මීට වසරකට පෙර, සෝමාලි මූදු කොල්ලකරුවන් යැයි වරදවා වටහා ගෙන ඉතාලි භාණ්ඩ ප‍්‍රවාහන නැවක සිටි ආරක්ෂක අංශ නිලධාරීන් කළ වෙඩි තැබීමකින් දකුණු ඉන්දියාවේ කෙරළ ප‍්‍රන්තයේ ධීවරයන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය මේ වන විට රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් දුර දිග ගොස් ඇත.
එම සිද්ධිය අවස්ථාවේ ඊට සම්බන්ධ ඉතාලි ජාතික ආරක්ෂක නිලධාරීහු දෙදෙනා ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. ඉන්පසු සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයක් ද ආරම්භ කෙරුණි.
ආපසු ඉන්දියාවට පැමිණිමේ පොරොන්දුව මත ඉකුත් වසර අවසානයේ දී එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට යළි ඉතාලියේ ඔවුන්ගේ පවුල් වෙත යෑමට ඉන්දීය අධිකරණයෙන් අවසර ලැබුණි. අධිකරණය එම අවසරය දුන්නේ ද එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
ඔවුන්ට මාසයක කාලයක් ලැබි තිබුණි. එම කාල සීමාව මේ වන විට ඉකුත් වී ඇති අතර, නිලධාරීන් දෙදෙනා ආපසු ඉන්දියාවට පැමිණීම ප‍්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව ඉන්දියාවත් ඉතාලියත් අතර වූ රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදය දුරදිග ගියේය. ඉන්දීය රජය පෙරේදා (12) එරට සිටින ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනි කැඳවා ඔහුට විරෝධය පළ කර සිටියේය.
එම ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා යළි ඉන්දියාවට පැමිණෙන්නේ නැති නම් ඒ ගැන අන්තර් ජාතික අපරාධ අධිකරණයට පැමිණිලි කිරීමට ඉන්දියාව සූදානම් වේ. ඒ අනුව ඉන්දියාවත් ඉතාලියත් අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අත්හිටුවීමේ අවදානමක්ද හට ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
![]() |
ඉන්දියාවේ සිටින ඉතාලි තානාපති |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවත් ඉතාලියත් අතර රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදයක්
රූපා Thursday, 14 March 2013 07:58 AM
පේනවා නේද ඉතාලියට තියෙන හයිය? (නි)
ජීවන් Thursday, 14 March 2013 08:02 AM
අපි නම් ගුටිත් කාලා තවත් සිංහ කතා කිය කියා ඉන්නවා. (නි)
නීලා Thursday, 14 March 2013 08:06 AM
ඉතාලිය අපි වගේ ඉන්දියාව මත යැපෙන්නෙ නැති නිසා බයවෙන්න දෙයක් නැහැ. (නි)
සුමුදු Thursday, 14 March 2013 08:43 AM
අර්බුද රටකට හොද දෙයක් නෙමෙයි (දී)
අමල් Thursday, 14 March 2013 09:28 AM
වැඩේ නම් හරි නැහැ. (නි)
රන්ජන් Thursday, 14 March 2013 11:03 AM
කපිටියෝ ඔහොම තමයි (ස)
රන්ජන් Thursday, 14 March 2013 01:47 PM
ඉන්දියන් ධීවරයෝ වගේ හිටියාට මංකොල්ලකරුවන් තමා වැඩ වැරදුනාම ධීවරයෝ කියනවා ඉතාලියට ජය වේවා.!(නු)
සිසිර Thursday, 14 March 2013 03:23 PM
ඉතාලි මිනිස්සු ඉන්දියාවේ වැඩකරන්න යන්න නැහැ. ඒත් ඉන්දියානුවන් ඉතාලියේ වැඩ කරනවා (අ)
ඩෑම් Thursday, 14 March 2013 05:28 PM
අපි ඉතාලියට උදවු කළ යුතුයි. (නි)