ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට අයත් මෝටර් රථයකට පෙරේදා (13) බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් එහි රියැදුරු සහ තානාපති කාර්යාල නිලධාරීහු තිදෙනෙක් තුවාල ලැබූහ. එම සිද්ධියෙන් පැය කිහිපයකට පසු ජෝර්ජියාවේ ඊශ්‍රායල තානාපතිවරයාගේ මෝටර් රියට සවිකර තිබූ බෝම්බයක් නිෂ්කී‍්‍රය කිරීමට ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ.
ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට අයිති මෝටර් රථයට බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ නවදිල්ලි නුවරදීය. මෝටර් රථය පෙරේදා සවස 3 ට පමණ ඊශ්‍රායල තානාපති කාර්යාලයෙන් පිටවී ගමන් කරමින් තිබියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මෝටර් රථයේ චුම්බක බෝම්බයක් සවිකොට පලා ගිය බවත් එය පුපුරා මෝටර් රථය ගිනි ගත් බවත් නවදිල්ලි පොලිසිය පවසයි.
පිපිරුමට සහ ගින්නට හසුවීමෙන් ඊශ්‍රායල තානාපති කාර්යාල නිලධාරිනියක්, තවත් නිලධාරීහු දෙදෙනෙක් රියැදුරා තුවාල ලැබූහ. ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.
තානාපති කාර්යාල නිලධාරිනියගේ තත්ත්වය බරපතළ යැයි නවදිල්ලි රෝහල් ආරංචි මාර්ග පවසයි. ප්‍රහාරයට හසුවෙද්දී යෙෂෝෂුවා කොරේන් නමැති එම නිලධාරිනිය, දරුවන් දෙදෙනා පාසලේ සිට නිවසට රැුගෙන යෑමේ අරමුණින් තානාපති කාර්යාලයෙන් පිටව ගොස් ඇතැයි ඊශ්‍රායල තානාපති කාර්යාලය නිවේදනය කළේය.
නවදිල්ලි නුවර සිදුවූ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ජෝර්ජියාවේ ටිබ්ලීසි නුවර ඊශ්‍රායල තානාපතිවරයාගේ මෝටර් රථයේ සවිකර තිබූ බෝම්බයක් තානාපති කාර්යාල නිලධාරියකුට දකින්න ලැබී ඇති අතර ඔහු ඒ පිළිබඳ ජෝර්ජියා ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නේය. බෝම්බ නිෂ්කී‍්‍රය නිලධාරීන් පැමිණ බෝම්බය නිෂ්කී‍්‍රය කළ බව වාර්තා වේ.
නවදිල්ලි නුවරදී එල්ල වූ ප්‍රහාරයත් ජෝර්ජියාවේ දී එල්ල කිරීමට සැලැසුම් කළ ප්‍රහාරයත් ත්‍රස්ත ප්‍රහාර බවත් ඒවාට වගකිවයුත්තේ ඉරානය බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්හායූ ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
ඉරානය ලෝකය පුරා ත්‍රස්තවාදය පතුරුවන බවට අගමැති නෙදන්යාහූ චෝදනා කළේය. ඉරානය ලෝකයට තර්ජනයක් වී ඇති බවත් ඉරානයේ සැහැසිකම් මට්ටු කිරීමට ලෝක ප්‍රජාව එකමුතු විය යුතු බවත් අගමැති ඊශ්‍රායල අගමැති වැඩිදුරටත් කියා සිටියි.
එම ප්‍රහාර ඉතා බියගුලූ කි්රයාවක් යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද පවසයි. ප්‍රහාරයට ඉරානය සම්බන්ධ යැයි ඇය සෘජුව පවසා නොමැත.
මේ අතර ඉරානය පවසන්නේ එම ප්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් චෝදනා එල්ල කරමින් ඊශ්‍රායලය තමන්ට පහර දීමට ‘පොටක් පාදා ගැනීමට’ සැරසෙන බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රියකට බෝම්බ ප්‍රහාරයක්
ලක්ෂාන් Thursday, 16 February 2012 07:43 AM
ඉරාණයට බොරු චෝදනා කරන්න එපා..