X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


ඇමෙරිකා යානය බිම හෙලීම ඉරාන ඉන්ජිනේරු දස්කමක්

ඔත්තු බැලීම සඳහා ඉරාන ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වූ ඇමෙරිකන් ඩ්‍රෝන යානාව අල්ලා ගැනීමට හැකිවූයේ ඉරාන හමුදා ඉන්ජිනේරුවන්ගේ දස්කමින් යැයි ඉරාන රජය පවසයි. ආර්.කියු. 170 සෙන්ටිනල් වර්ගයේ නියමුවන් රහිත එම ඩ්‍රෝන යානාය ඉරාන හමුදාව අතට පත්වූයේ ඉකුත් පස් වැනිදාය. ඇමෙරිකාව, ආර්.කියු. 170 සෙන්ටිනල් යානා භාවිතා කරන්නේ ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහාය. යානය බිම හෙලීමට තමන් සමත් වූ බව ඉරාන හමුදාව ප‍්‍රකාශ කළ අවස්ථාවේදී ඇමෙරිකාව ඒ ගැන මුනිවත රැක්කේය.  ඉකුත් අට වැනිදා ඉරාන හමුදාව එම යානය ඉරාන මාධ්‍ය ඔස්සේ ලොවට ප‍්‍රදර්ශනය කළේය.  එම අවස්ථාවේදී ඇමෙරිකා රජය ප‍්‍රකාශ කළේ ඉරාන/ඇෆ්ගනිස්තාන දේශසීමාවේදී සෙන්ටිනල් යානයක් තම පාලනයෙන් ගිලිහී අතුරුදන් වූ බවය. මීටර් 27 ක් දිග, මීටර් 2 ක් උසැති, ඉතා ඉහළ අහසේ රේඩාර්වලට හසුනොවී පියාසර කළහැකි එම යානය බිම හෙලීමට ඉරානය සමත් වූයේ කෙසේදැයි තවමත් අබිරහසකි. කෙසේ නමුත් ඉරානය පවසන්නේ යානය ඇමෙරිකන් පාලනයෙන් තමන් අතට ගෙන, බිමට පතිත කර ගැනීමට හැකිවූයේ ඉරාන හමුදා ඉන්ජිනේරුවන්ගේ දස්කමින් බවය. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමෙරිකා රජය පවසන්නේ දුරස්ථ පාලක මගින් කි‍්‍රයාත්මක ඩ්‍රෝන යානාව ඉරාන හමුදාව අතට පත්වූයේ එම යානය මෙහෙයවූ නියමුවා අතින් සිදුවූ අත්වැරදීමක් නිසා  බවය. සිදුකළ විශේෂ පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති බව ද ඇමෙරිකා රජය අවධාරණය කරයි. යානය ආපසු බාර දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඉරාන රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඉරානය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත.



අදහස් (0)

ඇමෙරිකා යානය බිම හෙලීම ඉරාන ඉන්ජිනේරු දස්කමක්

saas Thursday, 22 December 2011 09:15 AM

ඔබාමා අනාගෙන වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site