X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


ඇපල් ගෙඩි හදවතේ මිතුරෙකි

දිනකට ඇපල් ගෙඩියක් සිය ආහාරයට එක්කැර ගැනීමෙන් වයස අවුරුද 50 ඉක්මවූවන්ට හෘදයාබාධ හා අඝාතය වැළඳීමේ අවධානමෙන් වැළකිය හැකියැයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙති. ඔවුන් පවසන්නේ ඉංග්‍රීසි කියමනක් වන ''දිකට ඇපල් ගෙඩියක් කෑම වෛද්‍යවරයා තමන් වෙතින් ඈත්කැර තැබීමට හැකියි" යන්න සත්‍යයක් බවයි.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ  බ්‍රිතාන්‍ය හෘද පදනමේ සෞඛ්‍ය ප්‍රවර්ධන පර්යේෂණ කණ්ඩායමේ වෛද්‍ය ඇඩමි බ්‍රිජ් පවසන්නේ ඇපල් ගෙඩියක් අනුභවයට ගැනීම වැනි සරළ වෙනසක් ආහාරවේලට එක්කර ගැනීම මගින් හෘද රෝග සහ ආඝාත තත්වයන්ගෙන් වැළකී සිටිය හැකි බවයි.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ නවතම මුද්‍රණයයෙන් මේ පර්යේෂණය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කැර ඇත. ඔවුන් පවසන්නේ හෘද රෝග සහ අඝාතයෙන් බේරී සිටීමට ලක්ෂ 176 ක පමණ පිරිසක් ක්ෂණික බෙහෙත් සිය සන්තකයේ තබාගන්නා බවයි. දිනකට ඇපල් ගෙඩියකින් තුනෙන් එකක් ආහාරයට එක්කැර ගැනීමෙන් ඒ ක්ෂණික ඖෂධ වලින් වැළකී සිටිය හැකි බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. ක්ෂණික ප්‍රතිකාර ඖෂධ මගින් අතුරු අබාධ රාශියක් ඇතිවේ. එනම් මාංශ පේෂි ආබාධ සහ රෝග මෙන්ම දියවැඩියාවට ගොදුරු වීම ද සිදුවේ.

හෘදයාබාද වැළඳීමෙන් බ්‍රිතාන්‍යයේ වාර්ෂිකව මියයන සංඛයාව 9400කි. ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් එවැනි හෘදයාබාද ඇතිවීම සියයට 70න් පහළ දැමිය හැකි බව ද සොයාගෙන ඇත.

 



අදහස් (0)

ඇපල් ගෙඩි හදවතේ මිතුරෙකි

නරනප්පා Tuesday, 24 December 2013 05:10 PM

මොන පිස්සුද , ඔය කියන්නේ ඉස්සර ඇපල්, යුරෝපනු කියමනක් තියෙනවා දැන් ඇපල් කන අය රෝහලක් ගාවින් පදිංචි වෙන්න කියල ,දැන් ඇපල් මල්හට ගැන්වීමේ සිට වෙළදපොල දක්වා රසායනික වර්ග 36 බාවිතා කරනවා , (අ)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 24 December 2013 05:36 PM

හොඳ සොයාගැනීමක්.(නදී)

:       0       0

දයාරත්න අතාවුද Tuesday, 24 December 2013 05:39 PM

ලංකාවේ විකුණන ඇපල් කැවොත් ඉක්මනින්ම මැරෙන්න පුලූවනි.(නදී)

:       0       0

කුමාරි Tuesday, 24 December 2013 06:13 PM

මේක බලලා අපේ ලංකාවේ හැමෝම ඇපල් කන්න යන්න එපා. මෙහාට එන විෂ ඇපල් කාලා ඉන් පස්සේ හැදෙන ලෙඩ මොනවද කියලා හොයාගන්න බැරි වෙනවා.(නදී)

:       0       0

කුමාර් Tuesday, 24 December 2013 06:23 PM

වෙළඳ පොලේ ඇති පලතුරු වලින් වැඩිම ප්‍රමාණයක් පලිබෝධ නාශක අඩංගු පලතුරු අතර මුල් තැනක් ගන්නේ ඇපල්, ඉතින් මේ ඇපල් කෑවොත් හදවත් රෝග වලින් බේරෙන්න, අර පලිබෝධ නාශක ශරීරයේ එකතුවෙලා හැදෙන ඊට වඩා භයානක ලෙඩ ගැන මොකද ක‍රන්නේ?(නදී)

