X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


ඇල්ජීරියා ප‍්‍රාණ ඇපකරු සිද්ධියේ ‘මහ මොළකරු’ මොක්තාර් මරා දැමේ

මාලි රජයේ හමුදාවට සහාය දෙමින්, එරට නගර අත්පත් කරගෙන සිටින ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව සටන් වදින චැඞ් රාජ්‍යයේ හමුදා සෙබළුන් ඊයේ (3) කියා සිටියේ ඔවුන් එල්ල කළ ප‍්‍රහාරයකින් ඇල්ජීරියානු ප‍්‍රාණ ඇපකරු සිද්ධියේ මහ මොළකරු මොක්තාර් බෙල්මොක්තාර් ජීවිතක්ෂයට පත් වූ බවය.
අල් කයිඩාවට සම්බන්ධ ජිහාඞ්වාදී ඉස්ලාමීය සටන්කාමීන් මාලි රාජ්‍යයේ අසල්වැසියකු වන ඇල්ජීරියාවේ ටිගැන්ටුරීන් නමැති ස්වභාවික වායු බලශක්ති බලාගාරයට කඩා වැදී, එහි සිටි විදේශිකයන් රැසක් ප‍්‍රාණ ඇපයට ගත්තේ පසුගිය ජනවාරි 16 වැනිදාය. එම ප‍්‍රාණ ඇපකරු සිද්ධිය පසුපස සිටි මහ මොළකරු මොක්තාර් බෙල්මොක්තාර්ය.
ප‍්‍රාණ ඇපකරුවන් රඳවා ගත් ජිහාඞ් සටන්කාමීන් ඉල්ලා සිටියේ මාලි රටේ තම සටන්කාමීන්ට එරෙහිව ප‍්‍රංශය සහ චැඞ් රාජ්‍යයේ හමුදා ගෙන යන මෙහෙයුම් වහා නවත්වන ලෙසටය. චැඞ් යනු මාලි සහ ඇල්ජීරියාවේ අසල්වැසි රාජ්‍යයකි.
ප‍්‍රාණ ඇපකරුවන්ට හිස නොනැමූ ඇල්ජීරියානු රජය ඉකුත් ජනවාරි 17 වැනිදා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දුන් අතර එහිදී ප‍්‍රාණ ඇපයේ සිටි ප‍්‍රංශ, බි‍්‍රතාන්‍ය, ඇමෙරිකානු, නෝර්වේ ඇතුළු සෙසු විදේශික සේවකයෝන්, ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පීහු 23 දෙනෙක් සහ ඉස්ලාමීය සටන්කාමීහු 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
බලාගාරයේ සිටි ඇල්ජීරියානු ජාතික සේවකයන් 685 දෙනකු සහ විදේශීය සේවකයන් 107 දෙනකුට නිදහස හිමිවිය. ඇතැම්හු බේරී පලා ගියහ.
මාලි රාජ්‍යයේ උතුරුදිග ප‍්‍රදේශ අල්ලා ගෙන සිටින්නේත්, ඇල්ජීරියානු ප‍්‍රාණ ඇපකරු සිද්ධියට සම්බන්ධ වූයේත් උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන්ය. මාලි රජයට සහ එරට හමුදාවට සහාය දෙමින් සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ කර ඇති තම රටේ හමුදා සෙබළුන් අතින් බෙල්මොක්තාර් මියගිය බව මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේ චැඞ් ජනාධිපති ඉඞ්රිස් ඩෙබීය. බෙල්මොක්තාර් සමඟ තවත් අල් කයිඩා සටන්කාමීන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.
එම සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ වී ඇත්තේ උතුරුදිග මාලි රාජ්‍යයේ කඳුකර ප‍්‍රදේශවලදීය. ප‍්‍රංශ හමුදාවේ සහාය ද චැඞ් සෙබළුන්ට හිමිවී ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

ඇල්ජීරියා ප‍්‍රාණ ඇපකරු සිද්ධියේ ‘මහ මොළකරු’ මොක්තාර් මරා දැමේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site