X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ඉන්දියන් සාගරයෙන් පොළොව විදියි

ප්‍රථම වතාවට ඉන්දියන් සාගරයේ පත්ල සිදුරුකර පෘථිවි කබොල්ලට පහළින් ඇති ස්ථර පරීක්ෂා කිරීමට විද්‍යාඥයින් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සතියේ ආරම්භ කරණ මෙම ගවේෂණයේදී පෘථිවි කබොල්ලට පහළින් ඇති ප්‍රාවරණය නම් කොටසේ පාෂාණ නියැදි පරීක්ෂා කිරීමට එංගලන්තයේ භූවිද්‍යාව පිළිබඳ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. ජොයිඩස් රෙසලූෂන් නම් නැව මේ සඳහා යොදා ගනී.

කණ්ඩායම් නායක ආචාර්ය ක්‍රිස් මැක්ලියොඩ් මහතා පවසන්නේ පෘථිවි කබොල්ල කිලෝමීටර5.5ක් යටට සිදුරු කිරීමට වසර කිහිපයක් ගතවනු ඇති බවයි. මීට පෙර කිහිප වතාවක් පෘතිවි කබොල්ල සිදුරු කිරීමට ගත් උත්සාහයන් අසාර්තකවූ බවද ඒ මහතා පවසයි. මෙවර ඉන්දියන් සාගරයේ ඇට්ලාන්ටිස් බැන්ක් නම් ප්‍රදේශයේ කබොල්ල වඩා තුනී ස්ථානයක් තෝරාගත් බැවින් කාර්යය වඩාත් ඵලදායී වනු ඇති බව ඔහුගේ හැඟීමයි. ජාත්‍යන්තර සාගර ගවේෂණ වැඩසටහනේ අනුග්‍රහය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

_86964095_thinkstockphotos-456057891

 



අදහස් (0)

ඉන්දියන් සාගරයෙන් පොළොව විදියි

දිනේෂ් Wednesday, 02 December 2015 04:09 AM

අනේ මන්ද මුන් මොකටද දන්නේ නෑ ඉන්දීය සාගරයම තෝර ගත්තේ ? අපිට අනතුරක් කරන්නද ? (බ)

:       0       0

සෝමසිරි Wednesday, 02 December 2015 05:31 AM

මේ බොරු දේවල් වලට සල්ලි නාස්ති නොකර අපේ රට වගේ දුප්පත් රටක බඩු මිල අඩු කරන්න ආධාරයක් කළා නම් කොච්චර පිනක්ද? (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 02 December 2015 06:13 AM

අපේ අයට කන බනේම විතරයි අනේ මන්ද. (ස)

:       0       0

රජින්ද Wednesday, 02 December 2015 06:44 AM

මේ දේ නොකරන්නැයි බොහෝ පාරිසරික සංවිධාන ඉල්ලා සිටියා. ඊට කන්නොදී හිතුවක්කාර ලෙස ස්වභාව ධර්මයට මේ මහා පොළවට හානිකිරීම භයානකයි. ඇතැම්විට ඔවැනි සිදුරු කිරීම් නිසා මහපොළවේ ස්ථායිතාවය බිඳවැටිය හැකියි. (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Wednesday, 02 December 2015 08:06 AM

ස්වභා ධර්මයේ ඇති වනාන්තර විනාශ කිරීම නිසා එහි ජීවත්වන සතුන් මිනිසාගෙන් පළිගනී. එසේනම් ස්වභාව ධර්මයට අයිති මේ මහා පොළවට හානිකිරීම තුළින් දවසක මහා පොළවද මිනිසාගෙන් පළිගනු ඇත. එදාට අපි දෙවියන් යැද පලක් තිබේද .... (නි)

:       0       0

රූපවතී Wednesday, 02 December 2015 08:21 AM

ඇයි මේ ලෝකේ ඉන්න විද්වතුන් හැමදේටම මේ ඉන්දියන් සාගරේම තෝරාගන්නේ? ඇයි ඒ බලවත් රටවලට බැරි මේ සඳහා උතුරු ඇමරිකාවත් දකුණු ඇමරිකාවත් අතර පැනමා හෝ යුරෝපාවත් අප්‍රිකාවත් අතර දේශ සීමාවන් තෝරාගන්න? මුළු ආසියාවම මීට විරුද්ධව පෙළගැසිය යුතුයි. අප රටවලට සිදුවන පාරිසරික ස්වාභාවික විපත් වලට මුහුණදීමට සිදුවන ඉඩ ප්‍රස්ථාවන් තවත් මේ තුළින් වැඩිවෙනවා. (නි)

:       0       0

නාමල් Wednesday, 02 December 2015 09:37 AM

මෙතැන දාල තියෙන අදහස් දකිද්දී ලංකාවේ විද්‍යා අධ්‍යාපනය ගැන දුක හිතෙනවා.. සාගර ගවේෂණ වලට පොලව විදින බව දන්නැතිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියවනව (ස)

:       0       0

විපුල Wednesday, 02 December 2015 09:44 AM

හෑරුවාට කමක් නැහැ. දෝන ගහගෙන පහලට එන්න නම් එපා. (ස)

:       0       0

සුරන් Wednesday, 02 December 2015 11:01 AM

වෙනත් ලෝකවල් සොයාකරන පර්යේෂණ සදහා මුදල් වියදම් කරනවට වඩා අප ජීවත් වෙන ලෝකය පිළිබදව සොයා බැලීම ඉතා වැදගත්. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 02 December 2015 11:15 AM

සම්පත් තිබේ නම් මෙවැනින ගවේෂණ කිරීම මානව සංහතියට සුභදායකය. සයිබීරියාවේද මීට සමගාමීව කිසි දිනක දිය නොවූ අයිස් තට්ටුවක් සහිත භූමියක කිලෝමීටර් සිය ගණනක් යටට හාරනවා. මේ මගින් පෘථීවිය සහ ජීවයේ ඇතිවීම පිළිබඳව වැදගත් සාක්ෂි ලැබේ යයි විශ්වාස කරනවා. (ම)

:       0       0

සේනක Wednesday, 02 December 2015 11:14 PM

මේකට යන සල්ලි වලින් ලංකාවට අවුරුදු 50 ක් නොමිලේ කන්න දෙන්න තිබුනා. සෝමසිරි හරියට හරි. (නි)

:       0       0

අසාම් Thursday, 03 December 2015 05:34 AM

හිනා යනවා මේකේ තියෙන අදහස් දිහා බලපුවහම. මෙයාල හිතාගෙන ඉන්නේ මෙවැනි විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ නිකන් ඉන්න බැරුවට කියලා. මේවා කරන්නේ මානවයාගේ පැවැත්මට සහ සුබසිධ්ධියට මේ පරීක්ෂණ කරන එකෙන් බොහෝ දේවල් ගැන නිගමනයකට එන්න පුළුවන්. අපි අනිත් සත්වයන්ගෙන් වෙනස් වෙන්නේ දැනුම සහ දැනගැනීමට ඇති ආශාව හා එය තුලින් අවධාරණය වීම. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site