ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි මරා දැමීමට අල් කයිඩා සටන්කාමීන් දැරූ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත් විය. ඇෆ්ගන් බුද්ධි අංශ පවසන්නේ එම ඝාතන සැලැස්මට සම්බන්ධ ජනපති කර්සායිගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් පිරිස අතර කාබුල් වෛද්‍ය සරසවියේ කථිකාචාර්යවරුන් දෙදෙනකු සහ සිසුන් දෙදෙනකු ද සිටින බව බුද්ධි අංශ පවසයි. එම පිරිස ළඟ තිබී පුපුරණ ද්‍රව්‍ය සවිකළ ඇඳුම් කට්ටල ද හමුවී ඇතැයි වාර්තා වේ. එම පිරිසට නායකත්වය දී ඇත්තේ සයාද් අකා නැමැත්තෙකි. ඔහු ආගමික ගුරුවරයෙකි. එම පිරිස ජනාධිපති කර්සායිගේ සමීපතම ආරක්ෂක නිලධාරියකු සමඟ මිතුරු වී ඇත. සයාද් අකා, ඊජිප්තුවේ, බංග්ලාදේශයේ සහ මෙන්ම උතුරු වසිරිස්තාන පළාතේ ද සම්බන්ධකම් ඇති තැනැත්තෙකි. මොවුන් අසල්වැසි පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ අල් කයිඩා සටන්කාමීන්ගෙන් බෝම්බ ඇටවීම් සහ අවි ආයුධ පිළිබඳ පුහුණුවක් ලබා ඇති බව ද ඇෆ්ගන් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි. උතුරු වසිරිස්තානය අල් කයිඩා සටන්කාමීන්ගේ රජ දහනක් යැයි ඇමෙරිකන් හමුදා පවසයි. ඇෆ්ගන් ආරක්ෂක අංශ, බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු අනුව යමින් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙරය. එම අවස්ථාවේදී ද ඔවුන් ඇෆ්ගන් ජනාධිපති කර්සායි ඝාතනය කිරීමට පුහුණු වෙමින් සිටි බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමත්‍යංශයේ ප‍්‍රකාශක සිදික් සිදීකී පවසයි. ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ඇෆ්ගන් රජයේ සාම නියෝජිතවරයකු ද වූ බුහනුදීන් රබානී ඝාතනය පසුපස සිටින්නේ ද එම පිරිස යැයි ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටියි. එපමණක් නොව මීට මාස කිහිපයකට පෙර ඇෆ්ගන් ජනාධිපති කර්සායිගේ සොහොයුරා ඝාතනය කිරීමට හවුල් වී ඇත්තේ ද ඔවුන්ය. කර්සායිගේ සොහොහුරා මෙන්ම රබානි ද ඝාතනය කෙරුණේ ඔවුන්ට සමීපවසිටි ආරක්ෂක නිලධාරීන් අතිනි. එම නිලධාරීන් මිතුරු වෙසින් පැමිණි සටන්කාමීන් බව පසුව හෙළි විය. ඇෆ්ගන් බුද්ධි අංශ පෙන්වා දෙන්නේ අත්අඩංගුවේ පසුවන එම පිරිස පාකිස්තානයේ කි‍්‍රයාත්මක යැයි පැවැසෙන ‘හකානී’ සටන්කාමීන් සමඟද සම්බන්ධකම් පවත්වන බවය. ඇමෙරිකාව පමණක් නොව ඇෆ්ගන් බුද්ධි අංශ පවා පාකිස්තාන රජයට දොස් පවරා ඇත්තේ හකානී සටන්කාමීන්ට සහාය දෙන බවටය. එහෙත් එම චෝදනා පාකිස්තාන රජය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. මේ අතර ඉන්දියාවේ සංචාරයක යෙදෙන ඇෆ්ගන් ජනාධිපති පෙරේදා (5) ඉන්දීය රජය සමඟ එක්වී ආරක්ෂක ගිවිසුමකට අස්සන් තැබුවේය. එම ගිවිසුම යටතේ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කර ඇති හෙයින් ඇෆ්ගන් ආරක්ෂක අංශවලට පුහුණුව ලබා දීමට ද ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇෆ්ගන් ජනපති ඝාතනයට අල්-කයිඩාව දැරූ තැත වරදී