X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


ඇනකොන්ඩාගේ බඩේ පැය තුනක්

ඇමරිකා ජාතික පරිසරවේදියෙකු වන පෝල් රොසෙලී ලොව අනෙකෙකුට නපුරු දුස්සවප්නයක් බඳුවන දෙයක් වුවමනාවෙන්ම අත්වින්දේය.

ඔහු තමන්ව පණපිටින් ගිල ගැනීමට ඇනකොන්ඩාවෙකුට ඉඩ දුන්නේය.

ඇනකොන්ඩාගේ ආහාරය බවට පත්වීමට ප‍්‍රථමයෙන් ඔහු කාබන් තන්තු වලින් තැනූ ශක්තිමත් මුත් ඉතා නම්‍යශීලී වන සංයෝගයෙන් තැනූ ඇඳුමක් ඇඟලා ගත්තේය.ඇනකොන්ඩා තමන් වෙත කැඳවා ගැනීමට සූකර ලේ වලින් හොද හැටි ස්නානය කළේය.

ඇනකොන්ඩා ඔහු සොයා පැමිණියේය.ඔහු වටා දගර ගැසී ඔහුව ගිලගත්තේය.

අනතුරුව සිදුවන දෙය බලාගැනීමට වන්නේ මේ සිදුවීම පාදක කර තනා ඇති ඉදිරියේදී ඩිස්කවරි නාළිකාව ඔස්සේ විකාශය වීමට තිබෙන ‘‘ඊට්න් අලයිව්‘‘ නම් වාර්තාමය වැඩසටහනකිනි.

තවමත් ජීවතුන් අතර සිටින පෝල් තමන් ලැබූ අත්දැකීම වචන වලින් විස්තර කළ නොහැකි බව කියයි.කාබන් තන්තු වලින් තැනූ ඇඳුම නිසා ඔහුට කිසිත් හානියක් සිදුව නොමැත.

මේ ඇඳුමේ පැය 3 කට පමණ සෑහෙන ඔක්සිජන් සැපයුමක්,කැමරා ආදී උපකරණද සවිකර තිබී ඇත.එම කැමරා වලින් ලබාගත් දර්ශන වාර්තා වැඩසටහනේදී දැකබලා ගත හැකි වනු ඇති බව පොල් පවසයි.

පෝල් ගිලගත් ඇනකොන්ඩාවා අඩි 25 ක් පමණ දිගින් හා රාත්තල් 400 ක් පමණ බරින් යුතුය.ඇමසන් වනයෙන් හමුවූ මෙම ඇනකොන්ඩාවා සොයාගැනීමට පෝල් ඇතුළු පිරිවරට මාස ගණනාවක් වනය පීරීමට සිදුව තිබේ.

තමන් මෙවැනි දෙයක් සිදුකළේ මිනිසුන්ගේ අවධානය මේ සතුන් ආරක්ෂා කිරීම කෙරෙහි යොමුකිරීමට බව පෝල් කියයි.

ඇනකොන්ඩාවන් යනු වඳවී යෑමේ තර්ජනයට මුහුණපා සිටින සත්ත්ව කොට්ඨාශයකි.මිනිස් ක‍්‍රියාකාරකම් හමුවේ ඔවුන්ගේ නිජබිම් අහිමිව යමින් තිබීම මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුවී ඇත.

23A31F6F00000578-2856140-image-24_1417449391762 23A321BF00000578-2856140-image-22_1417449382019 23A328E900000578-2856140-image-25_1417449411012 23A3675A00000578-2856140-image-26_1417450278045



අදහස් (0)

ඇනකොන්ඩාගේ බඩේ පැය තුනක්

ජානක Thursday, 04 December 2014 11:18 AM

මෝඩ මිනිසුන්ගේ ක්‍රියා කලාපය නේද මේවගෙන් හෙළි වෙන්නේ (දිල්)

:       0       0

සමීර Wednesday, 03 December 2014 07:16 PM

ඇනකොන්ඩා ගොදුර වමාරනවා. ටිකක් දැනගෙන කතාකරන්න (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 04:23 AM

