ටොන් 9 ක් බරැති ට්‍රක් රථයකින් අඩි 100 ක පිම්මක් පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට විස්මිත වැඩ කිරීමේ දක්ෂයකු ලෙස නමක් දිනාගෙන සිටින ඇමරිකා ජාතික ග්‍රෙග් ජෙෆ්රි පසුගියදා සමත්විය.
මීට පෙර මේ හා සමාන බරැති ට්‍රක් රථයක් පැනීමට සමත්ව තිබූ විශාලම පිම්ම ලෙස වාර්තා වී තිබුණේ අඩි 62 කි.
වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජෙෆ්රි එතරම් දුරක් පැනගැනීමට හැකිවනු ඇතැයි තමන් කිසිසේත්ම නොසිතූ බව කීය.
පිම්ම පැනීමට ප්‍රථමයෙන් ට්‍රක් රථය පැයට සැතපුම් 70 ක පමණ වේගයකින් ධාවනය කිරීමට ජෙෆ්රි කටයුතු කළේය.විදුලි වේගයෙන් පස් වැටිය තරණය කළ ට්‍රක් රථය අඩි සියයක් දුරින් තිබූ අනෙක් පස පස් වැටිය කරා ළගාවූයේ තත්ත්පර ගණනක් ගුවනේ පාවීමෙන් අනතුරුවය.
ජෙෆ්රි මේ සමත්කම පෙන්වූයේ ඇමරිකාවේ මොන්ටානාහි පැවති විශේෂ උත්සවයක් අතරතුරදීය. මුලදී නරඹන්නන් කුල්මත් කරවීමට විනා වාර්තාවක් පිහිටුවීමට ට්‍රක් රථයක් ගුවනේ පාකිරීමට සංවිධායකයින්ගේ අදහසක් නොතිබුණත් ජෙෆ්රිගේ ඉල්ලීම මත ඔවුන් අදහස වෙනස් කරගෙන ඇති බව සදහන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමරිකා ජාතිකයා පනින්න පෙර සිතා නොබලයි
හීන් මැණිකා Tuesday, 28 July 2015 09:59 AM
භෞතික විද්‍යාව අනුව නම් මේවා මහා ලොකු වැඩ නෙමේ.(නදී)
හිරන්ත Tuesday, 28 July 2015 11:27 AM
අනේ හීන් මැනිකෝ, අප්පච්චි හේනට ගියාද ? (නදී)
අප්පු Tuesday, 28 July 2015 11:40 AM
අනේ හීන් මැණිකා එ්කෙත් හැටි නේ?(නදී)
ධනු Tuesday, 28 July 2015 11:42 AM
හීන් මැණිකා පිස්සු කියනවා (නදී)
දිසාන්ත Tuesday, 28 July 2015 12:20 PM
හීන් මැණිකව හොස්පිටල් එකෙන් හොයනවා.(නදී)
ඇසළ Tuesday, 28 July 2015 12:41 PM
ලංකාවේ ගස් බණ්ඩා කෙනෙක් ඕක පැන්න නම් හින් මැණිකේ කියයි කොහොමද ජීව විද්‍යාව කියල. (නදී)
රවින්ද්‍ර අබු ඩාබි Tuesday, 28 July 2015 12:48 PM
හීන් මැණිකෝ කහට ඩින්ගිත්ත්ක් අරන් වරෙන්කෝ මම උඹට ඔය ගැන පහදලා දෙන්නම් (නදී)
අජිත් Tuesday, 28 July 2015 12:53 PM
හීන් මැණිකත් හොඳ, හොඳ පිමි පැනපු පාටයි.(නදී)
ජයශ්‍රී Tuesday, 28 July 2015 02:41 PM
හීන් මැණිකේ,ඇඹුල ගෙනල්ලා ගොවි රාළ පැනල ගිහිල්ලා...... (බ)
හීන් මැණිකා Tuesday, 28 July 2015 04:05 PM
යන්ට අයියන්ඩිලා යන්ට. අපි මොනවා හරි කීවොත් තමයි මෙතන...හරි නරකයි (බ)
බෙනට් Tuesday, 28 July 2015 06:05 PM
එහෙනම් හින් මැණිකේ ඔය විද්‍යාවට අනුවම අපි දෙන්නත් ඔයිට වඩා දිග පිම්මක් පනිමුද බලන්න .. එතකොට ජීව විද්යාවෙන්ම ප්‍රතිපලයකුත් ලැබෙයි නේ .. මොකද කියන්නේ ? (බ)
රෝහන් Wednesday, 29 July 2015 12:36 AM
ගෑණු කටහඬට කුල්මත් වෙලා (බ)
වේළුසුමන Wednesday, 29 July 2015 07:55 AM
හැමෝම බලන්නෙ හඳ දිහා නෙවෙයි,පෙන්නන එකාගෙ ඇගිල්ල දිහා. වේළුසුමන (බ)
විද්‍යා Wednesday, 29 July 2015 03:30 PM
හීන් මැණිකේ ඔයාට මේ වගේ දැනුමක් ඇති එක ගැන මම සතුටුවෙනවා. ඔය කොලොප්පම් කරන අයට එම දැනුම නෑ (නදී)
ධනීෂා Thursday, 30 July 2015 07:32 AM
දැන් බලනකොට හීන් මණික ගේ ප්‍රකාශය තමය ජනප්‍රිය වෙලා තියෙන්නේ . ට්‍රක් එකේ පිම්ම ගැන කව්රුවත් කතා නෑ.(නදී)