මිට වසර හයකට පෙර අතුරුදහන් වූ ඉන්දියා දරුවෙකු බංගලාදේශයෙන් සොයාගෙන ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
එම දරුවා දිල්ලියේදී අතුරුදන් වී තිබෙන අතර ඉන්පසු ඔහු බංගලාදේශයේ වහල් සේවයේ යෙදවීමට රැගෙන ගොස් තිබේ. දිල්ලියේ සිට දරුවා පැහැරගෙන ගිය බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනකුට විරුද්ධව බංගලාදේශයේ පරීක්ෂණයක් පැවැත්වෙයි.
සෝනු නම් වූ එම දරුවා බංගලාදේශයේදී හමුවී තිබෙන්නේ ජමාල් මුසා නම් බංගලදේශ පුද්ගලයෙකුට වන අතර එම දරුවා ජමාල්ගේ අසල්වැසි නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබේ.
දරුවාට නිවැසියන් විසින් පනවන ලද අසීමිත හිරිහැර දුටු ජමාල් පොලිසියට දැනුම් දුන්නද පොලිසිය ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කර නැත. එනිසා ඔහු සැලසුම් සහගත ලෙස දෙසැම්බරයේදී එම දරුවාව නිවසින් මුදවාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
අධිකරණයේදී තීන්දු වූ පරිදි සෝනු ළමා නිවාසයකට යොමු කෙරිණි. නමුත් දරුවා ගේ ඉල්ලීමකට සහ දුන් තොරතුරකට අනුව ජමාල් ඉන්දියාවේ දිල්ලි නුවරට පැමිණ දරුවාගේ දෙමාපියන් සොයා ඔවුන් බංගලාදේශයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එහිදී කෙරුණු ඩි.එන්.ඒ පරීක්ෂණයකට අනුව දරුවාගේ හිමිකම එම දෙමාපියන් වෙත ලබා දී නැවත ඉන්දියාවට යාමට අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවෙන් අතුරුදන්වූ දරුවා බංගලාදේශයෙන් හමුවෙයි
හෂාන් Friday, 01 July 2016 03:51 AM
ඉතාම හොඳ වැඩක් (නි)
හේමන්ත Friday, 01 July 2016 07:03 AM
බෝධිසත්ත්ව ගුනොපෙත මනුස්සයෙක්. මොන තරම් වටිනා පිනක් ද කරගෙන තියෙන්නේ. ඔය කියන පොලිසියේ ලොක්කන් සොයල වහා දඬුවම් දිය යුතුය. අසරණ ළමයකුගේ දුක බැලුවේ නැති අමනුස්සයෝ. (ම)
ඉන්දු Friday, 01 July 2016 08:45 AM
ජමාල් ඔබ දෙවි කෙනෙකි... (ර)
සරත් Saturday, 02 July 2016 11:09 AM
මේ කළ වැඩේ මහඟු පින්කමක් (නි)