X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


ඉන්දියාවටයි ඇමරිකාවටයි අයිඑස් ත්‍රස්ත ඉලක්ක දෙකක්

අවසන් සටනේ ඉලක්කයන් ලෙස ඉන්දියාව හා ඇමරිකාව නම් කර අයිඑස් අන්තවාදීන් විසින් නිකුත් කැරුණු රහසිගත ලියවිල්ලක තොරතුරු අනාවරණය කරගැනීමට ඇමරිකා බුද්ධි අංශ සමත්ව තිබේ.

මෙම ලියවිල්ලෙන් ආසියා කලාපයේ කි‍්‍රයාත්මක වෙනත් අන්තවාදී සංවිධානයන්ටද තමන් හා අත්වැල් බැදගන්නැයි අයිඑස් සංවිධානය ආරාධනා කර තිබෙන අතර සියලූදෙනා එක්ව කරන අවසන් සටනකින් පසු ඉස්ලාමික කැලිපේටය පිහිටුවීමට හැකිවනු ඇතැයිද එහි සදහන්ය.

පකිස්තානයේ කි‍්‍රයාත්මක අන්තවාදී සංවිධානයන්ට මෙම ලියවිල්ලේ වැඩි තැනක් වෙන්ව ඇතැයි එය විමර්ෂණය කර ඇති විශේෂඥයින් කියයි.

ඉන්දියාවට පහර දීමේ තැතත් ගැනද සදහන්ව ඇති හෙයින් මෙය කිසිසේත්ම සුලූවෙන් තැකිය නොහැකියැයි ඔවුන්ගේ මතයයි.

අයිඑස් සංවිධානය දියත් කිරීමට සැළසුම් කර තිබෙන විනාශකාරී මෙහෙයුම් කිහිපයකම තොරතුරු පසුගිය සමයේ අනාවරණයවූ අතර ඇෆ්ගනිස්ථානයේ සිට තම මව්රට බලා යමින් සිටින ඇමරිකා සෙබළුන් ඉලක්කර කර එල්ල කිරීමට සැළසුම් කර තිබූ ප‍්‍රහාරය එවැන්නකි.

මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන ඉන්දියාව පවසන්නේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි.

අයිඑස් සංවිධානයට බැදීමට යැයි කියා ඉන්දියාවෙන් පිටවීමට තැත් කළ 25 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔවුන් පුනරුත්ථාපනය සදහා යොමුකර තිබෙන බවද ඉන්දියා බළධරයින් කියයි.

අයිඑස් සංවිධානයේ මුදල් බලය හමුවේ ඔවුන්ට න්‍යෂ්ඨික අවි විකිණීමට ඇතැම් රටවල් පෙළඹෙනු ඇතැයි ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාවෝ සිං අනතුරු අගවයි.ඔහු නොකියා පහර එල්ල කරන්නේ පකිස්තානයටය.

එසේවුවද අයිඑස් සංවිධානයේ අවි ශක්තිය සළකා බලන විට ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා පවසන දෙයද දැඩිව සැළකිල්ලට ගතයුතුව තිබෙන්නකි.



අදහස් (0)

ඉන්දියාවටයි ඇමරිකාවටයි අයිඑස් ත්‍රස්ත ඉලක්ක දෙකක්

සුදත් Thursday, 30 July 2015 07:01 AM

අයි.එස් කෙරුම් වැඩිකල් පවතින්නෑ..(ම)

