ඇමෙරිකාවේ අයවැය අර්බුදයට හේතුවක් වූ තම සෞඛ්‍ය ආරක්ෂක පනත ගැන ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා පෙරේදා (21) ධවල මන්දිරයේ දී විශේෂ දේශනයක් පැවැත්වීය.
දේශනය පැවැත් වෙද්දී, ඊට සම්බන්ධ වී සිටි ගැබිනි මවක සිහිසුන්ව ඇද වැටීමට ගිය අවස්ථාවේදී, ජනපති ඔබාමා වහා කි‍්‍රයාත්මක වී ඇය අල්ලා ගත්තේය. ඔබාමා ඇය අල්ලා නොගත්තේ නම් ඇය ඇද වැටීමට ද ඉඩ තිබුණි.
සිහිසුන්ව ඇද වැටීමට ගියේ සැන් ඩියේගෝහි පදිංචි කාමෙල් ඇලිසන් නම් කාන්තාවය. ඇය දියවැඩියා රෝගියෙක් ද වෙයි.
ඒ නිසා ඇමෙරිකාවේ දැනට කි‍්‍රයාත්මක වෛද්‍ය ක‍්‍රමය යටතේ ඇයට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම දුෂ්කරය. කෙසේ නමුත් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනත යටතේ ඇයට ද සෞඛ්‍ය රක්ෂණයක් ලැබී ඇත. ඇය දේශනයට එක් වී සිටියේ ඔබාමාට ඇගේ කෘතඥතාව පළ කිරීමට යැයි ද ඇමෙරිකන් පුවත් සේවා කියා සිටියේය.
කාමෙල් ඇලිසන් අල්ලා ගත් අවස්ථාවේදී ඔබාමා රැස්ව සිටි පිරිසට කීවේ, තම දේශන දිග වැඩි බවත් බොහෝ දෙනා ඒවා අසා සිටීමෙන් සිහිසුන් වන බවත්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකා ජනපති ඔබාමා සිහිසුන් වූ ගැබිනි මව අල්ලා ගනී
කමල් Wednesday, 23 October 2013 02:14 PM
මේකේ ලියන අයට අමු කැවිලා වගේ. මේ පින්තූරය අරගතේ ඊට පස්සේ. (ස)
වින් Friday, 25 October 2013 10:02 PM
ඔබාමා ගැබිනිය දිහයි බලන් ඉඳල තියෙන්නෙ.(අ)
ලලිත් Thursday, 24 October 2013 12:27 AM
ලංකාවෙත් දේශපාලකතුමාලගේ උත්සව වලට ගෙන්වන පාසල් ළමයි කොයිතරම් ඔය විදියට සිහිනැතිව වැටෙනවද? (නි)
එදිරිසිංහ ඉන්දික Wednesday, 23 October 2013 11:28 PM
ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්න බැහැ (නි)
දේවී Wednesday, 23 October 2013 10:11 PM
මටත් පුදුමේ කියන්නේ මට අර මූණු සයයි,අත් දොලසයි කතාව මතක් වෙනවා . වටේ ඉන්න අයට කිසිම ගානක් නැහැ . ඔබාමාගේ ඇස ට විතරක් මේක අහු උනේ කොහොමද?(දිල්)
තිලක්-ඩුබායි Wednesday, 23 October 2013 05:59 PM
ඉස්සරහට තව තව අය සිහිසුන් වෙයි ඔය විදිහට ලෝකෙන්ම ණය ගන්න ගියාම. (නි)
දුමිත් Wednesday, 23 October 2013 05:27 PM
කොහොමහරි ඔබාමා කරන්න යන්නේ රට වෙනුවෙන් හොද දෙයක්. (නි)
ද සිල්වා Wednesday, 23 October 2013 05:07 PM
