කාම්බෝජයේ පැවැත්වෙන නැගෙනහිර ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘ආසියාන්’ සමුළුවට සමගාමීව මියන්මාර ජනපති ත්වෙන් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අතර විශේෂ හමුවක් ඊයේ (13) පැවැත්විණි. එම හමුව පැවැත්වූයේ කාම්බෝජයේ සංචාරක පුරවරය ලෙස සැළකෙන සියෙම් රීප් නුවරදීය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එය දෙරටටම ඉතා වැදගත් රාජ්‍යතාන්ති‍්‍රක හමුවක් වූ බවය. හමුව පැවැත්වූයේ ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා මියන්මාරයට නව ඇමෙරිකා තානාපතිවරයකු පත් කර එවීමත්, මියන්මාරයට එරෙහිව පනවා තිබූ ආර්ථික සහ වෙළෙඳ සම්බාධක තව තවත් ලිහිල් කිරීමත් සමඟය. මියන්මාරයට ඇමෙරිකාවෙන් තානාපතිවරයකු පත් කෙරුණේ වසර 22 කට පසුවය. මියන්මාරයේ තනාපති ලෙස පත්වූයේ ආසියා පැසිෆික් කලාපීය කටයුතු සම්බන්ධ ඇමෙරිකානු විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කළ ඩෙරික් මිචෙල්ය. ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කළ නිසා ඇමෙරිකා සමාගම්වලට මියන්මාරය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ඉඩ සැලැසී තිබේ. මියන්මාරයේ දළදඩු හමුදා පාලනයක් පැවැති සමයේදී ඇමෙරිකාව මියන්මාරය සමඟ රාජතාන්ති‍්‍රක සම්බන්ධකම් අත් හැරියේය. මියන්මාරයේ හමුදා පාලනය අවසන් වීමෙන් පසු වර්තමානයේ පවතින්නේ සිවිල් රජයකි. එම සිවිල් රජය දේශපාලන ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දී ඇති අතර ඒවා ඇමෙරිකාවේ පැසැසුමට ලක් වී ඇත. මියන්මාරයට එරෙහි සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇත්තේ එහෙයිනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මියන්මාර ජනපති හමුවෙයි