අපේ ලංකාවේ සාර්ථකව ඇනකොන්ඩ පැටව් බෝකරනවා දැක්කහම අපිව බිය වැද්දීමටත් ඔවුන්ගේ තාක්ෂණය ඉතා ඉහල බව පෙන්වීමටත් තමා මේ ඇනකොන්ඩගේ බඩට ගිහිල්ල ඇවිත් තියෙන්නේ. මේවා විදේශීය අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. (ත)

:       0       0

සමන් Thursday, 04 December 2014 05:42 AM

ඉතින් ඕකට කැමරාවක් විතරක් යැව්වා නම් හරි නේ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 04 December 2014 06:46 AM

මේ මොන බොරු වැඩක්ද? ලංකාවට ඇවිල්ල මාස හයක් ජීවත් වුනානම් ඇනකොන්ඩ ගේ බඩට ගියාම දැනෙන සනීපෙ හරියට දැන ගන්න තිබුනා. මොකද? මෙහෙ හරියට ඇනකොන්ඩලා ඉන්නවා ,(හේ)

:       0       0

චතුරංග Thursday, 04 December 2014 08:48 AM

ඉතින් ඕකට කැමරාවක් විතරක් යැව්වා නම් හරි නේ. (ර)

:       0       0

රශී Thursday, 04 December 2014 09:22 AM

ඇනකොන්ඩා ගිල්ලට පස්සේ වමාරනවා එ්කවත් දන්නේ නැති ගොන් පැටව් ලංකාවේ ඉන්නේ. බඩ කපාගෙන ආවලු. (නදී)

:       0       0

හිමාලි Thursday, 04 December 2014 09:24 AM

සුබපතනවා. නියම වැඩක් (නදී)

:       0       0

ජනක Thursday, 04 December 2014 11:14 AM

වෛද්‍ය විද්‍යාව හදාරනකොට සත්තුන්ව කපන්ට සිද්ද වෙනවා නේද ? එටකොට එකත් සත්ව හිංසාවක් නෙවෙයිද? (දිල්)

:       0       0

ගුණවර්ධන Wednesday, 03 December 2014 06:22 PM

බන්දුල හරි. දර්ශනට පිස්සුද? මොකටද මෙහෙම දේවල්? (නි)

:       0       0

බ්‍රාෙවා් Thursday, 04 December 2014 03:46 PM

නියමයි (නදී)

:       0       0

සංඛ Thursday, 04 December 2014 03:56 PM

මේ ලොකේ පුදුම මිනිස්සු තමයි ඉන්නේ.(හේ)

:       0       0

චන්දික කුරුප්පු Thursday, 04 December 2014 11:28 PM

හොඳම අදහස අජිත් කරුණාරත්නගෙන් (නි)

:       0       0

බන්දුල ‍ද සිල්වා Thursday, 04 December 2014 11:59 PM

ජීව විද්‍යාත්මක සොයාගැනීම් වලට අලුතින් යමක් එකතු කරන්නට ඔබ ගත් උත්සාහයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

බුද්ධික Friday, 05 December 2014 03:33 PM

ඇනකොන්ඩා තමා ගිල දමපු ගොදුර අායේ වමාරනවා එතකොට තමයි මෙයා එලියට එන්නේ (නදී)

:       0       0

අමිලා රොක්ස් Monday, 08 December 2014 01:57 PM

මොනවා කියනවද කියා හිතාගන්නවත් බැහැ. හිතනකොටත් පිස්සු වගේ (නදී)

:       0       0

නිහාල් Wednesday, 01 July 2015 04:32 AM

මේක නම් අදහාගන්නත් අමාරුයි

:       0       0

චින්තක රුවන් Wednesday, 03 December 2014 09:46 AM

ගොඩක් පරිසරවේදීන් කියන විදිහට නම් මෙයා මේ කරපු වැඩේ එච්චර හොද දෙයක් නෙවෙයි. මේ දේ නිසා මේ සතා මිය යන්නත් තිබුනා. මේක මේ සත්තුන්ට ආදරෙන් කරපු දෙයක් නෙවෙයි. තමන්ගෙ වැඩසටහන මාර්කට් කරන්න කරපු වැඩක්. (ර)

:       0       0

ධනංජය Wednesday, 03 December 2014 04:57 PM

මෙයා කරලා තියෙන්නේ නම් නිර්භීත ක්‍රියාවක්. ඒත් සතාට මේ නිසා හිරිහැරයකුත් වෙනවා. (නි)

