තම රටේ ඇමරිකාවේ යුද හමුදා කඳවුරු පහක් පිහිටුවීම සඳහා අවසර ලබාදීමට පිලිපීන රජය කැමැත්ත පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
දෙරට අතර පසුගිය වසරේ ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම අනුව මෙම තීරණය ගෙන ඇති බව ඇමරිකා නියෝජ්‍ය සහකාර ලේකම් එමී සීරයිට් කියයි.
මේ සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීම සඳහා ඇමරිකා රාජ්‍ය ලේකම් ඈෂ් කාටර් ලබන මස පිලිපීන සංචාරයකටද එක්වීමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමරිකා හමුදාව පිලිපීනයටත්
සිරිණි Monday, 21 March 2016 10:17 AM
චීනය දිහා බලාගෙන ඉන්නද පිලිපීනයේ කදවුරු ගහන්නේ. (අ)
අනුර Monday, 21 March 2016 02:13 PM
පිලිපීනය විනාශකළේ ඇමරිකන් හමුදාව බැහැලා. අදටත් ඒ රටට නැගිටින්න බැරිවෙන්න වැඩේ කරලා ගියේ. මාකෝස් ජනාධිපති ඇවිල්ලා තමයි එලවලා දැම්මේ. දැන් අායෙත් ගෙන්නාගන්නවා. විනාශයි රටම. (නි)
කුමාර් Tuesday, 22 March 2016 12:05 PM
අනුර, මෝඩ කමට බෙහෙත් නෑ, පිලිපීනය ස්පාන්න්ය වරුන්ගෙන් ගලවලා ප්‍රජාතාන්ත්‍රික ආන්න්දුවක් හැදුවේ කවුද ? දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකානු ජීවිත දස දහසකට වඩා පුජාකරලා පිලිපීනය බේරාගත්තේ කවුද? පිලිපීනෙට මුල මතක නැතිවෙලා ඇමෙරිකාව එලවාගත්තා, දැන් චීනෙට බයේ ආයේ ආරාධනා කරනවා. ඊට අමතරව පිලිපීන ජාතිකයෝ මිලියනයකට වඩා ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ඉන්නවා. අනුර කතානරන්නේ මෝඩ කොමුනිස්ට් කාරයෝ කතාකරනවා වාගෙයි.(හේ)
කරුණාරත්න Tuesday, 22 March 2016 12:44 PM
පිලිපිනයත් ඇමරිකාවටම යයි වගේ.(හේ)
බමුණු ආරච්චි Tuesday, 22 March 2016 12:51 PM
කුමාර්, අනුර, දැනගෙන කතා කරනවා නොවෙයි. මම පිලිපීන ජාතිකයින් අවුරුදු 10 වැඩිය ආශ්‍රය කළා. ඔවුන් අැමරිකානුවන්ට දක්වන්නේ පුදුම කැමැත්තක්. කොටින්ම ඔවුන් සිතන්නේ ඔවුනුත් ඇමෙරිකන් කියලා. (නි)
රමණි Tuesday, 22 March 2016 12:56 PM
මේ ගැන අපේ රජයේ අදහස මොකක්ද දන්නෙ නැහැ (නි)
ඇන්ටන් Tuesday, 22 March 2016 08:36 PM
කුමාර්, ඔබගේ කතාව හරි. (නි)
නිපුන Wednesday, 23 March 2016 06:51 AM
අනුර දන්නා දෙයක් කතා කරන්න... ඇමරිකාව සමග සම්බන්ධතා පටන්ගන්න කලින් පිලිපීනය යනු මාකෝස් නමැති ඒකාධිපතියා පාලනය කරන මුඩුක්කුවක්.. අද එය ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රටවලින් එකක්..(බ)
නවුෂි Wednesday, 23 March 2016 08:01 AM
ඇමරිකාවට බැන බැන ඇමෙරිකන් පුරවැසි භාවය අගය කරන දෙපිට කාට්ටු දේශපාලුවන් අපේ රටේ අනන්ත ඉන්නවා (බ)