X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ඇමෙරිකානුවන්ට වඩා පාකිස්තාන - ඇෆ්ගන් වැසියෝ උනන්දුවෙන්

ලබන නොවැම්බර් හය වැනිදා පැවැත් වීමට නියමිත ඇමෙරිකානු ජනපතිවරණය ගැන ඇමෙරිකානුවන්ට වඩා පාකිස්තාන සහ ඇෆ්ගන් වැසියන් උනන්දු වන බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති. එම උනන්දුව හට ගෙන ඇත්තේ ජනපතිවරණයට ඉදිරිපත් ව සිටින වත්මන් ජනපති ඩිමොක‍්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමා සහ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නිගේ විදෙස් ප‍්‍රතිපත්ති නිසාය. ඔබාමා සහ රොම්නිගේ අවසන් රූපවාහිනී විවාදය පසුගිය 22 වැනිදා පැවැත්වුණු අතර එහිදී ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සම්බන්ධයෙන් ඔබාමාත් රොම්නිත් එකම ස්ථාවරයක සිටින බව පැහැදිලි විය. ඇමෙරිකාවේ මීළඟ ජනපති ලෙස ඔබාමා හෝ රොම්නි හෝ ගන්නා තීරණ ඇෆ්ගනිස්තායට සහ පාකිස්තානයට අතිශයින් වැදගත් වේ. 22 වැනිදා පැවැති එම රූපවාහිනී විවාදයෙන් ඉදිරියට පැමිණීමට ඔබාමා සමත් වුව ද තවමත් රොම්නි සහ ඔබාමා අතර පවතින්නේ කරට කර සටනකි. වසර 12 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින ඇෆ්ගන් යුද්ධය 2014 වසරේදී අවසන් කර ඇමෙරිකා සෙබළුන් යළි ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු යැයි ඔබාමා පැවැසූ අවස්ථාවේදී රොම්නි එය අනුමත කළේය. ඇමෙරිකානු හමුදා පිටව ගියවිට රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වර්ධනය වනු ඇතැයි ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ රජය බිය පළ කරයි. කර්සායිගේ රජය ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල මූල්‍ය ආධාර මත යැපෙන්නකි. ඇෆ්ගන් සංග‍්‍රාමය ඇරැඹුණේ ඔබාමාට පෙර ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපති ධුරයේ සිටිද්දීය. ප‍්‍රථම කළු ජාතික, මුස්ලිම් සම්භවයක් ඇති, ජනපතිවරයා ලෙස ඔබාමා 2008 වසරේ ජනපති ධුරයට පත් වෙද්දී බොහෝ දෙනා විශ්වාස කළේ ඇමෙරිකාව සම්බන්ධ වූ ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් වේවි කියාය. එහෙත් එය එසේ නොවුණු අතර ජනපති ඔබාමා අමතර හමුදා සෙබළුන් 30,000 ක් ඇෆ්ගනිස්තානයට යැවීය. ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී අල් කයිඩා නායක බින් ලාඩන් ඝාතනය කිරීමට ඔබාමාගේ පරිපාලනය සමත් වීම ඔබාමා ලැබූ විශාල ජයග‍්‍රහණයක් විය. ලබන ජනපතිවරණයේ දී ද ඔහුට එය වාසියක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශවල, ඇමෙරිකා හමුදාවලට යා නොහැකි ස්ථානවල නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කෙරෙන ප‍්‍රහාර තව තවත් වැඩි කළ යුතු යැයි ඔබාමා පැවැසූ අවස්ථාවේදී ද රොම්නි ඊට එකඟ වූයේය. පාකිස්තානයත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් පළුදුවී ඇති අතර මීළඟට ජනපති ධුරයට පත්වන ඔබාමා හෝ රොම්නි එම සබඳතා ශක්තිමත් කර ගැනීමට කඩිණමින් කි‍්‍රයා කළ යුතු යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර ඇයි හොඳයිකම් බිඳ වැටුණේ ඉකුත් වසරේය. ඊට හේතු වූයේ ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවා නිලධාරියකුගේ වෙඩි පහරින් ලාහෝර් නුවරදී පාකිස්තාන ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වීම, ජනපති ඔබාමාගේ රජය, ඇමෙරිකා හමුදාව සහ සී.අයි.ඒ. ඔත්තු සේවාව එක් වී පාකිස්තාන රජයට නොදන්වා අල් කයිඩා නායක බින් ලාඩන් ඝාතනය කිරීම සහ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ඇමෙරිකානු හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනෙකු මියයෑම යන සිද්ධීන්ය.



අදහස් (0)

ඇමෙරිකානුවන්ට වඩා පාකිස්තාන - ඇෆ්ගන් වැසියෝ උනන්දුවෙන්

සදුනි Friday, 26 October 2012 09:49 PM

නයින් පොළොගුන් දෙන්නම විෂය.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site