X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


ඇමෙරිකානු අයවැය අර්බුදය දුරදිග යයි

 

 ජනපති ඔබාමා

 

ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර මත ගැටුම් හේතුවෙන්, රජයේ අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීම නිසා හටගත් අර්බුදය, තව තවත් දිග්ගැස්සෙනු ඇතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ බිය පළ කරති.

අය වැය සම්මත කරගැනීමට නොහැකිව පෙරේදා (1) සිට ඇමෙරිකාවේ මූල්‍ය කටයුතු අඩපණ වූ අතර, රාජ්‍ය ආයතනවලින් කොටසක් වසා දැමීම ට ද සිදු වී ඇත.

ඇමෙරිකාව පසුගිය කාලයේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර, එයින් ගොඩ ඒමට ඔවුන් සමත් විය. කෙසේ නමුත් මෙම නව අර්බුදය මුල්කර ගනිමින්, යළිත් වරක් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතිනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර මත ගැටුමක් නිර්මාණය වූයේ, ජනපති බැරැක් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනත මුල්කොට ගනිමිනි. ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් කියා සිටින්නේ, එම පනත සංශෝධනය විය යුතු බවය.

ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩල බහුතර බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂයට නොව ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයටය.

ඇමෙරිකාවේ මූල්‍ය කටයුතු මේ අයුරින් අඩපණ වූයේ වසර 17 කට පමණ පසුවය. මීට පෙර ඇමෙරිකාව මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නේ 1995 වසරේදීය. අයවැය සම්මත කිරීම කල් දැමීම හේතුවෙන් ඇමෙරිකානුවන් ලක්ෂ 7 කට වැඩි පිරිසකට වැටුප් ගෙවීමේ දී ගැටලූ මතු වී තිබෙන බව ද පැවැසෙයි.

සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනිදා වන විට ඇමෙරිකාවේ වාර්ෂික අයවැය සම්මත කර ගත යුතුව ඇති අතර, එසේ නොකළහොත් ස්වංකී‍්‍රයව රජයේ අත්‍යාවශ්‍ය නොවන සේවා ආයතන වසා දැමීම සිදුවෙයි. එම ආයතනවල සේවක සේවිකාවක්ට වැටුප් රහිත නිවාඩු හිමිවෙයි.

පෙරේදා සිට එසේ වසා දැමුණු ආයතන වන්නේ, ඇමෙරිකානු රජය යටතේ පවතින උද්‍යාන මෙන්ම වෙළෙඳ සහ මූල්‍ය ආයතනය. ආරක්ෂක සේවා සහ සෞඛ්‍ය සේවා ආදී අත්‍යාවශ්‍ය සේවා දිගටම කි‍්‍රයාත්මක වෙයි. අර්බුදය කඩිනමින් විසඳා ගෙන අයවැය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත්, එම ආයතනවලට ද බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතී.

2008 වසරේදී, ජනපති ඔබාමා දුන් ඡන්ද පොරොන්දුවකට අනුව, සෞඛ්‍ය ආරක්ෂක පනත සකස් කළේ ඇමෙරිකානු ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දීමටය. එහෙත් ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරු කියා සිටින්නේ එම පනත සම්බන්ධයෙන් සංශෝධන සිදුවිය යුතු බවය. හටගෙන ඇති අයවැය අර්බුදය සම්බන්ධයෙන් ජනපති ඔබාමා, රිපබ්ලිකන් පාක්ෂිකයන්ට චෝදනා කරන්නේ ඔවුන්, සෞඛ්‍ය ආරක්ෂක පනත මුල්කොට ගනිමින් ජනතාව අමාරුවේ දමා කප්පම් ගැනීමක් කරන බවය.

 

ඇමෙරිකාවේ සංචාරක ආකර්ශනයක් වන ලිබර්ටි ප‍්‍රතිමාව පිහිටි ලිබර්ටි දුපත ද වසා දමා ඇත.
 
