ඇමෙරිකා හමුදා යේමන ආරක්ෂක අංශ සමඟ එක් වී, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් අල් කයිඩා සටන්කාමීහු 6 දෙනෙක් ඊයේ (24) ජීවිතක්ෂයට පත්වූහ.
යේමනයේ කි‍්‍රයාත්මක වන්නේ උතුරු අපි‍්‍රකාවේ අල් කයිඩා සටන්කාමීන්ය. ඔවුන් ප‍්‍රධාන අල් කයිඩාවේ ශාඛාවක් නමුත් ප‍්‍රධාන අල් කයිඩාව සේම බලවත්ය.
පසුගියදා ඇල්ජීරියාවේ බලශක්ති බලාගාරයට පහර දී, එහි සිටි සේවකයන් ප‍්‍රාණ ඇපයට ගත්තේත් මාලි රාජ්‍යයේ ප‍්‍රදේශ රැසක් අත්පත් කරගෙන සිටින්නේත් උතුරු අපි‍්‍රකානු අල් කයිඩා සටන්කාමීන්ය.
එම සටන්කාමීන් යේමන රජයට හිසරදයක් වූයේ 2011 වසරේ සිටය. මේ වනවිට උතුරුදිග යේමනයේ පළාත් රැසක් අල්ලාගෙන සිටින ඔවුහු නිරන්තරයෙන් රජයේ හමුදා සමඟ ගැටෙති.
සටන්කාමීන් සමඟ සටන් කිරීමට ඇමෙරිකා හමුදා නිලධාරීන් අතළොස්සක් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් යේමනයට පැමිණ යේමන රජය සහ එරට හමුදාවට සහාය දෙන බව වාර්තා වේ.
ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකා හමුදාව අල්කයිඩා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඉකුත් ඉරිදා සිට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරයි. ඊයේ දිනය වනවිට සටන්කාමීන් 20 දෙනකු ප‍්‍රහාරවලින් මියගොස් සිටි බව විදෙස් පුවත් සේවා පවසයි.
ඊයේ එම ප‍්‍රහාරය සිදුවූයේ සානා නුවරට නුදුරිනි. සටන්කාමීන් කැබ් රියක නැගී ගමන් කරමින් සිටිද්දී ඩ්‍රෝන යානයේ මිසයිල ප‍්‍රහාරයට හසුවිය.
තම සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප‍්‍රහාරවලට විරෝධය පළ කරමින්, අල් කයිඩාව පවසා ඇත්තේ යේමනයේ සිටින ඇමෙරිකා තානාපතිවරයා හෝ එරට සිටින ඇමෙරිකා හමුදා සෙබළකු හෝ මරා දමන අයකුට, මුදල් තෑගි පිරිනැමීමට සූදානම් බවය. අල් කයිඩාව ඒ බව කියා සිටියේ මේ වසර මුලදීය. යේමනයේ ඇමෙරිකා තානාපති ජෙරල්ඞ් ෆියෙස්ටීන් මරා දමන අයකුට ඩොලර් 1,60,000 ක් ද සාමාන්‍ය ඇමෙරිකානු සෙබළකු මරා දමන අයකුට ඇමෙරිකන් ඩොලර් 23,000 ක මුදලක් ද පිරිනැමීමට අල් කයිඩාව සූදානම් වෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකා ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් යේමන අල් කයිඩාවේ 6 ක් මරුට