X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ඇමෙරිකාව පහරදුන්නැයි සිරියාවෙන් චෝදනා

ඇමෙරිකා හමුදා එල්ල කළ ප්‍ර‍හාරයකින් තම හමුදාවේ තිදෙනකු මියගොස් ඇතැයි සිරියා රජය ඇමෙරිකාවට චෝදනා කරයි. සිරියා රජය පවසන්නේ කැරළිකරුවන් බහුලව සිටින ප්‍රදේශයක පිහිටි තම හමුදා කඳවුරකට ඇමෙරිකාවෙන් එල්ල කළ ගුවන් ප්‍ර‍හාරයක් හේතුවෙන් එම තිදෙනා මරුමුවට පත්ව ඇති බවයි.

ඇමෙරිකා ඒකාබද්ධ හමුදා ප්‍ර‍ධානින් සිරියාවෙන් එල්ලවන මේ චෝදනා ප්‍ර‍ික්ෂේප කරමින් පවසන්නේ සිරියා රජය පවසන ප්‍රදේශයට තමන් කිසිදු අවස්ථාවක මෙහෙයුම් නොකළ බවයි.

ඇමෙරිකා හමුදාව පසුගිය සැප්තැම්බර් මාසයෙ සිට සිරියාවේ අයි.එස්. ත්‍ර‍ස්තවාදි ඉලක්කවලට දිගින් දිගටම ප්‍ර‍හාර එල්ල කළ ද එම මෙහෙයුම්වල දී සිරියානු හමුදාවේ සහය ලබා නොගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

ඇමෙරිකාව පහරදුන්නැයි සිරියාවෙන් චෝදනා

ප්‍රසන්න Tuesday, 08 December 2015 01:10 AM

උපාලි, කාන්ත් හරියටම හරි. ගොඩ දෙනෙකුට ඕක තේරෙන්නේ නැහැ (නි)

:       0       0

උපාලි Wednesday, 09 December 2015 04:27 AM

මොන භාෂාවකින් ලියවුණත් සත්‍ය එකමය. ඇමෙරිකන් ගැත්තෙක් වීමම බුද්ධිමතෙක් වීමට ඇතියැයි සමහරු සිතනවා විය හැක. (නි)

:       0       0

නිපුණ Wednesday, 09 December 2015 01:57 AM

උපාලි, පොඩ්ඩක් ලෝකය ගැන ඉංග්‍රීසියෙන් තිබෙන පොතපොතක් කියවන්න. සදාම්, ගඩාෆි වගේ අයගේ කෲරකම් හා ඒ රටවල මිනිස්සු ඔවුන්ට විරුද්ධව කැරලි ගැහුවේ ඇයි කියන එක එතකොට තේරෙයි.. ඇමරිකන් විරෝධයක් තිබුණාට තමන් බුද්ධිමතෙක් වෙන්නෙ නැහැ (නි)

:       0       0

ක්‍රිස්ටි Tuesday, 08 December 2015 08:37 PM

කාන්ත්, හරියටම හරි. කරුණාකර කියන්න පුලුවන්ද ඇමරිකාව මොන රටේද ත්‍රස්තවාදය නැතිකළේ කියලා (නි)

:       0       0

රණතුංග Tuesday, 08 December 2015 03:38 PM

සංජය කියන දෙය තේරුම් ගන්න වත් බැරිද. රජු ඒකාධිපති නම් ඔහු නීතියෙන් හෝ කැරැල්ලකින් හෝ ඉවත් කළාම රට සුවපත් වෙන්න ඕන නේද. ඇමරිකාව ඇතුළු යුරෝපිය රටවල් කළ සටනේ ප්‍රතිපල ඉරාකයේ හෝ ලිබියාවේ හෝ ඒ දෙය වුනාද. තියන නිදහසත් නැති කරගෙන අද ඒ රටේ ජනතාව විඳින්නේ මොන තරම් බියකරු කරුමයක්ද. (බ)

