X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ඇවිද්ද පය මොළේට වටී

ඇවිදීම මොළයේ මතක ශක්තිය වර්ධනය කිරීමට හේතු වන්නේ යැයි ඇමරිකාවේ පිට්සර්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

ඔවුන් පවසන ආකාරයට සතියට දින 3 ක් වත් එක් දිනකට මිනිත්තු 40 ක පමණ කාලයක් ඇවිදින්නේනම් එය මොළයේ මතක ශක්තිය වර්ධනය වීමට හේතු වේ.

පර්යේෂක පිරිස වයස අවුරුදු 55 ත් 80 ත් අතර වූ පුද්ගලයින් පිරිසක් තෝරාගෙන සිදුකළ පර්යේෂණයකින් මේ කරුණු හෙළිව ඇත.

මුලින්ම ඔවුන්ගේ මොළයේ පරිලෝකන ඡුායාරූපයන් ලබාගෙන ඇති පර්යේෂක පිරිස සතියකට දින 3 ක් විනාඩි 40 බැගින් ඇවිදීමට කාලය වැය කරන්නැයි ඔවුන්ට උපදෙස් දී තිබේ.මෙසේ වසරකට පසු යළිත් ඔවුන්ගේ මොළයේ පරිලෝකන ඡායාරූපයන් ලබාගෙන ඇති පර්යේෂක පිරිසට දැකගත හැකිව තිබෙනුයේ ඔවුන් සියලූදෙනාගේම මොළයන්ගේ මතක ශක්තිය සදහා හේතු වන ප‍්‍රදේශයන් සියයට 2 කින් පමණ වර්ධනය වී ඇති බවයි.

වයසත් සමග මොළයත් අකර්මණ්‍ය වන්නේයැයි පිළිගැනෙනා මුත් මේ පර්යේෂණයෙන් මොළයට ජීවය දීමේ ක‍්‍රම ඇත්තේයැයි පෙනී යන බව පර්යේෂක පිරිසේ ප‍්‍රධානී ආචාර්ය කර්ක් එරික්සන් පවසයි.

‘‘මේ ප‍්‍රතිඵල ලබාගන්න වැඩි මහන්සියක් විය යුතු නැහැ.පොඞ්ඩක් ඇවිදින එක විතරයි කරන්න  ඕනේ.මෙකෙන් වෙන්නේ වයසට යන එක පමා කිරීමක් වගේ දෙයක්‘‘ යැයි ඔහු කියයි.

නමුත් මොළය වර්ධනය වීමට යැයි කියා පණ කඩාගෙන ඇවිදීම පමණක් සෑහෙන්නේ නැති බව පර්යේෂක පිරිස පවසති.

‘‘ඇවිදින එක පමණක් නොවේ.ව්‍යායාම කිරීම මොළයේ වර්ධනයට බලපානවා.නමුත් මොළයේ වර්ධනයටය කියලා පමණටත් වඩා ව්‍යායාමයන් කිරීම කිසිදු ඵලයක් නැති දෙයක්.මොළය ගෙවී යන එකයි වෙන්නේ.ඒ නිසා තමන් ආශා කරන,සතුටක් ලබන ව්‍යායාමයක් තෝරා ගැනීම වැදගත්.මොකද සතුටින් කරන දෙයක් නම් මොළයට පීඩනයක් ඇත්තේ නැහැ.ඒකත් වයසට යන එක ප‍්‍රමාද කරන හේතුවක් තමයි‘‘ ආචාර්ය එරක්සන් කියයි.

 

 



අදහස් (0)

ඇවිද්ද පය මොළේට වටී

ආරියසේන Thursday, 20 February 2014 09:27 PM

ඇවිදින පය දහස් වටී කියල අපේ පුරාන කියමනක් තියෙනවා නේ. ඇමරිකාව ඒක නොදැන වෙන්න ඇති. (අ)

:       0       0

Shan Friday, 21 February 2014 10:42 AM

අපේ පාර්ලිමේන්තුවට වාහන යන එක නතර කරලා යන අය මග ඉඳල පයින් යන්න සැලසුවොත් ලංකාවටත් හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන් (අ)

:       0       0

වරුණ Friday, 21 February 2014 09:22 PM

ප්‍රයිවෙට් බස් වලින් බේරිලා යන්න පුලුවන්නම් තමයි ඇඟට ගුණ (දී)

:       0       0

චමී Saturday, 22 February 2014 10:05 AM

අපරාදේ ඉස්කෝලේ යන කාලේ දැනගත්ත නම් මම පයින් යනවා දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරු තුඩුවට(දිල්)

:       0       0

මෙවන් Saturday, 22 February 2014 06:09 PM

මේක සත්‍යයක් කියල හිතෙනවා මොකද අපේ ගම්වල ජීවත්වන වැඩිහිටි පරම්පරාව කරන්නෙම පයින් ඇවිදින එකනේ. ඒ ගොල්ලත් එක්ක කතා කලහම මැන ගන්න පුළුවන් ඒ ඇත්තන්ගේ මතක ශක්තියේ පරිමාව. (දී)

:       0       0

ලලිත් Sunday, 23 February 2014 10:37 AM

එකනේ ඇවිද්ද පය දහස් වැටි කියන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site