ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 70 දෙනකු මියගොස් රාජ්‍ය හා පෞද්ගලික දේපොල රැසකට තද බල හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් පීඩාවට පත් ජනතාවට ආහාර ගුවනින් හෙලා තිබේ.
පුද්ගලයින් 10000 කට වඩා උස් බිම් වලට රැගෙන ගොස් ඇති අතර තවත් 1000 ක් ගුවනින් ආරක්ෂිත ලෙස ඉවත් කැර ඇත.
ඉන්දියාවේ මෝසම් වර්ෂාව පවතින කාලයට නිරන්තරයෙන් ජලගැලීම් සිදුවීම සාමාන්‍ය දෙයකි. ගංවතුර තත්වය තදින්ම බලපා ඇති සවුරස්ත්රා කලාපයේ නිවාස රැසක් විනාශ වී ඇත. වසර 90 කින් බලපා ඇති දරුණුම ගංවතුර තත්වය මෙය බව වාර්තාවේ.
වෙරළබඩ දිස්ත්‍රික්කයක් වන ඇම්රෙලි හි ගංවතුර හේතුවෙන් ගම්මාන 600ක් පමණ යටවී ඇතැයි ද ඉන්දීය ආරකෂක අංශ පවසයි.
ගුජරාට් ප්‍රාන්තයේ ඇමති නිටින් පාටෙල් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ ගංවතුරින් වගා බිම් හානියට පත්විමෙන් ගොවින් විශාල සංඛ්‍යාවක් ද පීඩා වට පත්ව ඇති බවයි. ගලවා ගැනීමේ සහ සහන කටයුතු සිදුකෙරෙමින් පවතින බවද ඔහු පවසා ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ගුවන් යානා හෙලිකොප්ටර් සමගින් බලපන්ති 23 ක් කිසිම පිලිසරණක් නොමැති ජනයාට ආහාර පැකට් බෙදා දුන් බවයි.
ආසියානු කලාපයේ සිංහයන්ට වෙන්ව ඇති ජිනගඩ් හි ගිර් වනාන්තරය ද ගංවතුරින් යටවීම හේතුවෙන් එහි වාසය කරණ සිංහයන්ද මෙම වනාන්තරයෙන් පිටතට පැමිණ ඇතැයි පරිසරවේදීහු කියති.
කාෂ්මීර ප්‍රාන්තයට ගංවතුර පිලිබඳ අනතුරු ඇගවිමේ සංඥා නිකුත් කර තිබේ. මෙහි ගිය වසරේ ගංවතුරින් 300 ක් මරණයට පත්වුහ.
මෙහි ප්‍රධාන නගරය වු ශ්‍රී නගර් හි ජෙලම් ගංගාව අනතුරු දායක මට්ටමටත් වඩා ඉහලින් ගලායන බව වාර්තාවේ.
උතුරු ප්රාන්තයවු උත්තරක්හැන්ඩ්හි බලධාරින් ශුද්ධ නගරවු කෙදර්නාත් සහ වෙනත් පුජනීය ස්ථානවලට යන වන්දනා චාරිකා ද නවතා දමා තිබේ.
සෑම වසරකම ජුනි සහ සැප්තැම්බර් අතර පවතින මොසම් වර්ෂා සමයේදී ඉන්දීයාවේ වර්ෂාපතනයෙන් සියයට 80 ක් ලැබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවේ ගංවතුරින් මරණ 70යි