ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ පාකිස්තාන සංචාරය සාර්ථක වූ බවත් දෙරට අතර පළුදු වූ සබඳතා ශක්තිමත් කර ගැනීමට එම සංචාරය ඉවහල් වූ බවත් ඇමෙරිකානු රජය කියා සිටී. පාකිස්තානය සංචාරයේදී ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් හමුවී දෙරට අතර ඇති අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල යෙදී සිටින ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් දේශසීමා උල්ලංගනය කර පාකිස්තානයට පැමිණ එල්ල කරන ප‍්‍රහාර හැකි ඉක්මනින් නවත්වන බවට ද ජෝන් කෙරී එම අවස්ථාවේදී පොරොන්දුවන් ලබා දුන්නේය.
ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකන් හමුදාව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශවල සැඟවී සිටින තලේබාන් සටනක්කාමීන්ට පහර දෙයි. එම ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් මියයෑම
පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතුවක් වී තිබුණි. අගමැති ෂරීෆ් චෝදනා කර සිටියේ ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් එම ප‍්‍රහාර එල්ල කරන බවටය.
ෂරීෆ් අගමැති ධුරයට පත් වීමට පෙර පැවැති පාකිස්තාන ජනතා පක්ෂ රජය සහ ඇමෙරිකාව අතර හොඳහිත පළුදු වීමට ප‍්‍රධාන හේතුවක් වූයේ 2011 වසරේ මැයි මාසයේ දී ඇමෙරිකන් හමුදා පාකිස්තානයට හොරෙන් ඇතුළු වී, පාකිස්තානයේ ඇබොට්ටාබාද් නමැති නගරයේ සැඟවී ජීවත් වුණු අල් කයිඩා නායක බින් ලාඩන් මරා දැමීමේ සිද්ධියයි. අගමැති ෂරීෆ් හමුවීමෙන් පසු, ජෝන් කෙරී පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන් ද හමුවූයේය. ඇමෙරිකාව පාකිස්තාන ගුවන් සීමාව උල්ලංගනය කරමින් සිදු කරන ඩ්‍රෝන ප‍්‍රහාර ඉම්රාන් ඛාන්ගේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පාකිස්තාන සංචාරය සාර්ථකයි