:       0       0

උපාලි Tuesday, 08 December 2015 03:02 PM

සුසන්ත, ඔබ ඇතුළු බොහෝ දෙනෙකුට සත්‍ය තේරුම් ගන්න හැකි වුනත් එය තේරුම් ගන්න බැරි නාමල් වගේ පුද්ගලයොත් ඉන්නවා. අර කවුද කිවුවනේ, මෝඩයා වුනත් මරන්න බැහෙනේ. උනුත් ඉන්න එපායේ. ඒ හින්දනේ මේ වගේ අදහස් එලියට එන්නේ. (බ)

:       0       0

ආරියපාල හේවගේ Tuesday, 08 December 2015 01:53 PM

ස්වාධීන රාජ්‍යයක් ඇමරිකාවෙන් කිසිදාක නිදහස් රටක් වීම බලාපොරොත්තු වෙන්නේ නැහැ . එසේ වීමට ඇමරිකාව ඉඩ දෙන්නෙත් නැහැ (බ)

:       0       0

සංජය Tuesday, 08 December 2015 06:32 AM

කාන්ත්, සදාම් විරුද්ධ වුණේ ඇමෙරිකාව මැද පෙරදිග සම්පත් හුරාකන එකට. කුවේට් ආක්‍රමණය කළේ පොළොව යටින් ඉරාකයේ තෙල් සම්පත් හොරාගත් එකට. සදාම් යෝජනා කළේ ආසියාකරේ දුප්පත් රටවලට සහන මිලට තෙල් දෙන්න සහ බටහිර රටවලට වැඩි මිලට තෙල් සපයන්න. නමුත් ඒව සාර්ථක වුණේ නැහැ. ඔපෙක් එකත් අසාර්ථක වුණා. සදාම් ගඩාෆි ඒ රටවල ජනතාවට දුන් සහන ලෝකයේ වෙන කිසිම රටක් දීලා නැහැ (නි)

:       0       0

සංජය Tuesday, 08 December 2015 05:59 AM

ගඩාෆි සදාම් කෘෘර පාලකයෝ වුනත් තමුන් ගේ රටට කරපු සේවය අති මහත්, රහත් වෙලා රටක් පාලනය කරන්න බැහැ.. 88-89 අපේ රටේ මොකද වුනේ ? නමුත් ඉරාකයේ ලිබියාවේ තුබුණු නීතියේ පාලනය අද කෝ? රටේ තියෙන සම්පත් කොල්ල කන එක නේද වෙලා තියෙන්නේ ? සදාම් කුර්දි කැරලිකරුවන් 300 එක්ක ගම්මානයක් විනාශ කළා.. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය අරන් දෙන්න බටහිර රටවල් අතින් මිලියන ගාණක් මැරුන .. අදටත් මැරෙනවා අපිට නොතේරුනාට අද ඒ රටවල් තේරුම් අරන් තියෙනවා සිදුවුණ වැරැද්ද (බ)

:       0       0

ජනක Tuesday, 08 December 2015 04:01 AM

අපේ රටෙත් ඉන්නවා පතෝල වගේ සුදු ශක්තිමත් නායකයො. (බ)

:       0       0

ඉන්දික Monday, 07 December 2015 01:24 PM

සිරියානු හමුදාව ත්‍රස්තවාදීන්ට පමණක් නොවේ සිරියාවේ ඒකාධිපථි අසාද්ට විරුද්ධ හැම පාර්ෂවයකටම පහරදෙනවා.. බටහිර ඔවුන් සමග එකතු නොවන්නේ එ්කයි (බ)

:       0       0

සුසන්ත (දෝහා කටාර්) Monday, 07 December 2015 09:25 PM

උපාලි, ඔබ හරියටම හරි (නි)

:       0       0

කාන්ත් Monday, 07 December 2015 08:04 PM

ත්‍රස්තවාදය ඇතිවුණේ කොහොමද, එය ඇතිකළේ කවුද, ඒවාට උඩගෙඩි දෙන්නේ කවුද, එවැනි දේවල් වෙනම විමර්ශනය විය යුතු සංකීර්ණ ක්‍රියාවලියකි. මම නම් කියන්නේ කවුරු මොනවා කිවුවත් ඇමරිකාව ලෝකයේ පොලිස්කාරයා බවයි. ලොවේ ත්‍රස්තවාදය තුරන් කිරීමට ඔවුන් කරන්නේ මහත් කැපවීමකි. ඇමරිකාව නැත්නම් සදාම් හුසේන් වැනි ඒකාධිපතියන් අවට කුඩා රාජ්‍යන් අල්ලාගෙන බොහෝ කලක් ගත වී ඇති. (නි)

