නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් යේමන අල් කයිඩා සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයකු මරා දැමීමට ඇමෙරිකා හමුදාව ඊයේ (7) සමත් විය. මරා දැමුණු ෆාද් අල් කූසෝ (37) අල් කයිඩා සංවිධානයේ ජ්‍යේෂ්ඨ නායකයෙකි. ඇමෙරිකා හමුදාව, ඔහු සොයා ඝාතන මෙහෙයුම ඇරැඹුවේ, යේමන ආරක්ෂක අංශ සමඟ එක්වෙමිනි. ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු පාදක කර ගනිමින් මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අල් කූසෝ, ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන්, තවත් අල් කයිඩා ජ්‍යේෂ්ඨ සාමාජිකයකු ද ජීවිතක්ෂයට පත් වී ඇතැයි යේමන රජය පවසයි. යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයට එරෙහි සටනේදී යේමන රජයට සහ ආරක්ෂක අංශවලට සහාය ලබා දෙන්නේ ඇමෙරිකාවය. 2000 වසරේදී, යේමන්යේ ඒඩන් වරායේ නැංගුරම් ලා තිබියදී ඇමෙරිකා නාවික හමුදාවට අයත්, යූ.එස්.එස්. කෝල් යුද නැවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළේ ද අල් කූසෝය. එම ප‍්‍රහාරයෙන් ඇමෙරිකා නාවික සෙබළුන් 17 දෙනකු මියගිය අතර, 39 දෙනෙක් තුවාල ලැබූහ. එම ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂණ ආයතනයේ ප‍්‍රධාන පෙළේ අපරාධකරුවන් අතරට ෆාද් අල් කූසෝගේ නම ද එක් කෙරුණි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, 37 හැවිරිදි ෆාද් අල් කූසෝගේ නම ලෝකයේ වඩාත් බිහිසුණු ත‍්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ද එක් කර තිබුණි. ඔහු මරා හෝ පණ පිටින් හෝ අල්ලා දෙන්නේ නම් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදල් තෑග්ගක් පිරිනමන බවට ද ඇමෙරිකාව ප‍්‍රකාශ කර තිබුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකා ප‍්‍රහාරයෙන් යේමනයේ අල් කයිඩා නායකයෙක් මියයයි
නසාර් Tuesday, 08 May 2012 01:02 PM
නායකයන් පෙලක් ඉන්නවා. ඇමරිකාවට කාලාන්තරයක් යයි.
අලිබබා Tuesday, 08 May 2012 07:57 PM
මෙ ඇමරිකාවෙන් මරණයට පත්කරන හැමෝම නායකයෝ. සේවකයෝ නැද්ද ඔතන?
watti Wednesday, 09 May 2012 08:10 AM
කවුද දන්නේ ඇමෙරිකාව කියන්නේ ඇත්තද කියලා.