චීනයේ සංචාරයකට පැමිණි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැක් ලිව් ඊයේ (19) එරට නව ජනාධිපති සී ජිංපිං හමුවී සාකච්ඡා පැවැත්වීය.
දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් එම සාකච්ඡුා පැවැත් වූ බව විදෙස් පුවත් සේවා පවසයි.
ලෝකයේ ආර්ථික බලවතුන් දෙදෙනා වන ඇමෙරිකාවත් චීනයත් අතර සබඳතා ශක්තිමත් කිරීම දෙරටේ මිතුදම් වර්ධනය කර ගැනීමට ඉවහල් වනු ඇතැයි භාණ්ඩාගාරික ලේකම් ජැක් ලිව් නව ජනපතිවරයාට පැවැසූ බවත් නව ජනපති ජිංපිං එය අනුමත කළ බවත් විදෙස් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටියේය.
ආසියාවේ බලවතා වන චීනය ඇමෙරිකාවට අංශ ගණනාවකින් අභියෝගයක් වී ඇත. ආසියාවේ තම බලය ව්‍යාප්ත කර ගැනීමට ඇමෙරිකාව උත්සහ ගන්නා අතර චීනයෙන් ඊට බාධා එල්ල වේ. පසුගියදා ඇමෙරිකාව චෝදනා කළේ ඔවුන්ට එල්ල වූ පරිගණක සයිබර් ප්‍රහාර පසුපස චීනය සිටින බවය.
මීට මාස හතරකට පෙර චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායකයා ලෙස තේරී පත් වී ජිංපිං ජනපති ධුරයට පත් වූයේ ඉකුත් 14 වැනිදාය. චීනයේ ජනපති ධුරයට පත්වන්නේ එරට කොමියුනිස්ට් පක්ෂයේ නායකයාය.
එම අවස්ථාවේදී ඔහුට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ද සුබ පැතුවේය. ඔබාමා කියා සිටියේ චීනයේ නව නායකත්වය සමඟ සුහදත්වයෙන් කටයුතු කිරීමට ඇමෙරිකාව බලාපොරොත්තු වන බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් චීනයේ නව ජනපති හමුවෙයි