:       0       0

කුමාර Monday, 07 December 2015 04:26 PM

චමත්, ලෝකය ගැන පොඩ්ඩක් හදාරන්න. ඉරාකය, ලිබියාව අරාජික වෙන්නේ ඒවායේ සිටි කෲර ඒකාධිපතියන් මිනිසුන් තලාපෙලාගෙන සිටි නිසා. හැමදේකටම බටහිරට ඇඟිල්ල දිගුකිරීම මෝඩකමක්. (නි)

:       0       0

නාමල් Monday, 07 December 2015 04:19 PM

උපාලි, මෝඩ කතා කියන්න එපා. ලිබියාවේ ගඩාෆි කියන්නේ ඒකාධිපතියෙක්. ඔහු අවුරුදු 40 තිස්සේ කිසිම විපක්ෂයක් හැදුවේ නැති නිසා තමා අද ඔහු බලයෙන් පහවුණාම ලිබියාව අරාජිකවෙලා තියෙන්නේ. ඔහු ඔය කියන තරම් හොඳ මිනිහෙක් නම් 2011 දහස් ගණන් මිනිස්සු ඔහුට විරුද්ධව පාරට බහින්නේ නැහැ (නි)

:       0       0

උපාලි Monday, 07 December 2015 03:23 PM

රජා ඒකාධිපතිද නැද්ද කියන රටවල් තීරණය කරන්නේ ඒ රටවල් වල ජනතාවද, නැත්නම් ඒ සමහර රටවල් වල විපක්ෂයේ හඬට තල්ලුවක් දෙන ඇමරිකාවද? ලිබියාවේ රට දියුණුකළ ගඩාෆිට විරුද්ධව කැරලි ගහපු 25%ක් වන අයට ඇමරිකාව සහ බටහිර රටවල් සහය නුදුන්නා නම් අදත් ගඩාපි රජු තමයි. දැන් මොකද ලිබියාවේ ඉන්න ජනතාවට ලැබුණු නිදහස? නිදහසේ හිටපු ඔවුන්ට දැන් ජීවත්වීම සඳහා අවි අතට ගන්න වෙලා. අපිටත් ඔය දෙය වෙන්න පුළුවන්. තේරුම් ගන්න. (නි)

:       0       0

අතුල Monday, 07 December 2015 03:16 PM

ඉන්දික ඉන්නේ සිරියාවේද? (නි)

:       0       0

හිරු Monday, 07 December 2015 03:18 PM

චමත්, අසාද්ගේ දැඩි පාලනය නිසා වෙන්න ඇති සිරියාවෙන් ලක්ෂ ගණන් සිරියා අනාථයින් යුරෝපයට පැනලා එන්නේ. අසාද්ව පන්නපු දවසක තමයි සිරියාවට විමුක්තිය ලැබෙන්නේ. (නි)

:       0       0

චමත් Monday, 07 December 2015 02:30 PM

ඔය කිව්වේ කට්ටිය හරියටම. කවදාවත් ඔයාලා හිතන විදිහට වෙන්නේ නැහැ. ඇමෙරිකාවෙන් ඔය විදියට අරාජික කළ රටවල් තමා ඉරාකය, ලිබියාව. කෝ දැන් ඒවාට හරි ගිහින්ද ..??? නැහැනේ, අසාද්ගේ දැඩි පාලනය නිසා තමයි රුසියාවේ උදව්වෙන් සිරියාව ඔහොමහරි රැකිලා තියෙන්නේ තනි රටක් වශයෙන්. (නි)

:       0       0

වන්නිආරච්චි Monday, 07 December 2015 01:37 PM

ඉන්දික, ඔබ හරි. සිරියා ජනාධිපති 2011 තනතුර හැරගියා නම් සිරියාවේ තත්ත්වය මේ තරම් නරක වෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site