්ම වීර ක්‍රියාවක් (නි)

:       0       0

යොහාන් Friday, 14 November 2014 01:17 PM

මමත් ආසම වැඩක් තමයි පින්තුර ගන්න එක (දී)

:       0       0

මංගලී ෆොන්සේකා Friday, 14 November 2014 07:02 AM

පුදුමයි බේරුනා කියන එක වාසනාවට .(දිල්)

:       0       0

විනෝද් Friday, 14 November 2014 01:17 PM

සවභාව ධර්මය කියන්නේ පුදුම දෙයක් (දී)

:       0       0

ලසන්ත Friday, 14 November 2014 01:17 PM

අලි රංචුවක් ඉන්න තැනකට සිංහයෙක් එන්නෙවත් නැහැ (දී)

:       0       0

නදුන් Friday, 14 November 2014 01:17 PM

සත්ව ලෝකය හරිම විශ්මිතයි (දී)

:       0       0

දමයන්ති Friday, 14 November 2014 01:18 PM

මේ පින්තුර දැක්කාම අපිට අපේ ජිවිත වලට ලොකු දෙයක් ගන්න තියෙනවා (දී)

:       0       0

චමින්ද Friday, 14 November 2014 01:18 PM

මේ පුවතේ ඇත්ත වගේම ආටෝපත් තියෙනවා. (දී)

:       0       0

බණ්ඩාර Friday, 14 November 2014 01:18 PM

මම ඔය පින්තුර දැකලා තියෙනවා (දී)

:       0       0

නාලක Friday, 14 November 2014 01:18 PM

කොයිතරම් සද්දන්තයා උනත් තනි උනාම දුබලයා වෙනවා (දී)

:       0       0

මිලින්ද Friday, 14 November 2014 01:17 PM

මේ පින්තුර කොහෙන්ද හොයා ගන්නේ මටත් කියන්නකෝ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site