ලොව රටවලට ඇමෙරිකා මානසිකත්වයෙන් මිදීමට දැන් කාලය පැමිණ ඇතැයි චීනය කියයි.
ඇමෙරිකා ජනපති බරක් ඔබාමා ප්‍රමුඛ රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනයට ඇමෙරිකා සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවීම නිසා මුළු ඇමරිකා රාජ්‍ය සේවා පද්ධතියම දැන් තිබෙන්නේ අකර්මණ්‍ය වී ඇත.
ඇමරිකාවට මුදල් ගලා එන හා මුදල් ඉපැයීමට තිබූ මාර්ගයන් සියල්ල අවහිර වී ඇත.
2008 වසරේදී මෙන් ඇමෙරිකාවේ උද්ගත වී ඇති තත්ත්වය ලෝක ආර්ථීක අර්බුදයකට මග පාදනු ඇතැයි අන්තර්ජාතික මුල්‍ය අරමුදල ද අනතුරු අඟවා ඇත.
මෙයට හේතුව වන්නේ ලෝකයටම ලොක්කා ලෙස පෙනී සිටයද ඇමරිකාවත් ලොව ඇතැම් රටවලට ණයකාරයෙකු වීමයි. ඒ ඩොලර් බිලියන, ට්‍රිලියන ගණන් වලිනි.
ඇමරිකාවේ විශාලම ණය හිමියා වන්නේ චීනයයි.ඇමරිකාවේ භාණ්ඩාගාර බැදුම්කර වල බහුතර අයිතිය ඇත්තේත් චීනයට වන අතර ඒවායේ වටිනාකම ඩොලර් ට්‍රිලියන (ලක්ෂ කෝටි) 1.28කට (16896000000000000) (රුපියල් කෝටි 1689600) ආසන්නය.
චීනය බියවී සිටින්නේ ඇමරිකාවට ඉක්මනින් යළි නැගී සිටීමට නොහැකි වුවහොත් මෙම භාණ්ඩාගාර බැදුම්කර වල වටිනාකම අඩුවනු ඇතැයි කියාය.එවිට පාඩුව වන්නේ චීනයටය.
ඇමෙරිකාව් උද්ගත වී ඇති තත්ත්වය මුළු ලොවටම බලපාන බව ආර්ථීක විශ්ලේශකයින්ගේ මතයයි.ඒ එතරම් ණය ප්‍රමාණයක් ඇමරිකාව මත පැටවී ඇති හෙයිනි.මෙම ණය ගෙවීමට ඇමරිකාව අපොහොසත් වන්නේ නම් එහි ප්‍රතිවිපාක ඇමරිකාවට පමණක් නොව ලොව සියලූ රටවලට විදින්නට සිදුවනු ඇති බව ඔවුන්ගේ අදහසයි.
ලොවටම වින කරන මෙවන් තත්ත්වයන් ඇති කරන ඇමෙරිකාව ගැන මහත් ඉහළින් සිතා සිටීම අත්හළ යුතු යැයි චීනයේ අදහසයි.
ඇමෙරිකාවේ රජයේ බහුතර බලය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයට වුවත් සෙනට් සභාවේ බහුතර බලය ඇත්තේ විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයටය.මෙනිසා ඇතැම් අවස්ථාවන් වල රජය ගෙන එන යෝජනා වලට සෙනට් සභාවේ අනුමැතිය හිමි නොවීම පසුගිය සමය පුරා දක්නට ලැබුණි.
දැනට පවතින තත්ත්වය සළකා සෙනට් සභාව රජය සමග සාකච්ඡා කර යළිත් ඇමරිකාව පණගැන්වීමට සූදානම් වන බව සදහන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාව අලි අමාරුවේ
ඉන්දික Monday, 14 October 2013 03:05 PM
ඔන්න ඇමරිකාවේ ඇත්ත තත්වය!!!! (නි)
කුමාරි Monday, 14 October 2013 03:35 PM
හැම රටකම අභ්‍යන්තරයට ඇඟිලි ගහන ප්‍රශ්න කරන ඇමරිකාව මෙහෙමනම්?? (ස)
මගරි Monday, 14 October 2013 04:19 PM
මගේ අදහස නම් ඇමරිකාවේ ආර්ථික අර්බුදය කෙටි කාලීනව අනෙකුත් රටවලට අහිතකරව බලපෑවත්, දිගුකාලීනව හිතකර බවයි. (ස)
රූපා Monday, 14 October 2013 04:24 PM
ලෝක පොලිස්කාරයා කොහොම උනත් වංසේ කබල් ගගා අනුන්ගේ ඉඩමේ කහල ගොඩවල් අවුස්සනවා. ගෙදර එකම කුණු වලක්. (ස)
ටිරෝන් Monday, 14 October 2013 05:15 PM
අනේ අපිට නම් කිසිම ප්‍රතිවිපාකයක් නැහැ (නි)
කුමාරන Monday, 14 October 2013 05:53 PM
චිනය කියන කතාව හරියට හරි. ඇමෙරිකාව විතරක් නොවෙයි එංගලන්තය,ඉතාලිය,පෘතුගාලය,අයර්ලන්තය,ග්‍රීසිය වගේ හොඳ ආර්ථිකයක් තිබුණු රටවල් විනාශයි.නැවත ඉතින් ගොඩ එනවා බොරු.මෙම රටවල දහස් ගණන් දෙන ඉන්නේ මහ පාරවල් වලට වෙලා. (නි)
මර්වින් Monday, 14 October 2013 06:27 PM
අයියෝ ඔය ක්‍රමයක් දාලා මන්ත්‍රීලා ටිකක් මෙහා පැත්තට ගත්තා නම් හරිනේ (නි)
සමන් Monday, 14 October 2013 07:32 PM
අපිට නම් ඕකෙන් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ණය ගන්නෙ චිනයෙන්නේ. (නි)
ආරයසේන Monday, 14 October 2013 08:44 PM
එම රටවල් වල ඉන්වෙස්ට් කර ඇති රටවල් වල ආර්ථිකයට මේ ඉතා තදින් බලපාන අතර ඔහුන්ගේ ආධාර සහ නය මත යැපෙන දිළුඳු රටවල ආර්ථිකයට ඒ රටවල්වලටත් වැඩිය බලපානු ඇත. (අ)
සිල්වා Monday, 14 October 2013 10:53 PM
දෙමළ ඩයස්පෝරාවට මේවා හොද පාඩම්. පිල්ලේත් මෙය සිතට ගත යුතුයි. (නි)
ශිරන් Monday, 14 October 2013 11:04 PM
චීනේ යැපෙන්නෙත් ඇමෙරිකාව නිසා කියල කවුරුත් දන්නේ නැතුව ඇති. ඇමෙරිකාවේ වෙළඳ පොලේ තියෙන චීන බඩු නතර කලොත් චීනෙට වෙනදේ චීනේවත් දන්නේ නැහැ. ඒ වගේම බටහිර රටවල් වලින් චීන බඩු ඉවත් කලොත් චීනෙට වෙනදේ දෙය්යෝ තමා දන්නේ. (දිල්)