මාටින් ලූතර් කිංග් උද්‍යානය ද වසා දැමීමට බලධාරීහු පියවර ගත් අයුරු


 



අදහස් (0)

ඇමෙරිකානු අයවැය අර්බුදය දුරදිග යයි

ශලිනි Friday, 04 October 2013 09:17 AM

කරුණු හරියට දැනගෙන ප්‍රතිචාර දක්වන්න.සෞඛ්‍ය සේවාවට සල්ලි නැතුව නෙමෙයි ආර්ථිකය නවත්වලා තියෙන්නේ.අත්‍යවශ්‍ය සේවා තවමත් කරගෙන යනවා.පුද්ගලික අංශය සක්‍රීයයි.කොටස් වෙළෙඳපොල හොඳින් ක්‍රියාත්මකයි. (නි)

:       0       0

මාගරී Thursday, 03 October 2013 01:52 PM

ඔය ඇමෙරිකාව වැටුණහම අනෙකුත් රටවල් වැටෙනවා කියන්නේ බොරුවක්.ඒ බොරුව දියුණු රටවල් හදාගෙන තියෙන්නේ තමන්ගේ ආර්ථිකය ආරක්ෂාකර ගන්න. (නි)

:       0       0

ලාරා Thursday, 03 October 2013 03:15 PM

ලෝකය සූරා කාලා කාපුවා වමාරන්න කාලය හරිද ? (නි)

:       0       0

සංඛ Thursday, 03 October 2013 05:48 PM

ජිප්සිස්ලගේ සිංදුව මතක් වුණා (නි)

:       0       0

පෙත්තා Thursday, 03 October 2013 07:52 PM

මෙතුමලා රටේ ගැටළු බෙදා ගන්න නොහැකිව ඉන්න ගමන් අනික් රටවල් වල ආර්ථික ගැන හොටදානවා. (නි)

:       0       0

සමරේ Thursday, 03 October 2013 09:35 PM

සුද්දෝ කරන්නේ මුළු ලෝකයම රවට්ටන එක. එදා ඉඳලම කලේ ඒක. ඇමරිකාව වැටුනට ලෝකයම වැටෙන්නේ නෑ . ඒ වගේම ඇමෙරිකාව වැටෙන්නෙත් නෑ .(නදී)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 01:16 AM

අැමරිකාවේ අාර්ථිකය කඩා වැටුණොත් ලංකාවට බලපානවා කියන්නේ හරියට කොටින් සමග යුද්ධය අපිට දිනන්න බෑයි කිවුවා වගේ කතාවක් (නි)

:       0       0

සුමුදු Friday, 04 October 2013 04:24 AM

දැන් ඉතින් මෙහෙමවත් ගයමු... අයවැය සම්මත නොමවී පඩි නොදුන්නේ මොන රටේද, ලංකාවේ ලංකාවේ... ලංකාවේ එහෙම වුණත් ඇමෙරිකාවේ එහෙම වෙන්නේ නෑ. (නි)

:       0       0

බුද්ධි Friday, 04 October 2013 08:12 AM

ඇමරිකාවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ලාල් Thursday, 03 October 2013 01:16 PM

අනිත් රටවල් හූරගෙන කාලා සුර සැප විදින එක ටික දවසකට නතරවෙලා (නි)

:       0       0

ඉන්දික Friday, 04 October 2013 09:38 AM

ශලිනි, ඔයාට හරි දුකයි වගේ. එතකොට ලක්ෂ 7 පඩි නැතුව නිවාඩු දීලා තියෙන්නේ ඇයි දන්නේ නැහැ. පොඩි වෙනසකට වෙන්න ඇති. අනේ යන්න නංගී යන්න! (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Friday, 04 October 2013 02:28 PM

ඇමරිකාවට ප්‍රශ්නයක් නම් අපිට කියන්න. අපි ඕවා විසඳලා දෙන්නම්. (නි)

:       0       0

චින්තක Friday, 04 October 2013 05:56 PM

රනා හරියටම හරි (නි)

:       0       0

සමුඑල් Friday, 04 October 2013 07:04 PM

ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ ! (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 04 October 2013 11:23 PM

ඔබමාට කරන්න තිබෙන්නේ මුලින්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීලා, මුදල් ටිකක් දීලා ඔබාමාගේ පැත්තට අරගෙන අය වැය සම්මත කරගන්න (නි)

:       0       0

පෙත්තා Saturday, 05 October 2013 05:06 AM

කනාට කිරේ පාට සුදු කිව්වට හ්ම්ම් විතරයිලු. (නි)

:       0       0

ශලිනි Monday, 07 October 2013 09:01 AM

ඉන්දික,මෝඩයෙක් වුණාට උම්බෑ කියන්න එපා.ඒ අනිවාර්ය නිවාඩු යවලා තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන සේවා වල අය.ඇමරිකානු ආර්ථිකයේ එන්ජිම වෙන්නේ පුද්ගලික අංශය. (නි)

:       0       0

සම්පත් Thursday, 03 October 2013 03:03 AM

ජනපති ඔබාමට ටිකක් සිතන්න හොද දෙයක් (නි)

:       0       0

රණසිංහ Thursday, 03 October 2013 01:01 PM

ඇමෙරිකාවේ ආර්ථික බලපෑම ලංකාවටත් දැනෙයි. එම නිසා ඇමරිකාවට ගරහන්න එපා. අපි වැඩිහරියක් බදුඅපනයනය කරලා විදේශ විනිමයක් හොයා ගන්නේ අමෙරිකාවෙන් (අ).

