ඉක්වදෝරයේ ඇතිවූ භූකම්පනයක් හේතුවෙන් අඩු ගණනේ 270කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
සෙනසුරාදා (17) රිච්ටර් මාපකයේ 7.8 ක භූකම්පනයක් හේතුවෙන් තම රටට බලපෑම් එල්ලවූ බවත් භූකම්පනය ඉක්වදෝර මුහුද ආසන්නයේ ඇතිවී ඇති බවත් එරට උප ජනපති ජෝර්ජ් ග්ලාස් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවසීය.
උප ජනපතිවරයා පැවසූයේ එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවත් ආපදාවට ලක්වූ ප්‍රදේශවල වැසියන් බේරාගැනීමේ කටයුතු සිදුවන බවත්ය. සුනාමි අවදානමක් ද ඉක්වදෝරයට ඇතිවී ඇතැයි කියති.
කම්පනය අවස්ථාවේ එරට ප්‍රධාන නගර ආශ්‍රිතව පිහිටා ඇති සුපිරි වෙළඳසල්වල භාණ්ඩ මිලට ගැනීමට පැමිණ සිටි පිරිස් විසිවී වැටෙන ආකාරය හා ගබඩා කර තිබූ බඩු භාණ්ඩ ආදිය පෙරළී යන දසුන් කැමරාවල සටහන්ව ඇති බවත් විදෙස් පුවත් සේවා කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉක්වදෝරයටත් භූමි කම්පාවක් : 270ක් මරුට