ඕනෑම අවස්ථාවක ඇමෙරිකාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට තමන්ට ශක්තියක් ඇතැයි උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියා හමුදා වයිස් මාෂල් රී යොං හෝ ඇමෙරිකාවට එම අනතුරු ඇඟවීම කළේ ඊයේ (26) උතුරු කොරියා හමුදාවේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති හමුදා පෙළපාළියට සහභාගී වූ අවස්ථාවේදීය. යොං හෝ වැඩි දුරටත් කියා සිටියේ ඇමෙරිකාවට පහර දීමට ප‍්‍රබල අවි ආයුධ තම හමුදාව සතුව ඇති බවය.
උතුරු කොරියාව තෙවැනි වරටත් න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමට සූදානමින් සිටින බව ද යොං හෝ එම අවස්ථාවේදී තහවුරු කළේය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සම්බාධක පනවා උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා කර ඇත්තේ ඔවුන් මීට පෙර සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසාය. ඇමෙරිකාව තරයේ කියා සිටින්නේ උතුරු කොරියාව ලොවට තර්ජනයක් බවය.
මේ අතර දකුණු කොරියාව සමඟ එක් වී ඇමෙරිකාව තම රටට එල්ල කරන තර්ජන තවත් ඉවසා සිටිය නොහැකි යැයිද රී යොං හෝ පවසයි.
තම හමුදාව සතු අවි ආයුධවලින් එල්ල කරන එක් ප‍්‍රහාරයකින් ඇමෙරිකාව අඩපණ කිරීමට තමන්ට හැකියැයි ද ඔහු අවධාරණය කළේය. එපමණක් නොව තමන්ට එදිරිවාදිකම් කිරීමේ වරදට දකුණු කොරියාව විනාශ කිරීමට ද පසුබට නොවන බව රී යොං හෝ පවසයි.
ඇමෙරිකාව පවසන්නේ උතුරු කොරියාවට ඔවුන්ගේ යුද ශක්තිය වර්ධනය කර ගැනීමට සහාය දෙන්නේ චීනය බවය. උතුරු සහ දකුණු කොරියාව අතර මැදහත්කරුව සිටින්නේ ද චීනයයි.
ඇමෙරිකානුවන් ආසියා කලාපයේ ඔවුන්ගේ බලය වර්ධනය කර ගැනීමට ගන්නා උත්සාහයට චීනය දැඩි විරෝධයක් එල්ල කරයි. මේ වනවිට ඇමෙරිකාව පිලිපීනයත් සමඟ එක්වී පවත්වන යුද අභ්‍යාසයට ද චීනය විරෝධය පළ කර ඇත.
මීට සති කිහිපයකට පෙර, උතුරු කොරියාව රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඇමෙරිකාවත් දකුණු කොරියාවත් ජපානයත් එම අවස්ථාවේදී තරයේ කියා සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බැලීමට උත්සහ කළ බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාවට පහර දෙන්න ප‍්‍රබල අවි අපට තිබෙනවා
චන්දවිමල හිමි Friday, 27 April 2012 09:45 AM
මේ දෙගොල්ලොම එකයි නේද ? අහවල් දේකට බෙදිලද ? එකා වන්ව සිටියනම් මොනතරම් බලයක්ද ? ඒක තේරුම් ගන්න හොදම කාලය දැන්. දේශපාලනය තමයි හැමටම මුල.
එස්.එල්.ටී.කේ. Friday, 27 April 2012 05:19 PM
හැබැයි මහජනතාව බඩගින්නේ නේද ?
සුපුන් ලක්ෂාන් Sunday, 29 April 2012 09:22 PM
ඇල්බට් අයින්ස්ටයින් කියලා තියෙන්වලු 3 වන ලෝක යුද්ධයක් ඇතිවුනොත් ඒක තියෙන්නෙ ටික කාලයයි, නමුත් 4 වන ලෝක යුද්ධයේදි මිනිස්සු සටන් කරන්නෙ ගල් මුල් වලින් කියල...
ගීත් Monday, 30 April 2012 01:46 AM
ඉවසනවා කියලා හැමදාමත් ඉවසන්න පුළුවන්ද?
මකරා Monday, 30 April 2012 08:26 AM
කියකියා ඉන්නේ නැතිව වැඩේ කළා නම් හරි නේද?