තලේබාන් සටන්කාමීන් පරාජය කිරීමට ඇමෙරිකාවට හැකියාවක් ලැබී නැති බවත්, 2014 වසරෙන් පසුවත් ඔවුන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවමින්, ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමට සූදානම් වන බවත් සඳහන් කරමින් ඇෆ්ගන් ජනපති කර්සායි තමන්ට එල්ල කරන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ඇමෙරිකාව පවසයි.
තලෙයිබාන් සංවිධානය එල්ල කරන ප‍්‍රහාරවල මුවාවෙන් ඇමෙරිකාව තව දුරටත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමට උත්සාහ දරන බවට ජනපති කරන චෝදනා සාවද්‍ය බව ද ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කාර්නි අවධාරණය කර කියා සිටී.
ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කාර්නි මේ බව සඳහන් කළේ ඉකුත් 10 වැනිදා ඇෆ්ගන් ජනපති ජාතිය අමතා කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාරයක් වශයෙනි. ඇමෙරිකාවට පමණක් නොව ඇෆ්ගනිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් සංවිධානයට ද ජනපති කර්සායි එම අවස්ථාවේදී දොස් පැවැරීය.
ඇෆ්ගන් ජනපති මෙසේ චෝදනා කළේ ඇමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් චක් හේගල් ඇෆ්ගනිස්තානයේ හදිසි සංචාරයකට පැමිණි අවස්ථාවේදීය.
‘ඇෆ්ගනිස්තානය ආරක්ෂා කර ගැනීම සඳහා ඇමෙරිකානු සෙබළුන් සිය රුධිරය හෙළා ඇති අතරම විශාල ධනයක් ද වැය කර තිබෙනවා. ඒ සියල්ලක්ම සිදු කළේ ඇෆ්ගන් වැසියන්ට සුරක්ෂිත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසාදීමටයි.’ ධවල මන්දිර ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
ලබන වසරේ එනම් 2014 දී සංග‍්‍රාම කටයුතු අවසන් කර, ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිට වී යෑමට නියමිතව සිටී. ඇමෙරිකා හමුදා එසේ පිට වී යන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කර ඔවුන් ශක්තිමත් කිරීමෙන් ද පසුවය. එම පුහුණු කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
ජනපති කර්සායි බිය පළ කරන්නේ විදෙස් හමුදා පිටව යෑමෙන් පසු ඉරාකයේ සිදු වන අයුරින් ඇෆ්ගනිස්තානයේ ද ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙතියි යන්න ගැනය.
තලේබාන් සටන්කාමීන් සමඟ සාම මාවතකට පිවිසීමටත්, පවතින අර්බුදයට දේශපාලනික විසඳුම් සෙවීමටත් කර්සායි 2004 වසරේ සිටම කටයුතු කළේය. ඒ සඳහා ඔහු සාම මණ්ඩලයක් ද පිහිටුවීය. එම සාම මණ්ඩලයේ නියෝජිතයෝ රැුසක් පසුගිය වසරවලදී තලේබාන් සටන්කාමීන් අතින් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර කර්සායිගේ සොහොයුරා ද වෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාව ඇෆ්ගන් ජනපතිගේ චෝදනා ප‍්‍රතික්ෂේප කරයි
කුමාර Wednesday, 13 March 2013 10:24 AM
සිහිබුද්දියෙන් ඇසිය යුතුයි (දී)