ඇමෙරිකානු හමුදා සහ රාජ්‍ය තාන්ති‍්‍රක රහස් ලොවට හෙළි කිරීම සම්බන්ධයෙන් විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසෙන්ජ්ට එරෙහිව නඩු පැවැරීමට ඇමෙරිකාවේ නීතිවේදීන් හොර රහසේ කටයුතු කරන බව ඇසෙන්ජේගේ නීතීඥ බල්තසාර් ගාර්සොන් පවසයි.
ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ඇසෙන්ජ් (41) මේ වනවිට රැඳී සිටින්නේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ලතින් ඇමෙරිකානු රටක් වන එක්වදෝර තානාපති කාර්යාලයේය.
ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි ඇසෙන්ජ්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි. ඇසෙන්ජ් තම රටට බාර දෙන්නැයි ස්වීඩන රජය බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලා ඇති අතර බි‍්‍රතාන්‍ය රජය ඊට කැමැත්ත පළ කර ඇත.
බි‍්‍රතාන්‍යයේ සිටිද්දී, රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ වරදට දඬුවම් කර ඇසෙන්ජ්ගෙන් පළි ගැනීමට ඇමෙරිකාවට නුපුළුවන්ය. ස්වීඩනයට ගෙන්වා ගැනීමෙන් ඇමෙරිකාව තමන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව ඇසෙන්ජ් මෙන්ම ඔහුගේ නීතීඥ ගාර්සොන් ද පවසයි. ස්පාඤ්ඤ ජාතිකයකු වන ගාර්සොන්, හිටපු විනිසුරුවරයක් ද වෙයි.
ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයට ගොස් එක්වදෝරයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ එහෙයිනි. එක්වදෝර ජනපති ඇසෙන්ජ්ට තම රටේ දේශපාලන රැකවරණ ලබා දීමට ද කැමැත්ත පළ කර ඇත. කෙසේ නමුත් ඇසෙන්ජ්ට ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටවීමට නොහැකිය. ඇසෙන්ජ් ඉන් පිටතට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය සීරුවෙන් සිටී.
මේ අතර ස්වීඩනයට බාරදීමෙන් වැළැකී, ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ සිටින විකිලීක්ස් සංස්කාරක වරයා සම්බන්ධයෙන් එක්වදෝර රජය සමඟ දිගින් දිගටම සාකච්ඡා පවත්වන බව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාව හොර රහසේ විකිලීක්ස් සංස්කාරකට නඩු පවරන්න හදනවා
අමිල කටුනායක Friday, 07 September 2012 07:20 PM
ඇමෙරිකාව කරන තරමක් කරන්නේ යටි කූට්ටුවැඩ (අ)
සිල්වා Saturday, 08 September 2012 03:24 AM
ලකංිවට විතරක් වලංගු අපූරු මාධ්‍ය නිදහසක්නේ. (නි)
ජගත් බලවත්ගම Saturday, 08 September 2012 09:34 PM
මේවා හොද එයාලට විතරයි..!! අපිට හොද නැහැ..!!(නු)