වසර ලක්ෂ හතලිහකට පමණ පෙර ජීවත් වූවා යැයි සැළකෙන යෝධ පෙන්ගුවින් කුරුල්ලකුගේ ඇටකටු ඇන්ටාක්ටිකාවෙන් සොයාගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති.
අඩි හතකට ආසන්න උසකින් යුතු මේ යෝධ පෙන්ගුවින් මෙතෙක් සොයාගෙන ඇති සියළුම පෙන්ගුවින් කුරුල්ලන්ට වඩා උසින් වැඩි බව පර්යේෂකයෝ කියති. පැලීයුඩිප්ටස් ක්ලෙකොව්ස්කි ලෙස නම්කර ඇති මේ සත්ත්වයාගේ බර කිලෝ ග්‍රෑම් 115 පමණ වන්නට ඇතැයි නිගමනය කැර තිබේ.
ආජන්ටිනාවේ ලා ප්ලෙටා කෞතුකාගාරයේ ආචාර්ය කැරොලිනා අකොස්ටා මහත්මිය පවසන්නේ මේ පෙන්ගුවින් විශේෂය ජීවත් වූ කාලයේ ඇන්ටාක්ටිකාව අදට වඩා උණුසුම්ව පවතින්නට ඇති බවයි. එකළ ඇන්ටාක්ටිකාවේ පෙන්ගුවින් විශේෂ 10ත් 14ත් අතර ප්‍රමාණයක් සිටින්නට ඇතැයි ද මේ ඒ සියළු දෙනා අතරින් විශාලත ම විශේෂය බව ද ඇය පවසයි.
දැනට ලෝකයේ සිටින විශාලතම පෙන්ගුවින් විශේෂය වන එම්පයර් පෙන්ගුවින්ටත් වඩා විශාලත්වයෙන් වැඩි මේ විශේෂය ගැන පර්යේෂණ පැවැත්වූ විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ ශරීරයේ විශාලත්වය සැළකූ විට අවම වශයෙන් විනාඩි 40ක් වත් වතුර යට සිටින්නට ඇති බවයි.
අස්ථි පද්ධතිය, ශරීර හැඩය හා විශාලත්වය සැළකූ විට මේ සත්ත්වයාගේ ප්‍රධාන ආහාරය මත්ස්‍යයන් විය හැකි බවත් ඉතා වේගයෙන් ගොදුරු ඩැහැගැනීමට හැකි සත්ත්වයකුව සිටින්නට ඇති බවත් ආචාර්ය අකොස්ටා මහත්මිය වැඩිදුරටත් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇන්ටාක්ටිකාවෙන් යෝධයෙක්