X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


ඇපල් අලුත් අයිෆෝනයේ ලෙඩක්

ඇපල් සමාගමේ නවතම නිමැවුම වන අයිපෝන් 6 ප්ලස් ජංගම දුරකථනයට කළිසම් සාක්කු වල ගමන අකැප වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

නව ජංගම දුරකථනය එළිදැක්වූ විගසම එය මිලදී ගත් බොහෝ දෙනා දැන් පැමිණිලි කරමින් සිටින්නේ කුඩා පීඩනයක් යෙදීමෙන් පවා දුරකථනයේ රාමුව නැවිය හැකි බවයි.

එනම් අයිපෝනය සාක්කුවේ දමාගෙන ගමනේ යෙදීම, ආසනයක හිද ගැනීම පවා පෝනයේ රාමුවේ හැඩය වෙනස් කිරීමට සෑහෙන බව ඔවුහු කියති. ඔවුන් මේ සදහා සාක්ෂිද ඉදිරිපත් කැර ඇත.

එම සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ඡායාරූපයන්ගේ දැක්වෙන ආකාරයට දුරකථනයේ පසුපස ඉහළ ප‍්‍රදේශය පසුපසට නැවී ගොස් තිබේ.මෙම ඇබැද්දියට මුහුණදී ඇති පරිශීලකයින් පවසන ආකාරයට තවදුරටත් රාමුව නැමුනේ නම් දුරකථනයේ තිරයටද හානි පැමිණේ.

විශේෂඥයින් පවසන්නේ ඇපල් සමාගම මේ නව අයිපෝනයේ නිපදවීමට ඉතා මෘදු ලෝහයක් වන ඇලූමිනියම් පමණක් භාවිතා කර තිබීමත් රාමුව ඉතා තුනී වීමත් මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුවී තිබෙන බවයි.

අඟල් 5.5 ක විසල් තිරයකින් යුතු වුවද රාමුව ඉතා තුනී යැයි අයිපෝන් 6 ප්ලස් එළිදැක්වීමට පෙර සිටම ඇපල් සමාගම එය ගැන වර්ණනා කරමින් සිටියේය.

දැන් එම වර්ණනාම ඔවුන්ට පාරාවළල්ලක්ව ඇති බව පෙනේ.

කෙසේනමුත් සාක්කුවේ දමාගෙන යෑමේදී රාමුවේ හැඩය වෙනස්වෙතැයි චෝදනා නැගුණු පළමු දුරකථනය නව අයිපෝනය පමණක් නොවේ. සැම්සුන්ග් සමාගමේ ගැලැක්සි එස් 5 ජංගම දුරකථනයටද, සෝනි සමාගමේ එසෙඞ් 1 ජංගම දුරකථනයටද මේ හා සමානම චෝදනා නැගී ඇත.

මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු ප‍්‍රකාශයක් ඇපල් සමාගම නිකුත් කර නොමැත.

1 2 3 4



අදහස් (0)

ඇපල් අලුත් අයිෆෝනයේ ලෙඩක්

විනුර Friday, 26 September 2014 05:23 AM

ඇපල් වැඩක් නැහැ (නදී)

:       0       0

සනි Thursday, 25 September 2014 07:44 PM

ඒ උනාට ගැලෙක්සි එස් 5 ගොඩක් හොදයි (නදී)

:       0       0

පැතුම් Thursday, 25 September 2014 08:46 PM

දැන් ඔයගොල්ලෝ ඉල්ලන්නේ කොන්ක්‍රීට් වලින් හදපු එකක්ද? (නි)

:       0       0

අනිල් Thursday, 25 September 2014 11:44 PM

අපේ මිනිස්සු හරිම මෝඩයි.මේ ලියන ඒවා දැක්කම ලැජ්ජයි (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 26 September 2014 02:19 AM

කොන්ක්‍රීට් වගේ හොඳ ශක්තිමත් ෆෝන් කේස් තියෙනවා. අරගෙන දා ගන්නකො මැසිවිලි නගන්නේ නැතුව. ඇපල් සමාගම කොයි තරම් මහන්සි වෙන්න ඇද්ද ඔය ෆෝන් එක හදන්න. (නදී)

:       0       0

ධනුෂ්ක Friday, 26 September 2014 03:43 AM

නෝට් 3 තමයි දැනට හොඳ එකකට තියෙන්නේ. නෝට් 4 වලට නම් හොඳ ඉල්ලුමක් තියෙයි (නි)

:       0       0

ලංකා Friday, 26 September 2014 04:22 AM

මොකක් හරි මේකට කරන්න වෙයි නේද? (ස)

:       0       0

වෙනුර Friday, 26 September 2014 04:41 AM

ඒකට කමක් නැහැ. ඕවා ගණන් ගන්න එපා (නි)

:       0       0

ගුණදාස Friday, 26 September 2014 05:01 AM

මම නම් ඔය ගිනි ගණන් දීලා ෆෝන් ගන්නේ නැහැ (දී)

:       0       0

ගයනි Friday, 26 September 2014 05:09 AM

මට තියෙනේ ඇපල් ෆෝන් එකක් එත් ලෙඩ මොකුත් නැහැ (දී)

:       0       0

ශාන්ත Thursday, 25 September 2014 03:46 PM

අයි ෆෝන් එකක් ගන්න පුලුවන්නම් මමත් වැද්දේක් වැඩ්ඩෙක් (දී)

:       0       0

චමින්ද Friday, 26 September 2014 07:33 AM

ලකී අයියේ, මමත් ඇපල් වලට ආසම නැහැ. වරකා තමයි මම කැමතිම පලතුර. (නදී)