පනත සම්මත කරගන්න බැරි පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසානේ ? ඔච්චර දඟලන්න අවශ්‍ය නැහැ. අපි කියලා දෙන්නම් කරන්න අවශ්‍ය දේ (නි)
නිශාර්ඩ් Wednesday, 23 October 2013 04:55 PM
වටේටම ඉන්න කට්ටියගෙ හැසිරීම් රටාව දැක්කහම මට හිතෙනවා ඔබාමා කතා කරන අවස්ථාවන් වල මිනිස්සු ක්ලාන්තය හැදිලා වැටෙන එක සාමාන්‍ය සහ බොහොම සුලබව සිදුවෙන දෙයක් හැටියට. (ස)
විරාජ් කාලිංග Wednesday, 23 October 2013 04:23 PM
අපෙන් ඉගෙන ගත්තු ඒවා තමයි ඔය. (ස)
දර්ශන් Wednesday, 23 October 2013 03:08 PM
දේශපාලනය කරන්න විවිධ හැකියාවන් තිබිය යුතුයි. විශේෂ හැකියාව තමා රඟපෑමේ හැකියාව.එම නිසා විශාල නළු නිලියන් දේශපාලනයට සම්බන්ධ වන්නේ. (ස)
කුමාරි Wednesday, 23 October 2013 10:27 AM
ඔබාමා මහත්තයාගේ ළඟින්මනේ මෙයා ඉඳලා තියෙන්නේ. නිකන් සුදානම් කල වැඩක් වගෙයි. (ස)
ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 23 October 2013 12:56 PM
2014 දී අපේ අයවැය වාර්තාව කියවනවිටත් ගැබිණි මවුවරුන් හා සංවේදී අය එය නැරඹීමෙන් වැළකීම ශරීර සෞඛ්‍යයට හිතකරයි කියා සිතමි. (නි)
මොහාන් Wednesday, 23 October 2013 12:38 PM
ඕනෑම සාර්ථක මිනිසෙකු පිටුපස ගැබිණි මාතාවක් ඉන්නවා කියලා දැන් වෙනස් කරන්න වෙයිද මන්දා ඒ කියමන? (නි)
ජනා Wednesday, 23 October 2013 11:59 AM
ඔබාමා පට්ට නළුවෙක් වගේ. (ස)
සුගත් Wednesday, 23 October 2013 11:47 AM
ඉදිරිය බලාගෙන කතා කරන ඔබාමා කෙසේද පිටුපස සිටින ගැබිනිය සිහිසුන් වෙනවා දැක්කේ .....? (ස)
සම්පත් Wednesday, 23 October 2013 11:34 AM
ඔබාමා ආපස්සටත් හැරිලා කාන්තාව අල්ලා ගනිද්දි ලඟම ඉන්න කෙනා අත් දෙකත් බැඳන් බලන් ඉන්නවා .... පිටුපස පෝලිමත් එසේම තමයි. . . . අර වයසක ගෑණු කෙනා විතරයි හැරිලවත් බලන්නේ .... අනේ මන්දා මිනිස්සු .... (ස)
දයා අලහකෝන් Wednesday, 23 October 2013 11:28 AM
මෙතන අපැහැදිලි ඝට්ටනයක් තිබෙනවා වගෙයි මටත් පෙනෙන්නෙ. (ස)
ඉන්දික Wednesday, 23 October 2013 11:27 AM
කුමාරි, මටත් ඕක හිතුනා. අපෙන් ඉගෙන ගෙනද කොහෙද? දේශනය තිබ්බේ ඒ ගැණු කෙනා ළඟ හිටගෙනද ? (ස)
කැලුම් Wednesday, 23 October 2013 11:25 AM
මේකත් ලංකාවේ වැඩක් වගේමයි. (ස)
නිමල් Wednesday, 23 October 2013 11:24 AM
කලින් සුදානම් කරලා කරපු වැඩක් තමයි මේක. ඉස්සරහට තව තව අය සිහිසුන් වෙයි ඔය විදිහට ලොකෙන්ම ණයට අරන් කන්න ගියාම. (ස)