ඇඳුම රෝගය නිට්ටාවට සුවවන්නේයැයි සහතිකය ඇතිව රෝගීන්ට පණ පිටින් මාළුවකු ගිල්ලවන අපූරු වෛද්‍ය ක‍්‍රමයක් ඉන්දියාවේ හයිද්‍රාබාද්හි ඇත.
හයිද්‍රාබාද්හි පැරණි පවුලක් වන බත්නි ගූඞ් පවුලේ සාමාජිකයෝ සිදුකරන මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය පරම්පරාගතව පැවැත එන්නක් බව කියති.
රෝගියාට ගිල්වීමට ප‍්‍රථමයෙන් මාළුවා මත රහසිගත ඖෂධ වට්ටෝරුවක් අනුසාරයෙන් තැනූ තැවරුමක් ආලේප කරන අතර වට්ටෝරුවේ ඇත්තේ මොනවාදැයි දන්නේ බත්නි ගූඞ් පවුලේ සාමාජිකයන්ම පමණක් බව සදහන්ය.
ගිල්ලවන මාළුවා සාර්ඩින් ගණයට අයත් කුඩා මත්ස්‍යයෙකි.
ප‍්‍රතිකාරය ලබාදෙන්නේ වසරකට එක්වරක් පමණි.ඒ සදහා මුදල් අය නොකැරේ.
ප‍්‍රතිකාර දෙන කාලය එළැඹෙත්ම හයිද්‍රාබාද් නගරය වෙත ඇදුම රෝගීන් පැමිණෙන්නේ ලක්ෂ ගණනිනි.
ඇස් වල කදුළු පුරවාගෙන,නැහැය වසාගෙන ඔවුහු මහත් අපහසුවෙන් පණ පිටින් මාලූ ගිලති.ප‍්‍රතිකාරය අවුරුදු 3 ක් නොකඩවා ලබාගතහොත් ඇදුම රෝගය නිට්ටාවටම සුවවනු ඇතැයි ඔවුන්ට උපදෙස් ලැබේ.
බත්නි ගූඞ් පවුලේ සාමාජිකයින් පවසන ආකාරයට පණ පිටින් ගිලින මාලූවාගේ දැගලීම ඇදුම රෝගයට හේතු වන ස්වසන මාර්ගයේ ඇති අවහිරතා මගහරවාලන අතර මාලූවා මත තවරා ඇති රහසිගත ආලේපනය ස්වසන පද්දතිය ආශි‍්‍රත වෙනයම් රෝගයක් වේ නම් එයද සුවපත් කිරීමේ සමත්ය.
කෙසේනමුත් වෛද්‍යවරු හා සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයන් මේ ප‍්‍රතිකාරය සම්බන්ධයෙන් එකහෙළා විරෝධතාවය පළ කරන්නෝය.කිසිදු අරුතක් නොමැති හා අනතුරුදායක දෙයක් ලෙස ඔවුහු එය හදුන්වාදෙන්නෝය.
නමුත් ඔවුන්ගේ විරෝධතා වලින් වෙනසක් ඇති නොවන බවක් පෙනෙන්නේ ප‍්‍රතිකාර ලබා දෙන සමය එළැඹෙන විට ඉන්දියා රජය මැදිහත්වී රෝගීන්ට හයිද්‍රාබාද් වෙත ප‍්‍රවාහන පහසුකම්ද සළසා දෙන නිසාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇඳුම නැති කරන්න පණ පිටින් මාළුවකු ගිල්වයි
ඉසුරන්දි Sunday, 15 June 2014 06:20 PM
පාරම්පරික ඇදහිලි ක්‍රම මෙන්ම පාරම්පරික වේද ක්‍රමත් ඉන්දියාවේ බහුලයි (නදී)
ෂෙහාන් සෞදි Monday, 16 June 2014 01:30 AM
කොහොමත් ඉන්දියාවේ ඉන්නේ රට හරක් රැලක් ඇති මාලුවෙක් ගිලින්න දීල නතර උනා කොහොමද බල්ලෙක් පුසෙකි එහෙම ගිලින්න උනානම් මේ ඉන්දියාවේ තියන මෝඩ ඇදහිලි ක්‍රම ලෝකෙට කියනවා අපි දියුණුයි කියල තාම ගල් යුගෙනුත් එහා ජනතව (අ) ennawa
අමර Monday, 16 June 2014 06:07 AM
ඉතින් ගිලින මාළුවා ස්වසන මාර්ගය දිගේ නෙමෙයිනේ යන්නේ,ආහාර මාර්ගය දිගේනේ (නි)
සුගන්ධිනි-ලංඩන් Monday, 16 June 2014 06:16 PM
පිස්සු නැතිනම් හොඳයි (නදී)
ආනන්ද ආර් Tuesday, 17 June 2014 06:54 PM
ඔය මාළුවා ස්වසන මාර්ගය දිගේම යැව්වා නම් ආයේ කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ. (නදී)
ඩෙන්සිල් Tuesday, 17 June 2014 09:49 PM
අවංකවම මම නම් ඔය මිනිස්සුන්ගේ රටේ හදන දෙයක්වත් ගන්නේ නැහැ (නි)
සත්‍යපාල Tuesday, 17 June 2014 11:15 PM
මේ වගේ අය අද ලෝකයේ ඕනෑතරම්.... (නි)
කාන්ති Wednesday, 18 June 2014 03:52 AM
මෙහෙමත් වැඩ! (නි)
හසන්ත Thursday, 19 June 2014 12:23 AM
අනේ මෙහෙමත් වැඩ! (නි)
ප්‍රදීප් Thursday, 19 June 2014 08:52 AM
ෂෙහාන් ඉන්දියාවේ විතරක් නෙවේ ලංකාවේත් ඔය ඕන තරම් දේවාල ගානෙ යන්නේ. මෝඩ ඇදහිලි මෙහෙත් තියෙනවා. (ස)