:       0       0

තනුක Friday, 26 September 2014 04:06 PM

මම ගන්නේ නැත්තේ එකනේ ඇපල් තිත්තයි... (දී)

:       0       0

චමින්ද Friday, 26 September 2014 09:37 PM

මම නම් මේ කෝකටත් හරිම ප්‍රියමනාපයි. (නි)

:       0       0

රසාංජන Saturday, 27 September 2014 01:06 AM

එහෙම තමයි හැමදේම සර්වසම්පුර්ණ නැහැ. අලුත් දෙයක අඩුපාඩු තියෙන්න පුළුවන් (නි)

:       0       0

දර්ශන Saturday, 27 September 2014 02:15 AM

මම ඇපල් ෆෝන් විතරයි පාවිච්චි කරන්නේ (දී)

:       0       0

ජූඩි Saturday, 27 September 2014 03:36 AM

මම මේ ෆෝන් එකක් ගන්න හිටියේ හොඳ වෙලාවට මම ගත්තේ නැත්තේ මම බේරුනා.(අ)

:       0       0

විෂන් Saturday, 27 September 2014 03:43 AM

මම අාස රතු පාට ඇපල් වලට රතු පාට ෆෝන් තාම අාවේ නෑ නේද (අ)

:       0       0

කසුන් Sunday, 28 September 2014 06:16 AM

අයි ෆෝන් එකේ ලෙඩක්? ඉතින් මට ගානක්වත් නැනේ ....(දී)

:       0       0

දයා අලහකෝන් Thursday, 25 September 2014 11:18 AM

පඩිය පමාවුණ එක හොඳට ගියා. (අ)

:       0       0

ජනිත් Thursday, 25 September 2014 08:54 AM

මම ගන්න ගියේ ඒත් මට හිතුනා එපා කියලා (දී)

:       0       0

චමින්ද Thursday, 25 September 2014 09:25 AM

කිසිම දේකට හදිස්සි වෙන්න නරකයි.ටිකක් කල් අරගෙන, බලා ගෙන ඉන්න ඕනේ. (දී)

:       0       0

සලීම් අහමඩ් Thursday, 25 September 2014 10:03 AM

අපරාදේ මගේ අයි 6 එකත් දෙකට නැමුනා අපරාදේ හදිස්සි වෙලා ගත්තේ. (දී)

:       0       0

නුවන් කුමාර Thursday, 25 September 2014 10:18 AM

මම ගත්තා. අයියෝ අහුවුනා (දී)

:       0       0

අසංක උඩුගම Thursday, 25 September 2014 10:25 AM

අපරාදෙ මගෙ සල්ලි.(අ)

:       0       0

ඉසුර දසනායක Thursday, 25 September 2014 10:26 AM

වෙලාවට මම ගන්න යනකොට මේක කීවේ , . ගත්තානම් මම ඉවරයි නේ. . . .(අ)

:       0       0

ජානක Thursday, 25 September 2014 10:55 AM

අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි (දී)

:       0       0

වීරක්කොඩි Thursday, 25 September 2014 10:52 AM

නැවත සකස් කරන්න නැතිනම් මිනිස්සු කලකිරෙනවා (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 25 September 2014 10:59 AM

ඉතින් ඕක කලිසම් සාක්කුවේ නොදමා ගියාම ඉවරයි , දැනට ගත් කට්ටියට තිබෙන එකම විකල්පය , මම නම් ඇපල් වලට ආසම නැහැ , මිදී තමා ආසම පස්සේ කේජු(අ)

:       0       0

හේරත් Thursday, 25 September 2014 08:03 AM

මම හොද වෙලාවට ගත්තේ නැත්තේ (දී)

:       0       0

ධර්මසිරි Thursday, 25 September 2014 11:16 AM

දැක්ක ගමන්හිත වැටෙන ඒවා ඔහොම තමයි.(අ)

:       0       0

අනුෂ්ක Thursday, 25 September 2014 11:28 AM

බ්ලැක්බෙරි ගත්තනම් හරි.(අ)

:       0       0

රුකශාන් Thursday, 25 September 2014 11:30 AM

ඇපල් කුණු වෙනවනේ යාලු (දී)

:       0       0

සමන් Thursday, 25 September 2014 01:25 PM

අනේ මම ඔව්ව ගැන දන්නේ නැහැ මං ගාව තියෙන්නේ නොකියා 1100 එකක් ගලේ ගැහුවත් මොකුත් වෙන්නේ නැහැ.(අ)

:       0       0

සෑම් Thursday, 25 September 2014 02:41 PM

අපෝ මේක බොරු චෝදනවක්නේ මේකට කියන්නේ නම්‍යශීලි කියල මේකත් මේ අයිපෝන් 6 ප්ලස් ජංගම දුරකථනයට එකතුකරලා තියෙන පහසුකමක් දුරකථනය සාක්කුවේ දමාගෙන වාඩිවෙන්න පහසුවෙන්න (දී)

:       0       0

සංජිව Thursday, 25 September 2014 02:54 PM

යකඩ කෑලිනේ පුදුම වෙන්න දෙයක් නැහැ (දී)

:       0       0

ලක්ෂිකා Thursday, 25 September 2014 02:59 PM

අපෝ මමනම් ගන්නේ නැහැ (දී)

:       0       0

ප්‍රියන්ත Thursday, 25 September 2014 03:27 PM

ඒකත් ඉවරයි එහෙනම් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site