X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


ඉන්ද්‍රිය බද්ධ කිරීමේ පෙරැළියක්

මිනිස් ඉන්ද්‍රියන් සිරුරෙන් බැහැරව වුවද කි‍්‍රයාකාරී තත්ත්වයේ පවත්වා ගැනීමේ සමත් උපකරණයක් නිපදවීමට ඇමරිකා විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිති.

මෙය වැදගත් වනු ඇත්තේ ඉන්ද්‍රිය බද්ධ සිදුකරන ශල්‍යකර්ම වලදී බව ඔවුන් කියයි.

දැනට ඉන්ද්‍රිය බද්ධයක් සිදුකරන්නේ නම් ශල්‍යකර්මයට පෙර සිදුකළ යුතු කටයුතු බොහෝමයක් ඇත.

පරිත්‍යාගිකයින්ගෙන්  ලබා ගැනෙන අක්මාවක්,හෘදයක්,වකුගඩුවක්,පෙනහැල්ලක් වැනි ඉන්ද්‍රියන් අදාළ රෝගියාට එක්වනම බද්ධ කිරීම සිදුනොකෙරෙන අතර රෝගියා ශෛල්‍යකර්මයට සූදානම් කෙරෙන තෙක් එම ඉන්ද්‍රිය රඳවා තබා ගනුයේ අධි ශීත පරිසරයකය.අනතුරුව බද්ධ කිරීම සිදුකිරීමට යාමේදී යළිත් එම ඉන්ද්‍රිය අධි ශීත පරිසරයෙන් මුදවා ලීමටත් ඉන්ද්‍රියේ ආරක්ෂාවට එයට කිසියම් රසායන ද්‍රව්‍යයන් යොදා ඇත්නම් ඒවා ඉවත් කිරීමටත් සිදුවේ.

කෙතරම් කල් තබා ගැනීමේ උපක‍්‍රම භාවිතා කළත් නැවත මිනිස් සිරුරකට බද්ධ කිරීමට නම් මිනිස් ඉන්ද්‍රියක් සංරක්ෂණය කර තබා ගත හැකි කාලසීමාවක් තිබේ.පැය 20 ක් වැනි කාලයක් සංරක්ෂණය කර තබා ගත හැකි වකුගඩු වලට ඉහළම සංරක්ෂණ කාලය තිබෙන අතර හෘදයක් හෝ පෙනහැල්ලක් වැනි අවයවයක් යළිත් බද්ධ කෙරෙන තෙක් සංරක්ෂණය කර තබාගත හැක්කේ පැය 5 - 6 වැනි කාලයක් පමණි.

නව උපකරණයෙන් ඉන්ද්‍රියක් ශල්‍යකර්මයකට ගැලපෙන සේ සකස් කර ගැනීමට මේ තරම් කරදර වීමට සිදුනොවනු ඇතැයි එහි නිර්මාපකයෝ කියති.

කුඩා ප්ලාස්ටික් බෑගයක් හා සම වන මේ උපකරණයට හෘදයන් ස්පන්දනය කරවීමට,අක්මාවෙන් පිත නිපදවීමට,පෙනහලූ කි‍්‍රයාකාරී තත්ත්වයේ පවත්වාගැනීමට,වකුගඩු වලින් මුත‍්‍රා නිපදවීමට ආදී ලෙස එයට යොදන ඉන්ද්‍රියන් කි‍්‍රයාකාරීව පවත්වාගත හැකි යැයි සදහන්වේ.විද්‍යාඥ පිරිසට අනුව මෙම උපකරණය ආධාරයෙන් ශල්‍යකර්මයේදී කෙළින්ම අදාළ ඉන්ද්‍රිය බද්ධ කිරීමට වෛද්‍යවරුන්ට හැකිය.

ඉන්ද්‍රිය කි‍්‍රයාකාරී තත්ත්වයේම පවත්වාගත හැකි නිසා තවදුරටත් සංරක්ෂණ කාලය ගැන වදවිය යුතු නැතැයිද විද්‍යාඥ යෝ පවසති.

උපකරණයේ පිහිටෙන් ජීවී තත්ත්වයේම පවත්වාගත් පෙනහැල්ලක් පසුගියදා ඇමරිකා කාන්තාවකට බද්ධ කළ අතර සැත්කමින් පසුව ඇය දැන් සුවෙන් සිටින වෛද්‍යවරු කියති.

දැනට ඇමරිකාවේ රෝහල් කිහිපයක්ම මෙම උපකරණය භාවිතයට ගෙන තිබෙන අතර ඉදිරියේදී එය රට පුරා ව්‍යාප්ත කිරීමටත් උපකරණයේ වැඩිදියුණු කළ සංස්කරණයන් හදුන්වාදීමටත් විද්‍යාඥයෝ පිරිස බලාපොරොත්තුවෙන් සිටිති.

 



අදහස් (0)

ඉන්ද්‍රිය බද්ධ කිරීමේ පෙරැළියක්

jeevan Monday, 10 February 2014 03:55 AM

මේවා බටහිරින් එන නිසා අපට එපා...(අ)

:       0       0

හේලි Monday, 10 February 2014 07:51 AM

ජීවන් නියම කතාව! අපි ඉතින් මේවත් ප්‍රතික්ෂේප කරලා ඉතිහාසය ගැන උදම් අනමින් ඉඳිමු! (නදී)

:       0       0

විද්‍යා Thursday, 13 February 2014 12:37 AM

හෙලී කින කතාව ඇත්ත. උතුම් ඉතිහාසයක් ගෙන උදම් අනමින් අනාගතයට වල කපන ජාතියක් . අපේ දොස්තරලා ගොඩක් අය බටහිර රටවලට ගිහින් තමඊ අලුත් දේවල් ඉගන ගත්තේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site