විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර කිරීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් පියවර ගෙන ඇත.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වී ගියේ 2021 වසරේ අගෝස්තුවේය. ඉන්පසු තලේබාන් ත්‍රස්ත සංවිධානයට යළි බලයට පැමිණ, නව රජයක් පිහිටුවූයේය. අද ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ තලේබාන් සංවිධානයයි.
තලේබාන් පාලකයන් ඔවුන්ට ආවේණික දලදඩු ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, නිදහසේ ජීවත් වීමට ඇෆ්ගන් කාන්තාවන්ට ඇති අයිතිය ඔවුන් උදුරා ගෙන ඇතැයි ජගත් මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පැහැදිලි කර තිබේ.
බාලිකා අධායපන ද තහනම් කර තිබේ. කාන්තාවන්ට රැකියාවල නියැලීම ද තහනම්ය. විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කිරීමට තලේබාන් පාලකයන් කටයුතු කර ඇත්තේ පෙරේදා (9) ය.
කාන්තාවන් සම්බන්ධයෙන් මෙම නව තහංචි පැනැවීම සිදු කර ඇත්තේ ද ඇෆ්ගන් තලේබාන් රජයේ සදාචාරාත්මක සමාජයක් පිහිටුවීමේ අරමුණින් පිහිටුවා ඇති අමාත්‍යාංශයයි.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇෆ්ගන් කතුන්ට තවත් තහංචියක්
Hira Friday, 11 November 2022 02:18 PM
මොහොමඩ්ලාගේ පරම්පරාව ගැහැණු එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ. මේ අය නම් මානසික ලෙඩ්ඩු...
Rizwi Friday, 11 November 2022 08:59 PM
ඇෆ්ඝනිස්ථානය, ඉරානය වැනි රටවල පවතින ආගමික උන්මත්තකයින් පනවා ඇති ගෝත්‍රික නීතිරීතිවලට එරෙහිව, ඒ රටවල වෙසෙන අසරණ ජනතාව බේරාගැනීම සඳහා ඇමරිකාව, ඊශ්‍රායලය, යුරෝපා රටවල් එකතු වී හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිම ඉතාමත්ම කාලෝචිතයි. මේ ආගමික උන්මත්තකයින් මෙලොවින් තුරන් කළ යුතුයි.