:       0       0

සංජය Wednesday, 03 December 2014 04:48 PM

සතා පණපිටින් හොඳින් ඉන්නවා (නි)

:       0       0

කොළඹගේ Wednesday, 03 December 2014 04:26 PM

ඌට කැමරාව ගිල්ලුවා නම් ඉවරනේ මස් කෑල්ලක දාලා! (නි)

:       0       0

චරිත් Wednesday, 03 December 2014 03:54 PM

අනිවාර්යයෙන් සතාගෙ බඩ කපලා තමා එන්න ඇත්තෙ. පෙනෙන්නේ නැද්ද අතේ පිහියක් තියෙනවා? (නි)

:       0       0

ධම්මික Wednesday, 03 December 2014 03:46 PM

මේකෙ කියන්නෙ නැහැනේ උෟ මැරුවා කියලා. එහෙම හිතාගෙන සිද්ධිය විවේචනය කිරීම බොහොම වැරදියි. මෙවැනි දෙයකට ඉදිරිපත් වුණ පරිසරවේදියෙකුගෙන් ඒක කොහෙත්ම වෙන්නෙ නැහැ. (නි)

:       0       0

කසුන් Wednesday, 03 December 2014 01:48 PM

දැන් එතකොට මෙයාගේ ක්‍රියාව කරලා එළියට ආවේ සතා පන පිටින්මද? අනිවාර්යයෙන් මරන්න වෙනවා ඇතිනේ. එතකොට එතනම එකෙක් ඉවරයි. නියමයි. වඳවීයෑමේ තර්ජනයට මුහුණපා සිටින සත්ත්වයෝ බේරගන්න අඩි 25 දිග රාත්තල් 400 ඇනකොන්ඩා කෙනෙක් මරාදැමීම. (නි)

:       0       0

අශාන් Wednesday, 03 December 2014 01:37 PM

මට නම් විශ්වාසයි මෙයා මේ සතාව මරලා තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ.නැත්නම් මෙය එළියට ආ විදිහත් කියනවානේ! (නි)

:       0       0

මංගල Wednesday, 03 December 2014 01:31 PM

අසරණ සතාට ගිලින්න දීලා ඊටපස්සෙ උගේ බඩ පලලා එළියට එන එකෙන් කොහොමද සතුන්ට සෙතක් වෙන්නේ? (නි)

:       0       0

බෙප්සි Wednesday, 03 December 2014 12:36 PM

ලෝක වාර්තාවක්. (ර)

:       0       0

ලසිත් Wednesday, 03 December 2014 12:04 PM

හිතා ගන්නත් අමාරුයි. මොන තරම් නිර්භීත කෙනෙක් ද? (ර)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 03 December 2014 11:47 AM

දර්ශනට පිස්සුද මන්දා. මට නම් ඔහු කළ කාර්යයේ විශේෂත්වයක් නැහැ. (නි)

:       0       0

නිලූක Wednesday, 03 December 2014 11:22 AM

ඇනකොන්ඩා දැක්කහමත් බය හිතෙනවා (නි)

:       0       0

දර්ශන Wednesday, 03 December 2014 10:51 AM

ඇත්තටම මෙම පුද්ගලයා මේ කරපු ක්‍රියා දාමය වටිනාකම කියලා නිම කරන්න බැ. මොකද මෙවැනි අත්දැකිමක් ලබාගන්න අපිට කවදාවත් දකින්නවත් ලෑබෙන්නේ. අපි නොදන්න දේවල් ඉගෙනගන්න අපිත් ගොඩක් හොයනවා. මෙහෙම මිනිස්සු ගොඩක් වටිනා අය. තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන. (ර)

:       0       0

ජයාත් Wednesday, 03 December 2014 10:32 AM

මෙයා තමන්ගේ කැමැත්තෙන්ම ජීවිතය බිල්ලට දීලා. මොනවද දන්නේ නැහැ දැක්කේ ! (නි)

:       0       0

කිත්සිරි Wednesday, 03 December 2014 10:23 AM

එයාට ඇනකොන්ඩාගේ බඩේදී කැමරාව හසුරවන්න පුළුවන් උනාද? ඉතින් එලියට ගත්තේ කොහොමද.? මේක මේ සතාට කල සත්ව හිංසනයක් නෙමෙයිද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site