:       0       0

අසෝකා Tuesday, 24 December 2013 07:21 PM

පිටරැටියෝ කිව්වොත් අපිත් ඉස්මුදුනෙන් පිලිගන්නවා. ඇපල් කියන්නේ ඒ ඒ රටවලට ආවේනික පළතුරක්. අපේ රටේ කොයි තරම් දේවල් තියෙනවද? කීයෙන් කීදෙනාද මේ ස්වභාවික දේවල් ආහාරයට ගන්නේ. (නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:50 PM

මෙහෙට එන ඇපල් ඔය විදියට කෑවොත් , ආහාර විෂවීමකින් මැරෙන්න පුළුවන් . ඒවාට ගහන කෙමිකල් නිසා.(නදී)

:       0       0

පාල Wednesday, 25 December 2013 03:20 AM

අසෝකා... ඔයා කිව වගේ අපේ පලතුරු ගැන පරේෂණ කරන්න, බලන්න විද්‍යාඥයන් නැහැ. ඉන්න අය කරන්නේ දේශපාලකයකුට කඩේ ගිහින් උසස්වීමක් ගන්ට හදන එක. (අ)

:       0       0

රූපා Wednesday, 25 December 2013 03:24 AM

මේකත් අර ලාබෙට බෙහෙත් ඉන්දියාවෙන් පකිස්තානෙන් ගේනවා වගේ තම... දියුණු රටකින් එන ඇපල් වල රසායනික අඩුයි.හේතුව ඔවුන්ගේ ප්‍රමිතිය උසස්.එත් දැන් වෙලදපොලේ තියන ඇපල එන්නේ පකිස්තානෙන්. අර බාල බෙහෙත් වගේ තමා...(අ)

:       0       0

සුනිල් Wednesday, 25 December 2013 06:46 AM

ඇපල් කන එක අපිට නම් පසුම්බියට අහිතකරි!(අ)

:       0       0

පද්මිණි Wednesday, 25 December 2013 06:59 AM

දැන් ඉතින් අපේ රටේ ඇති ඉතා ගුණවත් පලතුර ගැන නොසිතා අධික මුදලක් ගෙවා ඇපල්ම කෑමට සිතයි. පිටරටවල මිනිසුන් ඒ රටවල කොතරම් ඇපල් තිබුනත් ඒ ඒ වාරෙදී ඇති පලතුරු භාවිතයට ගනී. අපේ මිනිසුන් කවදත් පිටරට දේ අගේ කරන අයයි. හදවතට ගුණ ඕනෑ තරම් පලතුරු සිංහලයාට සවාභාවයෙන් ලැබී ඇත.(නදී)

:       0       0

රාණි Wednesday, 25 December 2013 08:23 AM

පිටින් එන ඇපල් දොඩම් වල කිසිම ගුණයක් නැහැ කියල ඊනියා ජාතිවාදියෝ කාලයක් කිවා. එහෙම කිවේ දේශීය දේ මිල අදික වීමත් ජනප්‍රිය නොවීමත් නිසා ඇතිවෙච්ච හිතේ දුකට.(නදී)

:       0       0

ජීවන් Wednesday, 25 December 2013 09:11 AM

පද්මිණි, මොන දේශීය පලතුරද ලාබ. මන් දන්නා තරමින් නම් ඇපල් ලාබයි අඹ, මැන්ගුස්, පෙයාස්, අන්නාසි, වගේ දේවල් වලට වඩා.(නදී)

:       0       0

ශානුක ප්‍රියන්ත Wednesday, 25 December 2013 10:03 AM

බටහිරෙන් එන ඕනෑම දෙයක් බදා ගන්න අයට මේක හොද ආරංචියක්. නමුත් ඇපල් පලිබෝධ නාශක ගොඩක් අඩංගු පළතුරක්. ඊට වඩා අපේ රටේ හැදෙන ගස්ලබු, අඹ,අන්නාසි,අනෝදා වගේ පලතුරු වල පෝෂණය ඉහලයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site