ඇෆ්ගන් සටන්කාමීන් විසින් පැහැර ගනු ලැබූ විදෙස් වෛද්‍යවරියන් දෙදෙනකු ඇතුළු සහන සේවකයන් පස් දෙනකු බේරා ගැනීමට ඇෆ්ගන් සහ ඇමෙරිකා හමුදා සෙබළු පෙරේදා (2) සමත් වූහ. වෛද්‍යවරියන් දෙදෙනා ස්විට්සර්ලන්ත ජාතිකයෝ දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාත් සෙසු සහන සේවකයෝ තිදෙනාත් ස්විට්සර්ලන්තයේ ආධාර ලැබෙන ඇෆ්ගන් සහන සේවා ආයතනයක සේවය කළ අය වෙති. සටන්කාමීන් එම පිරිස පැහැරගෙන ගොස් ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීය. එම අවස්ථාවේ ඔවුහු ගංවතුරින් විපතට පත් ගම් වැසියන්ට බෙහෙත් රැගෙන බඩක්ෂාන් පළාතට යමින් සිටියහ. ප‍්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සටන්කාමීන් ඇෆ්ගන් රජයෙන් මුදල් ඉල්ලීමක් ද කර ඇත. සහන සේවකයන් බේරා ගැනීමට ඇෆ්ගන් සහ ඇමෙරිකා හමුදා සිදුකළ මෙහෙයුමේදී සටන්කාමීන් පස් දෙනකු ඝාතනය වූ බව ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි. සටන්කාමීන් ප‍්‍රාණ ඇපකරුවන් රඳවා තැබුණු තැන සොයා ගැනීමට ඇමෙරිකන් සහ ඇෆ්ගන් හමුදා සෙබළුන්ට හැකි වී ඇත්තේ බුද්ධි අංශ තොරතුරු සහ චන්ද්‍රිකා තාක්ෂණයේ උදව්වෙනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇෆ්ගනිස්තානයේ ප‍්‍රාණ ඇපයේ සිටි විදෙස් සහන සේවකයෝ බේරා ගැනෙති