ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔලැන්ඩෝහි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 50 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.
සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස 52ක් පමණ වෙතැයි කියති. මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද ගෘහස්ත සිදුවීමක්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ පවත්වන බව එෆ්බීඅයි ප්‍රකාශකයකු පවසයි.
වෙඩි තැබූ පුද්ගලයාද මිය ගොස් ඇති බවත් ඔහු මිය ගියේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් තවමත් ලැබී නැති බව ඇමරිකා ආරක්ෂක අංශ කියයි.
පසුගියදා ඇමරිකා ජනප්‍රිය ගායිකාවක වන ක්‍රිස්ටිනා ග්රීමිට වෙඩි තබා ඝාතනය කෙරුණේද ඔලැන්ඩෝ ප්‍රදේශයේදීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමරිකාවේ සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 50ක් මරුට
වෙල්ගම Sunday, 12 June 2016 05:58 PM
වෙඩි තැබීම කර ඇත්තේ කවුරු වුණත් මෙය මහා අපරාධයක් (නි)
පිටිගල මිලානෝ Sunday, 12 June 2016 08:43 PM
පාසල් වල, විද්‍යායතන වල, වෙළඳ සංකීර්ණ වල නිතරම මෙවැනි වෙඩිතැබීම් සිදුවී බොහෝ දෙනා ජීවිතක්ෂයට පත්වන ඇමරිකාව ජීවත්වීමට ලොව භයානකම රටකි. ඉතාලිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය වැනි රටවල් ඉතාමත්ම ආරක්ෂිත වන අතර මහජන සුභසාධනය උදෙසා ආණ්ඩුව විශාල පිරිවැයක් දරනවා. (නි)
වරුණ Sunday, 12 June 2016 10:26 PM
මුළු ලොවම විනාශ කරන ඔබ, දැන්වත් මෙය නවත්වන්න. අපි හැමෝටම මෙම ලොව ප්‍රශ්න නැතුව ඉන්න දෙන්න. මිනිසා ජීවත්වන්නේ ඉතා සුළු කාලයකි. (නි)
සුපුන් Sunday, 12 June 2016 10:27 PM
අයිඑස්කාරයෝ කළා කියලා නේද බොහෝදුරට ප්‍රචාරය ගිහින් තියෙන්නේ.... (නි)
චානක ලොස් ඇන්ජලීස් Monday, 13 June 2016 05:43 AM
මිලානෝ දන්නා දෙයක් කතා කරන්න, මම ඇමරිකාවේ අවුරුදු 20 ඉන්නවා, මේක ලෝකේ ආරක්ෂිතම රටක්.. මේ අපරාධය කළේ අයි.එස් ත්‍රස්තයෙක්. ත්‍රස්ත ප්‍රහාර ලෝකේ කොතනත් සිදුවිය හැකියි (බ)
මෙන්ඩිස් Monday, 13 June 2016 07:02 AM
අයිඑස් අයිඑස් මෙය කල බව නිවේදනය කර තිබෙනවා. අයිඑස් අයිඑස් විනාශ කෙරීමට ඇමෙරිකානුවන්ට නොහැකිවීම ඔවුන්ගේ ලොකුම පරාජය වේ.(හේ)
අජිත් Monday, 13 June 2016 08:36 AM
අපේ හමුදාව යැව්වා නම් ඔය අයි අයි එස් නෑ.(හේ)
දුමින්ද Monday, 13 June 2016 10:18 AM
30 වසරක මතක අමතකද (බ)
පිටිගල මිලානෝ Monday, 13 June 2016 01:56 PM
චානක, ඔබේ අදහසට අනුව ත්‍රස්ත ප්‍රහාර සිදුවන්නේනම් එම රට ආරක්ෂිත බවද ඔබ කියන්නේ? මීට පෙර පාසල්වල, විශ්ව විද්‍යාලවල සහ සුපර්මාර්කට් සංකීර්ණ වල සිදුවුන සමුහ වෙඩි ඝාතනත් ඔබට සාමාන්‍ය නොගිනිය හැකි දේවල්ද? මහා දවල් හතරවටේට නිතර වෙඩි තැබෙන මෙවන් රටක් ආරක්ෂිතද? (ර)
ලේක්කෝ ගලබඩ Monday, 13 June 2016 02:02 PM
ෆ්ලොරිඩාහි ඔර්ලන්දෝ වල වේදිකාවක නිදහසේ ගී ගැයූ ක්‍රිස්ටිනා ග්රිමී අහිංසක ගායිකාවට වෙඩි තබන රටක් වන ඇමරිකාවේ මිනිස්සු රැයකට කෙසේ වෙතත් දවාලටවත් පාරට බහින්නේ කොහොමද? ඉතාලියේ රාත්‍රී දොළහට වුනත් ගැහැණු ළමයකුට බය නැතුව පාරේ යන්න පුළුවන්. (ර)
රිචි බාලසුරිය Monday, 13 June 2016 05:19 PM
ලේක්කෝ ගලබඩ ඉතාලිය සහ ඇමරිකාව සමාන කරන්න බැහැ, ඉතාලිය කියන්නේ ඇමරිකාවේ තිබෙන කුඩාම ප්‍රාන්තයටත් වඩා කුඩා රටක් , අනික අපි නොදන්නා ඉතාලිය . (ර)
චානක ලොස් ඇන්ජලිස් Monday, 13 June 2016 06:46 PM
ගලබඩ හෝ මිලානෝ, ඇමරිකාවට ගිහින් තියෙනවාද? ඔබ ඇමරිකාව කියා ගිය හතරවටේටම වෙඩි තබන, කාන්තාවන් පාරට නොබසින රට ඉරාකය වෙන්න ඇති. ඇමරිකාවේ නම් කාන්තාවන් රෑට ඕනෑතරම් රැකියා සඳහා යනවා. අපි නොදන්නා අපරාධ නැති ඉතාලිය. (නි)
ෆාරිස් Tuesday, 14 June 2016 09:15 AM
තමන් වැපිරූ බීජ වල පල තමන්ම නෙලා ගැනීම. (අ)
දසුන් Tuesday, 14 June 2016 09:29 PM
ඇමෙරිකාවේ ජනගහණය මිලියන 319යි. ඉතාලියේ මිලියන 60 ට ටිකක් අඩුයි. මේ ධර්මද්වීපයේ මිලයන 20 ක් පමණ වේ. රටවල් වල අපරාධ සසඳනවිට ජනග්රහණයද සළකා බලන්න. ඇමෙරිකාවේ වෙඩි තබනවිට කුහක සතුටක් නොලබන්න. කොහේ සිටින්නේත් මිනිසුන්ය (නි)