පෙන්ටනය ඇමෙරිකානු හමුදා සොල්දාදුවෙක් මියගිය විට,මියගොස් දින තුනක් ඇතුළත මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල් වලට ඩොලර් 100,000ක් ගෙවන අතර ලබන වසර සඳහා අයවැය සම්මත කර ගැනීමට අපොහොසත් වීමත් සමඟ එම මුදල් ගෙවීමට නොහැකි වී ඇත.
මේ සම්බන්ධයෙන් කොංග‍්‍රස් මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම ඇමෙරිකා වැසියන්ද විරෝධය පළකර ඇත.පසුගිය පළමු වැනිදා අයවැය සම්මත කර ගැනීමට නොහැකි වූයේ, ඇමෙරිකානු මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර එකඟතාවක් නොතිබීම මුල්කොට ගනිමිනි.
කථානායක ජෝන් බෝනර් ඔබාමා පාලනය සහ ගෙවීම් මඟහැරීම දැඩි ලෙස විවේචනය කළ අතර තවදුරටත් ඔහු පවසා සිටිියේ ඔක්තෝම්බර් පළමු වැනිදාට පෙර සම්මත කරගත් නීතිරීති මඟින් මරණ පාරිතෝෂිත ඇතුළු ගෙවීම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයට පුළුල් බලතල ලබාදුන් බවයි.
ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩල බහුතර බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂයට නොව ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයටය.
මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර එකඟතාවක් ඇති නොවුණේ, ජනපති ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනතට මහජන නියෝජිත මණ්ඩලයෙන් විරෝධයක් එල්ල වීමය.
මහජන නියෝජිත මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන් කියා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂක පනත ඉවත් කර ගැනීමට ඔබාමා කටයුතු කරන්නේ නම්, අයවැය අනුමත කරගැනීමට සහාය දක්වන බවයි.
(වොෂින්ටන්හිදීය - ඒ.පී)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාව මියගිය සොල්දාදුවන්ගේ දීමනාව නවත්වයි
හැඩොක් Thursday, 10 October 2013 10:31 AM
ස්වෛරී ප්‍රජාතාන්ත්‍රික අරවද මේවද රාජ්‍ය කිව්වට ඇමරිකාවේ ප්‍රධාන රස්සාව තමයි මිනීමරන එකයි හොරකම් කරන එකයි නොවෑ. එහෙම කරලා සංදර්ශන තියලා අනිත් රටවලට තග දානවා.(දී)
ඉනෝකා Thursday, 10 October 2013 10:46 AM
ලෝකට පරකාසේ, ගෙදරට මරගාතේ ! (දී)
කුමාර Thursday, 10 October 2013 10:54 AM
අන්න හොද වැඩක්
විජේ Thursday, 10 October 2013 11:42 AM
ඕක තම කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කියල. (ත)
රණා Thursday, 10 October 2013 11:58 AM
තව තෙල් තියන රටක සාමය උදාකරන්න ගියානම් ඒ තෙල් සල්ලි වලින් ගෙවන්න තිබුණා. (දිල්)
සේරම් Thursday, 10 October 2013 01:03 PM
සල්ලි ඕනේ නම් අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලා ගන්න . ලෝකයේ ලොකුම කැබිනෙට්ටුව සහ ලොකුම වාහන ආරක්ෂක සේවය තිබෙන අපේ රටේ ඕන තරම් සල්ලි තියෙනවා . (දිල්)
හැරිසන් Thursday, 10 October 2013 03:11 PM
ඇමරිකාවේ ජනතාව කියනවලු මේක ලංකාවේ කුමන්ත්‍රණයක් කියල (ත)