ඇෆ්ගනිස්ථානයේ කාබුල්නුවර පිහිටි එරට ජනාධිපති හමීඞ් කර්සායිගේ නිල මන්දිරයට ඊයේ (25) අලූයම තලේබාන් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය.
එරට සාමාන්‍ය වැසියන් ලෙස වෙස්වලාගත් තලේබාන් සටන්කාමීන් සිවුදෙනකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති අතර ජනපති මැදුරේ ආරක්‍ෂකයන් හා සටන්කාමීන් අතර පැවැති වෙඩි හුවමාරුවලින් ප‍්‍රහාරයට සම්බන්ධ වූ සටන්කාමීන් සිවුදෙනාම ජීවිතක්ෂයට පත් වී ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.
ඇෆ්ගන් වේලාවෙන් පෙරවරු 6.30ට පමණ ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ජනපති මැදුරේ නැගෙනහිර දොරටුවෙන් බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
ඒ වන විට ජනාධිපති හමීඞ් කර්සායිද නිල මන්දිරයේ සිට ඇතැයි වාර්තා වේ. එහෙත් ඔහුට කිසිදු අනතුරක් වී නොමැත.
කාබුල් නුවර පොලිස් ප‍්‍රධානී අයෝබ් සලන්ගි ප‍්‍රකාශ කරනු ලැබුවේ ව්‍යාජ ආරක්‍ෂක රථවාහන බලපත‍්‍ර භාවිත කරමින් ජනාධිපති මැදුරේ මුරකපොලූ වලින් රිංගා ගත් ප‍්‍රහාරකයන් සිවු දෙනකු එල්ල කළ මෙම ප‍්‍රහාරය මේ වන විට එරට ආරක්‍ෂක අංශ විසින් පාලනය කරනු ලැබූ බවයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා පැය දෙකකට වැඩි කාලයක් ගත වී ඇතැයි ද වාර්තා වේ.
එම කාලය තුළ විශාල පිපිරීම් හා ඇෆ්ගන් ආරක්‍ෂක අංශ සහ සන්නද්ධ ප‍්‍රහාරකයන් අතර දීර්ඝ ලෙස වෙඩි හුවමාරු වූ බවද බී.බී.සී. ලෝක ප‍්‍රවෘත්ති සේවය සඳහන් කරයි. මෙම ප‍්‍රහාරයේදී පිපිරීම් 14ක් වත් සිදුවන්නට ඇතැයි පැවසේ.
සන්නද්ධ පිරිස ඇෆ්ගන් ජනාධිපතිවරයාගේ ආරක්‍ෂකයන් සමඟ ද වෙඩි හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වේ. එම වෙඩි හුවමාරුවෙන් එම ආරක්‍ෂකයන්ට තුවාල සිදුවී නොමැති බව බී.බී.සී. ලෝක ප‍්‍රවෘත්ති සේවය පවසයි.
ඇෆ්ගන් ජනපති නිල මැදුරට ප‍්‍රහාර එල්ල වූ ඊයේ (25) දිනයේ ජනාධිපති හමීඞ් කර්සායි එරට සිටින දෙස්-විදෙස් මාධ්‍යවේදීන් ඇමතීමට නියමිතව සිටියේය.
![]() |
ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්වූ ජනපති නිල නිවස |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇෆ්ගනිස්තාන ජනපති නිල මැදුරට තලේබාන් ප‍්‍රහාරයක්
නුවන්තිකා Wednesday, 26 June 2013 02:53 PM
මුස්ලිම් ජාතියම අල්ලාහ් කියා කියා කරන අපරාධ වල මුල තමයි ඔය. අපි අනිත් ආගම් වලට ගරු කරාට ඒ ආගම වලින් අපේ ආගමට අගෞරව කරනවට තමයි ඔහොම දේවල් වෙන්නේ.(නදී)
ප්‍රසා Wednesday, 26 June 2013 03:41 PM
දැන් ඔයාලට හැමදාම යුද්ධ කර කර තමයි ඉන්න වෙන්නේ (නි)
සෑම් Wednesday, 26 June 2013 07:33 PM
රිශාන්, ඔන්න දෙයියන්ගේ රාජ්‍යයේ වෙන දේවල්..... (නි)