X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


ඉන්ද්‍රානි හා අනිල් පැරීසියේ ප‍්‍රණාමයට

හැත්තෑව දශකයේ දිනක කොළඹ බෞද්ධ කාන්තා විදුහලේ ඉගෙනුම ලබන නැගණිය පාසැල් නිවාඩුවට රත්නපුරේ තම පවුලේ නිවසට පැමිණියාය. සංගීත ලෝලියකුවූ තම අයියා හමුවීමට පැමිණෙන ඔහුගේ කලාකාමි මිතුරන් සමග කතා බස් ඇයට ද ඉඳහිට වටින් ගොඩින් ඇසෙන්නේය. එම කතා අනුව ලස්සනට සිංදු ගායනා හැකි ගැහැණු ළමයෙක් සොයා ගැනීමට අයියා සහා මිතුරු කැළ වෙහෙසෙන බව නැගණියට අවබෝධ කර ගැනීමට එතරම් හෝරාවක් ගත නොවීය.

සැමදා මෙන් එදාද සබරගමු තේ සහිත බිස්කට් කෙසෙල් ගෙඩි ඇතුළත් බන්දේසිය සාලයට ආවේය. අයියා සමග සිටි පිරිසට බෙදීමෙන් පසු එය කුඩා ටීපෝව මත තැබූ නංගී අයියාට යෝජනාවක් ගෙන ආවේය.

අයියලා හොඳට සිංදු කියන ගැහැණු ළමයෙක් හොයනවද ?

ඔව්, ඔයා දන්න කවුරු හරි ඉන්නවද? නංගි.

මගේ ඉස්කෝලේ ළමයෙක් ඉන්නවා එතරම් ලස්සන නම් නැහැ. හැබැයි කට හඬ නම් කියලා වැඩක් නැහැ අයියේ, ඒ තරමටම ලස්සනට සිංදු කියනවා.

ඇත්තද, අපිට එයාගේ ලස්සනෙන් වැඩක් නැහැ; ඔයාට එයා එක්කර ගෙන එන්න පුළුවන්ද?

මම ඒක කරන්නම් යැයි නංගී පොරොන්දු වූවාය.

පොරොන්දු වූ පරිදි දිනක නංගී විසින් මිතුරිය සමග එකල කොළඹ රීගල් සිනමා ශාලාව අසල පවත්වා ගෙන ගිය ‘සූර්ය රෙකෝඩ් බාර්‘ එකට පැමිණියාය. අයියාගේ මිතුරකු විසින් ලියා පදමලාව ද සකස් කොට සංගීතය එක් කළ ගීතයක් මිතුරියට දුන් අයියාගේ මිතුරු කැළ ඇය ගීතය ගයන අයුරු ඇස් පිල්ලන් නොගසා බලා සිටියහ.

නැවත දිනයක් ලබා දුන් ඔවුහු ‘එදාට අපි ගීතය පටි ගත කරමු‘යි පවසමින් නංගී සමග පැමිණි ඉන්ද්‍රාණි නම් මිතුරියට සමු දුන්හ.

ඔවුන්ගේ සමුගැනීමෙන් පසු සංගීත මිතුරු කැළ තීරණයකට පැමිනියාහ. දැන් ඉතින් කවුරුවත් හොයන්න ඕනෑ නැහැ. ඒ කෙල්ල නියමයි. අපි එයා ගනිමු. ඒ අනුව ප‍්‍රථම වරට දිල්හාණි දුවණී ගීතය ගයමින් ඉන්ද්‍රාණි පෙරේරා ගායිකාව ගේ සංගීත ලෝකය එළිපෙහෙළි වන්නට පටන් ගත්තේය.

මෙම සංගීත ලෝලී තරුණ කැළට උදව් උපකාර කළ කෙනෙක් එකල ගුවන් විදුලියේ සේවය කළේය. තරුණයන්ගේ හැකියාව දුටු ඔහු දෙවරක් නොසිතා ඔවුන්ට අත හිත දුන්නේය. එයට කෘතගුණ සැලකීමක් ලෙස ඔහුගේ දියණියට ගීයක් ද නිර්මාණය කළේය. එදා ජනප‍්‍රිය ගුවන් විදුලි ඉංග‍්‍රීසි සිංහල නිවේදක විජය කොරයාගේ දියණිය දිල්හාණී ය.

එදා එම ගීතය ලියා දුන්නේ අප අතරින් සමුගත් ශ්‍රී ලංකාවේ පොප් සංගීතයේ දැවැන්තයක වූ කැලැරන්ස් විජේවර්ධනයි. ඇය ඔවුන්ට මුණ ගැසීමට ඇනස්ලි මාලේවනගේ නංගී මුල් විය. ඉන්ද්‍රානි පෙරේරා සංගීත ලෝකයට පිවිසෙන්නේ එලෙසය. ඒ අනුව මුන්ස්ටෝන්ස් සංගීත කන්ඩායමට එකතුවු ඇය පසු කලකදී මුන්ස්ටෝන් විසිරෙන විට කැලැරන්ස් විසින් ගෝල්ඩන් චයිම්ස් ගොඩ නඟන අතර ඉන්ද්‍රානි ත‍්‍රී සිස්ටර් ගොඩ නැගීය. පසුකල කැලැරන්ස් සංගීතය සැපැයු ප‍්‍රථම චිත‍්‍රපටය වු සිකුරුලියා හී ”වසන්තයේ මල් කැකුළයි” ගීතය ගැයීමටද ඇය එක් වූවාය.

