ඇමෙරිකා රජයේ ඔත්තු බැලීම් සම්බන්ධ රහස් ලොවට හෙළි කළ එන්.එස්.ඒ. කොන්ත්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් රුසියාවේ කොටු කිරීමට ඇමෙරිකාව
![]() |
රුසියානු ජනපති පුටින් |
කටයුතු කළේ යැයි රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පැවැසීය.
ජනාධිපති පුටින් මේ බව කියා සිටියේ, පෙරේදා (15) ඔහුගේ ‘එක්සත් රුසියානු පක්ෂයේ’ යොවුන් සේනානංකය හමුවූ අවස්ථාවකදීය.
30 හැවිරිදි ඇමෙරිකන් ජාතික ස්නෝව්ඩන්, මේ වනවිට රැඳී සිටින්නේ රුසියාවේ මොස්කව් නුවර ගුවන්තොටුපොළකය. ඇමෙරිකාව ඔහුගේ ගුවන් බලපත්‍රය අවලංගු කර ඇති නිසා ඔහුට වෙනත් රටකට යෑමට හැකියාවක් නැත.
ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලා ඇති අතර වෙනිසියුලාව ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.
රුසියාව ද ස්නෝව්ඩන්ට ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට හානියක් වන ආකාරයේ රහස් පිටකිරීම වහා නැවැත්විය යුතුය යන කොන්දේසිය මතය. එම කොන්දේසියට ස්නෝව්ඩන් එකඟ නොවේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාව ස්නෝව්ඩන් රුසියාවේ කොටු කරලා
රූපා Wednesday, 17 July 2013 10:15 AM
ඇමරිකාව බින් ලාඩන් හැදුවෙත් මැරුවෙත් ඇමරිකාවේ ආරක්ෂාවට. ලියොන් ට්‍රොස්කි හැදුවෙත් අජන්ටිනාවට පැනල ගිහින් ඉන්දැද්දී අර්ජන්ටිනාවේදී රුසියන් කෙජිබි එක විසින් ඔහු මරා දැම්මෙත් රුසියාවේ ආරක්ෂාවට මාවෝ කොටි ගානක් මැරුවෙත් ස්ටාර්ලින් කොටි ගණනක් මැරුවෙත් තමරටේ ආරක්ෂාවට. ඇඩොල්ෆ් අයික්මාන් ලෝක යුද්දෙන් පස්සේ අර්ජන්ටිනාවට පැනල ගිහින් ඉන්දැද්දී මොසාඩ් එකෙන් ඉස්රයලේට පැහැරගෙන ඇවිත් මරා දැම්මෙත් ආරක්ෂාවට,විරප්පන්ට ඉන්දියාව වෙඩි තිබ්බෙත්, ප්‍රබාකරන්ට අපි වෙඩි තිබ්බෙත් හිට්ලර්ට රුසියාවයි අනෙකුත් මිත්‍ර හමුදාවයි වෙඩි තිබ්බෙත් ලෝකෙම ආරක්ෂාවට. අපේ රටේ කෝකටත් රුසියන් සරණ පතගන හිටපු ඉනියා ඇමරිකන් විරෝදී කුහක රැලට පුටින් මහත්තය ටොක්කක් ඇනල (අ)
ලසන්ත Wednesday, 17 July 2013 11:31 AM
අපේ රටෙන් පැනලා ගිහින් යුරෝපේ ඉදන් අපට විරුද්ධකම් කරන උදවියගේ ගමන් බලපත්‍රය අවලංගු කරන්ට අපට බැරිද... (නි)
තිසල් Wednesday, 17 July 2013 11:53 AM
රූපා,ඔයා කවුද කියල ඔයා දන්නවා.ගොඩක් අයට නොතේරුනාට සමහර උදවිය දන්නවා. "අත ඊසොප්ගේ හඬ ජාකොබ්ගේ" ඔයතරම් දිග අදහසක් ලියන්නේ ලංකාව වෙනුවෙන් නොව ඇමෙරිකාව වෙනුවෙන්.ඔහොම යං ඔහොම යං.සමහරු ලංකාවේ නායකයටත් අපහාස කරනවා. (නි)
මර්ටිනස් Wednesday, 17 July 2013 12:53 PM
නිසල් කියන එක සම්පුර්ණ ඇත්ත. රූපාගේ අදහස් කියවපුවම තේරෙනවා කකුල් 2 විතරයි ලංකාවේ අනිත් ඔක්කොම ඇමෙරිකාවේ කියලා. (නි)
ගයාන් Wednesday, 17 July 2013 12:57 PM
කාගේ කාගේත් කිල්ලෝටර් වල හුණු නැතැයි. (නි)
මංජු Wednesday, 17 July 2013 01:49 PM
විනාසේ විනාසේ (නි)
හේරත් Wednesday, 17 July 2013 04:38 PM
ඉතිහාසය තුලින් උපහාසය... සත්තයි. හැබෑවයි (නි)
නිල්මිණි Wednesday, 17 July 2013 09:14 PM
මෙයට වැඩි ආයුස නැහැ,ලගදීම ආරංචි වේ මොකද වුනේ කියල (අ)
සඳරුවන් Thursday, 18 July 2013 12:42 AM
රූපා,කවුරු මොනවා කළත් ඉර හඳ සහ සත්‍යය දීර්ග කාලයක් වසන් කළ නොහැක ! (නි)
සඳරුවන් Thursday, 18 July 2013 12:51 AM
රූපා,ඇයි කාගේවත් සරණ පතන්නේ?මනසින් උසස් මිනිසෙක් වෙලා ඉපදිලත් ඇයි අනුන්ගේ සරණ පතන්නේ?මොකා වුනත් අයුක්තියට එරෙහි විය යුතුයි. එයයි මිනිසත්කම.ඇමෙරිකාවට තේරෙන්නේ නැත්තේ (තම ගඳ වසා අනුනගේ කුණු ඇවිස්සු-මනසින් උසස් හින්දලු අපි මිනිස්සු) (නි)
උදය Thursday, 18 July 2013 01:53 AM
ඇමෙරිකාව කියන කපටියට පුටින්වයි ඉන්දියාවයි අදුර ගන්න බැරුව ඉන්නේ. අදුනා ගත්තත් ඇමෙරිකාවට කරන්න දෙයකුත් නැහැ. (නි)
චන්දා Thursday, 18 July 2013 12:01 PM
ජාත්තන්තර රාජ්‍ය තාන්ත්‍රික කපටි කයිරාටික උප්පර වැට්ටි, බොරු බේගල් නොදන්නා ළදක් රූපා. (අ)