:       0       0

අබ්දුල් නසීම් Thursday, 30 July 2015 12:45 PM

සියලුම අන්තවාදී කල්ලි සහමුලින්ම නැති කරන්න ඕනේ. මම මුස්ලිම් උනත් මම කිසිම විදියකට කැමති නැහැ අපි හැමෝගෙම රටේ එක ලේ බින්දුවක් වත් හෙලවෙනවට. ඇයි අපි හොදට ඉන්න පුළුවන් කම තියාගෙන ලේ පෙරාගන්නේ. අපේ රටෙත් ඔය වගේ ප්‍රශ්න ඇති කරන්න බලාගෙන ඉන්න කාලකන්නි ටිකක් ඉන්නවා පකිස්තානයෙන් ඇවිල්ලා. එ්ක නිසා මම හැම මුස්ලිම් යාලුවන්ගෙන් ඉල්ලන්නේ අපිව නැති කරන්න අාපු එවුන් ගැන හැමෝටම කියල මේ රටෙන් එලවල දාන්න උදව් වෙන්න. නැත්තන් උන් කරන දේවල් වලට වන්දි ගෙවන්න වෙන්නේ අපේ ළමයින්ට. දැන් ලෝකේ අන්තවාදය නිසා කොච්චර ළමයි සෆර් කරනවද. අද ලෝකේ ඇතිවෙලා තියෙන හැම යුද්දයක්ම පටන් අරන් තියෙන්නේ අන්තවාදීන්. මමත් මුස්ලිම් තමා. එ්ත් ඇත්ත වහන්න අපිට බැහැ. උන් අපේ රටේ නැගෙනහිර හැංගිලා ඉදන් වැඩ පටන් ගන්න හදන්නේ. උන්ට ළමයි ගැන, උන්ගේ පවුල් ගැන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. උන්ට ඕනේ අනික් එවුන් මරාගෙන ඉන්න. (නදී)

:       0       0

දම් Thursday, 30 July 2015 06:02 PM

දැන්ම මරාගත්තේ නැත්නම් අායෙත් ජෙනරාල්ට යුද්ද පිටියට යන්න වේවි.(නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 31 July 2015 06:48 AM

ඉන්දියාව අනතුර තේරුම් අරන් ආරක්ෂාව ගැන වෙහෙසුනාට අපේ රටෙත් හිටපු එකෙක් මැරුන නිසා තමා දැනගත්තේ. මෙහෙත් ඉන්නවා කියල ඊට පස්සේත් තොරතුරු ලැබුනත් උනන්දුවක් නැත්තේ දීපු පොරොන්දු නිසා වෙන්න ඇති. (නදී)

:       0       0

කුමාර Saturday, 01 August 2015 05:32 AM

ඉසිස් කියන්නේ ගොඩක් දරුණු සංවිධානයක්. මෙයාල ලංකාවට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. නමුත් ලෝකයේ මොන හමුදාවට බැරි උනත් අපේ හමුදාවෙන් මාට්ටු වෙනවා. එ්ක ඒ කාන්තයෙන්ම සිදුවෙනවා. ඒ වගේම අැමෙරිකාවත් බලාගෙන ඉන්නේ තව ටිකක් උන් නැගිටිනකන්, ඊට පස්සේ උන්ව සමුල ඝාතනය වෙනවා.(නදී)

:       0       0

චමල් Sunday, 02 August 2015 05:43 AM

ලංකාවට ඒගොල්ලෝ යුදමය වශයෙන් පහර දෙන්නේ නැහැ. එහෙම කරන්න බැරි අපේ හමුදාව ශක්තිමත්. එ්ත් තැන තැන ඔවුන්ගේ පිබිදීම් ඇතිවෙනවා.(නදී)

:       0       0

රනුක Sunday, 02 August 2015 09:50 AM

අයිඑස්අයිඑස් ලංකාට පහරදුන්නොත් අපි කනවා. ලංකාවේ ආමි එක දැන් දුර්වලයි.(නදී)

:       0       0

දුමින්ද Sunday, 02 August 2015 02:48 PM

ඇමරිකන් කිරි බී හැදුන සත්ත්වයෙක් (නදී)

:       0       0

නිරෝධා Monday, 03 August 2015 06:43 AM

අබ්දුල් නසීම්, දෙන්නකෝ දන්නා අයගේ නම් ගම් ඒ ඒ ආයතන වලට. දැන්ම ඉදන් මේක නවත්තන්න පුළුවන් (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 04 August 2015 05:20 AM

අපේ රටට ත්‍රස්තවාදය ආපහු ඕනෙම නැහැ. මේවා තුලින් අන්තිමේදී වෙන්නේ ජාතින් අතර අසමගිය වර්දනය වී තියෙන නිදහසත් නැතිවෙන එක විතරයි.(නදී)

:       0       0

රෝහණ Wednesday, 05 August 2015 01:57 AM

අන්තවාදයට ආයුෂ කෙට්යි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site