හැත්තෑව හා අසූව දශකයේ ශ්‍රීලංකාවේ ඉතාමත්ම ජනප‍්‍රිය පොප් සංගීත කණ්ඩායම් අතර ”ත‍්‍රී සිස්ටර්ස් ” සංගීත කණ්ඩායමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එම කණ්ඩායම එකම පවුලේ සහෝදරියන් තිදෙනෙකුගේ එකතුවෙන් බිහි වූවකි. ගායනයට උපන් හැකියාවක් තිබූ මෙම සහෝදරියන් අතරින් ඉන්ද්‍රානි පෙරේරා එකල ශ්‍රී ලංකාවේ ජනප‍්‍රියම ගායිකාවක් වුවාය. ඇගේ ගීත තරුණ පරපුරේ සිත් බැඳ ගත් අතරම ඇය යුග ගී ගැයීමටද එක් වුවාය. ඇගේ සමකාලීන ගායකයෙක් වූ අනිල් භාරතීද යුග ගී ගැයීමට ඇය හා එක් වුයේය. එකල ඇය නොමැති සංගීත ප‍්‍රසංඟයක් නොමැති තරමට ඇය ප‍්‍රසංඟ වේදිකාවේද ජනප‍්‍රිය ගායිකාවක් වූවාය.

එකල ජනප‍්‍රිය වූ ඔවුන් දෙදෙනා මෙවර පැරීසියේ සංගීත ප‍්‍රසංඟයකට සහභාගි වන්නේය. ඉන්ද්‍රානි පෙරේරා සමග අනිල් භාරතී ගී ගයන ප‍්‍රනාම උපහාරාත්මක සංගීත සැඳෑව මාර්තු 06 වැනි ඉරු දින සවස 03ට පැවැත්වීමට යයි. පැරීසියේ මීගමු සංවිධානයේ ‘සන්රයිස්‘ සංචාරක ආයතනයේ ප‍්‍රචාර අනුග‍්‍රහයෙන් පැරීසියේ කලාකරුවන් සුරැුකීමේ එකමුතුව මෙම ප‍්‍රසංඟය සංවිධානය කර ඇති අතර එකල දක්ෂ ගිටාර් වාදක උපාලි කන්නන්ගර සමග පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ ඡායා වෛබ්‍රේෂන් සංගීත කණ්ඩායම සංගීතයෙන් සහාය වේ.  

ප‍්‍රසංගයේ ප‍්‍රතිලාභ ශ්‍රී ලංකාවේ අඩු ආදායම් කලාකරුවන් වෙනුවෙන් වෙන්වන බව ප‍්‍රසංඟයේ සංවිධායකවරු පැවසූහ.

indrani_201632pranama

 



අදහස් (0)

ඉන්ද්‍රානි හා අනිල් පැරීසියේ ප‍්‍රණාමයට

ජයලත් මිගමුව Friday, 04 March 2016 07:59 AM

පැරිස්වල කළා කරුවෙක් ලංකාවේ කළා කරුවෙක්, අපි සමගයි ඔබලා. අපිට උදවූ කරන්න එන්න. (ර)

:       0       0

විපුල Sunday, 06 March 2016 07:48 AM

අපිත් පුළුවන් නම් නෑවිත් ඉන්නෙ නැහැ (නි)

:       0       0

ජගත් Saturday, 05 March 2016 10:12 AM

කල්දේරා මල්ලී ඔයාට සුදුසු තනතුරක් නම් දැනට නැහැ .ඉස්සෙල්ලා අපේ එකමුතුවට බැදෙන්න .ඊට පස්සේ ඔය මොකක් හරි තනතුරක් හදලා ඔයාට දෙන්නම් .(කෞ)

:       0       0

සේරම් පැරිස් Saturday, 05 March 2016 08:53 AM

මේක බලන්න එන කට්ටිය සෙල්ෆි කැමරා අරගෙන එන්න ඔවුන් සමඟ පින්තූරයක් ගැනීමට. එය ඔවුන්ටත් අපටත් ආඩම්බරයක් (නි)

:       0       0

කුමාර් Friday, 04 March 2016 07:30 PM

සුබ පැතුම්! (නි)

:       0       0

මිහිර Friday, 04 March 2016 06:14 PM

ඇත්තෙන්ම අගය කළයුතු දෙයක් (නි)

:       0       0

කිත්සිරි පැරිස් Friday, 04 March 2016 05:35 PM

ප්‍රණාම ඔබට! (නි)

