ඇෆ්ගනිස්තානයේ දකුණු කන්දහාරයේ පොලිස් මුරපොළකට ඊයේ (31) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් එහි සිටි නිලධාරීන් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර සත් දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ ආර්ගිස්තාන් පිහිටා ඇති පොලිස් මුරපොළටය. බෝම්බකරු මෝටර් රථයකින් පැමිණි බවත්, පොලිස් නිලධාරීන් ඔහු පරීක්ෂා කිරීමට සැරසෙද්දී බෝම්බය පුපුරුවා ගෙන ඇති බවත් වාර්තා වේ. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති නමුත් එය තලේබාන් සටන්කාමීන්ගේ සැහැසි කි‍්‍රයාවක් යැයි ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය පවසයි. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීහු නිරන්තරයෙන් එරට ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කරති. කන්දහාරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පසුගිය මාස කිහිපයේ ඉහළ ගිය බව ද ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇෆ්ගන් පොලිස් මුරපොළකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්