X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ඉතියෝපියාවේ බෙදුම්වාදී අරගලය අවසන් වන ලකුණු

ඉතියෝපියාවේ උතුරුදිග ටිග්‍රේ පළාතේ බෙදුම්වාදී සටන්කාමීන් සහ ඉතියෝපියානු රජයේ හමුදා අතර පවතින යුද ගැටුම් අවසන් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

යුද ගැටුම් අවසන් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, අප්‍රිකා සංගමයේ මැදිහත් වීමෙන් ඉතියෝපියානු රජය සහ ටිග්‍රේ බෙදුම්වාදීන් අතර පැවැති සාමකතා සාර්ථක වූ නිසාය.

ඉතියෝපියානු රජයේ පාර්ශ්වය සහ බෙදුම්වාදීන් අතරේ සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ අප්‍රිකා සංගමය වෙනුවෙන් නයිජීරියානු හිටපු ජනාධිපති ඔලුසෙගොන් ඔබාසන්ජෝ මැදිහත් වී පැවැති සාකච්ඡාවලින් පසුවය.

බෙදුම්වාදීන් සමඟ සාම සාකච්ඡා ඇරැඹීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ඉතියෝපියානු අග්‍රාමාත්‍ය ඇබේ අහ්මද් පවසා තිබේ.
ටි්‍රගේ බෙදුම්වාදීන් අවි බිම තැබීමට කැමැත්ත පළ කළේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බැලීමට ඉතියෝපියානු රජය තීරණය කළ බැවින් යැයි ද විදෙස් මාෂ්‍ය පවසයි. ඒ අනුව, අවනීතිය රජ කළ ටිග්‍රේ පළාතේ නීතිය හා සාමය සුරැකීමට කඩිනමින් පියවර ගන්නා බව ඉතියෝපියානු රජය පවසා ඇත.

ඉතියෝපියාවේ බෙදුම්වාදී අරගලය ආරම්භ වූයේ 2020 නොවැම්බරයේය. ගැටුම් ඇවිලී ගියේ ටිග්‍රේ බෙදුම්වාදීන් සහ ඉතියෝලියානු රජයේ හමුදාව අතරේය. සටන්වලදී ඉතියෝපියා රජයේ හමුදාවට අසල්වැසි රටවල සහාය හිමිවිය. එරිත්‍රියානු හමුදාවේ ද සහාය හිමිවිය.

එරිත්‍රියාව යනු අතීතයේ ඉතියෝපියාවට අයත් කොටසකි. එරිත්‍රියාව, ඉතියෝපියාවෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් වූයේ දශක ගණනක් තිස්සේ පැවැති බෙදුම්වාදී අරගලයකින් පසුවය. ටි්‍රගේ බෙදුම්වාදීන්ගේ ද ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවය.

(රොයිටර්)



අදහස් (0)

ඉතියෝපියාවේ බෙදුම්වාදී අරගලය අවසන් වන ලකුණු

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site