:       0       0

නිර්මලා පැරිස් Friday, 04 March 2016 05:25 PM

අනිල් අයියේ, අපි එනවා ඔයාගේ සින්දු අසන්න (නි)

:       0       0

අනිල් පැරිස් Friday, 04 March 2016 05:23 PM

මුළු පැරිසියම හෙට අනිල් අයියා සහ ඉන්ද්‍රානි අක්කා බලන්න යනවා (නි)

:       0       0

බණ්ඩාර පැරිස් Friday, 04 March 2016 04:02 PM

ඉතා හොද වැ ඩක් අපිත් එනවා ..(කෞ)

:       0       0

සුජිත් පැරිස් Friday, 04 March 2016 03:53 PM

අපි දිගටම කළා කරුවන්ට උදවු කරනවා අපිට උදවු කරන්න (කෞ)

:       0       0

රන්ජිත් Friday, 04 March 2016 03:59 PM

මේ යන විදියට හෝල්ඒ ක ඉඩ ඇති වෙයිද අපිට බයයි (කෞ) .

:       0       0

කුරේ පැරිස් Friday, 04 March 2016 03:48 PM

මේවා හරි හොද වැඩ කවුරුත් උදවු කරමු .(කෞ)

:       0       0

අනිල් පැරිස් Friday, 04 March 2016 02:32 PM

පිරිසිදු චේතනා ගෙන දේ වාසනා, ඉතාමත් හොඳ ආරම්බයක් කියලා හිතුනා දායක වෙන අපිටත් දියත් කරන ඔබලාටත් ලොකු කුසල් කර්මයක් අරඹය වගේම නිමාවක් නොවෙන අවසානයකට දිගු අත්වෙලක් වේවා. ජගත් ඇතුළු ඔබ සැමට ජයවේවා, දිගු ගමනකට ආශීර්වාද. (ර)

:       0       0

රන්ජිත් Friday, 04 March 2016 08:12 AM

අපි හොද දෙයක් කරන්නේ කලා කරුවන්ට උදවු කරන එක අපිට උදවු කරන්න .. ප්‍රණාම (හේ)

:       0       0

මිලානෝ Wednesday, 02 March 2016 02:08 PM

ඉහත ලිපිය කියවද්දී පෙනී යන්නේ සංගීත කණ්ඩායම් කඩාගෙන පැන යාමේ ප්‍රවනතාවය ඉස්සර සිටම තිබු දෙයක් බවයි. (බ)

:       0       0

ජගත් පැරිස් Friday, 04 March 2016 07:38 AM

අපි දිගටම අපේ කලාකරුවන් රකිනවා. (නි)

:       0       0

සුජිත් පැරිස් Friday, 04 March 2016 07:41 AM

මේවා දකිනකොට හිතට අමාරු අය ඉන්නවා ඇති. ඒ වුණාට අපි අපේ වැඩ හොඳට කරනවා (නි)

:       0       0

නිමල් පිරිස් Friday, 04 March 2016 07:28 AM

මේවා ඉතා හොඳ වැඩ. කවුරුත් උදවු කරමු (නි)

:       0       0

ජයන්ත Thursday, 03 March 2016 07:27 PM

කළා කරුවන් රකිනෙක හොදයි (රේ)

:       0       0

විජය පැරිස් Thursday, 03 March 2016 07:33 PM

අනිල් අයියගේ සින්දු වලට අපි ආසයි ..බලමුකෝ (රේ)

:       0       0

අනුර පැරිස් Thursday, 03 March 2016 07:23 PM

පරණ සින්දු අහන්න අපි ආසයි අපි එනවා සින්දු අහන්න ..(රේ)

:       0       0

සමන් පැරිස් Thursday, 03 March 2016 07:18 PM

ඉ තා හොඳයි අපි කව්රුත් පවුලපිටින් එනවා ..(රේ)

:       0       0

අල්විස් පැරිස් Thursday, 03 March 2016 07:23 PM

සුබ අනාගතයක් ජයවේවා ..(රේ)

:       0       0

අනුර පැරිස් Thursday, 03 March 2016 07:19 PM

හොඳ වැ ඩක් අපි ඔක්කොමලා එකතුවෙලා බලන්න යමු ..නියමයි (රේ)

:       0       0

පිරිස් පැරිස් Thursday, 03 March 2016 06:58 PM

ප්‍රරන්ශයේ සියලු දෙනා බලන්න ඕනා මුයුසිකල් ශෝ එකක් සුබ අනාගතයක් .ජයවේවා (රේ)

:       0       0

සේරම් Thursday, 03 March 2016 10:09 AM

හොද ප්‍රසංගයක්.(හේ)

:       0       0

අජිත් කල්දේරා පැරිසිය Wednesday, 02 March 2016 03:08 PM

ඔය එකමුතුවේ අපිට මොකවත් තනතුරක් නැද්ද ?එහෙම නම් මමත් එනවා (බ)

:       0       0

ගනේවත්ත Wednesday, 02 March 2016 03:02 PM

හොඳ වැඩක් වගේ අපිත් එනවා කලාකරුවන්ට උදවු කරන්න (බ) .

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site