‘හකානී’ සටන්කාමීන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය, දුරදිග යෑමට ඉඩ නොදී සාමකාමීව විසඳා ගැනීමට ඇමෙරිකාවත් පාකිස්තානයත් සහයෝගයෙන් කටයුතු කළ යුතු යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අවධාරණය කරයි. ඇමෙරිකා/පාකිස්තාන මිත‍්‍රත්වය යළිත් වරක් පළුඳු වූයේ පාකිස්තානයේ කි‍්‍රයාත්මක ‘හකානී’ සටන්කාමීන්ට පාකිස්තාන රජයේ සහ බුද්ධි අංශවල සහාය ලැබෙන බවට ඇමෙරිකා හමුදා මාණ්ඩලීක ප‍්‍රධානී අද්මිරාල් මයික් මූලන් චෝදනා එල්ල කිරීමත් සමඟය. එම චෝදනා මේ වනවිට ඔප්පු වී ඇතැයි ඇමෙරිකාව පවසයි. කෙසේ නමුත් පාකිස්තාන රජය කියා සිටින්නේ කිසිම අවස්ථාවක ඉස්ලාමීය සටන්කාමීන්ට උඩගෙඩි නොදෙන බවය. ‘හකානී’ සටන්කාමී ජාලය, ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම් යැයි ද ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වැඩිදුරටත් කියා සිටියි. හකානී ජාලයේ කටයුතු ගැන සොයා බැලීමට ඇමෙරිකාව පාකිස්තාන රජයෙන් කළ ඉල්ලීම පාකිස්තානය ප‍්‍රතික්ෂේප කිරීම නිසා දෙරටේ හොඳහිත පළුදු වී තිබේ. සහාය නොදක්වන්නේ නම් පාකිස්තානයට එරෙහිව යුදමය කි‍්‍රයා මාර්ගයක් ගන්නා බව ඇමෙරිකාව ප‍්‍රකාශ කිරීමත් සමඟ පාකිස්තාන රජය, ඇමෙරිකාවේ සිටින තම තානාපතිවරයා ද යළි ගෙන්වා ගැනීමට තීරණය කළේය. හකානී යනු අල් කයිඩාවට හිතවත් පාකිස්තානයේ කි‍්‍රයාත්මක සටන්කාමී සංවිධානයකි. ඉකුත් 13 වැනිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දීම පසුපස ‘හකානී’ සටන්කාමීන් සිටින බව ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකා හමුදා මාණ්ඩලීක ප‍්‍රධානී අද්මිරාල් මයික් මූලන් ද පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇත්තේ හකානී සටන්කාමී ජාලය සමඟ සම්බන්ධකම් තිබේ නම් ඒවා වහාම නවත්වන ලෙසටත් හකානී සටන්කාමීන්ගේ කටයුතු ගැන සොයා බලන ලෙසටත්ය. චීනයට සහ රුසියාවට මායිම්ව පිහිටි පාකිස්තානයට එරෙහිව ඇමෙරිකාව යුදමය කි‍්‍රයා මාර්ගයකට එළැඹුණහොත්, චීනයත් රුසියාවත් පාකිස්තානයට සහාය ලබා දෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. චීන රජය මේ වනවිටත් ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ පාකිස්තානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින ලෙසටය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකා-පාකිස්තාන ගැටලූ සාමකාමීව විසඳා ගනිමු
උදයංග Monday, 03 October 2011 08:32 AM
ඇමෙරිකාව පාකිස්තනයෙන්වත් මට්ටු වේවිද?