:       0       0

බන්දුල පෙරේරා Thursday, 03 October 2013 12:35 PM

ශක්තිමත් විපක්ෂයක් තිබීමේ ප්‍රතිපල තමයි ඔය ඔබාමා අත් විදින්නේ (නි)

:       0       0

සමන්ත Thursday, 03 October 2013 12:02 PM

අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න ගියාම ඔය ටික වෙන බව එතුමා දන්නේ නැතිව ඇති. (ස)

:       0       0

රුවන් Thursday, 03 October 2013 11:39 AM

ඇමෙරිකාවේ ආර්ථිකය කඩාවැටෙත්ව අපේ රුපියලට නිසිතැනක් ලැබෙත්වා. (දී)

:       0       0

නාලක Thursday, 03 October 2013 11:39 AM

ලංකා රුපියල දිනේවා

:       0       0

අන්ස්ලම් Thursday, 03 October 2013 11:31 AM

මුළු ලෝකේ වටේ හමුදාවල් දදා අපේ රට ඇතුලේ ඉන්න හමුදාව අයින් කරන්න කියන ඇමරිකාවට සාප වේවා !!! (ස)

:       0       0

ලුම්බිණි Thursday, 03 October 2013 10:52 AM

මම යෝජනා කරනවා ලංකාවේ මහා බැංකුවෙන් උපදෙස් ගන්න කියලා. අපට කිසිම අයවැය ප්‍රශ්න නැහැ. ඔක්කොම තියෙන්නේ උත්තර විතරයි. (ස)

:       0       0

කුමාරි Thursday, 03 October 2013 10:26 AM

ධනය බලය සැමදාම තමන් ළඟම රැඳෙන්නෑ.හැබැයි කල, කරන හොඳ නරක මලත් පස්සෙන්ම එනවා.හැකිනම් ඔබාමා මහත්තයා තමන් ගැන හිතන ආකාරයටම ලෝකෙම මිනිස්සු ගැන හිතන්න. (ස)

:       0       0

රනා Thursday, 03 October 2013 09:23 AM

අපි එළුවා දිහා බලාගෙන හිටියට වැඩක් නැහැ. අන්තිමට අපිට අපි විතරයි. (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Thursday, 03 October 2013 09:21 AM

අපේ මහ බැංකුවෙන් ඕන නම් ණයක් දෙන්නම්. ඒ ගැන කාටවත් කියන්න ඕන නෑ.... (ස)

:       0       0

ඉන්දික Thursday, 03 October 2013 08:42 AM

ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ ! වෙන රටවලට ගිහිල්ලා ගහන්න සල්ලි තියෙනවා. සෞඛ්‍ය පනතට සල්ලි නැහැ! (ස)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 08:28 AM

අලියට වාතයක් ගියා වගේ...ගානක් ණෑ.... (ස)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 03 October 2013 04:37 AM

මුළු ඇමෙරිකාවම වහලා දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. (නි)

:       0       0

අශෝක Thursday, 03 October 2013 04:05 AM

ඔබාමා මොකද කල්පනාව? සිරියාවටවත් ගහන්නද? ජනපති පුටින්ට ජයවේවා! (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 03 October 2013 03:05 AM

ඇමරිකාව වැටුනොත් මුලු ලෝකෙටම බලපානවා,මොනවා වුනත් ඇමරිකාවට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට හුගක් ස්වාබාවික සම්පත් තිබෙනවා.මේ තත්වය ඔබාමාගේ හෙල්ත් කෙයාර් ප්ලෑන් එකට විරුද්ධවයි ,සෙනට් සබාවේ අනුමැතිය නැතුව මොකුත් කරන්න බැහැ.කොහොම හරි ඇමරිකාව ඒගොල්ලන්ගේ වැඩ කරගනි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site