හානි වූ නාසයක් වෙනුවට නළල මත වර්ධනය කළ නාසයක් බද්ධ කිරීමට ඉන්දියාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නියුමෝනියාව නිසා පීඩාවට පත්වූ අරුන් පටෙල්ගේ(12) නාසය දරුණු ලෙස හානි වී අ විකෘති වී තිබිණි. වෛද්‍යවරු ඔහුගේ නළල මත අලුත් නාසයක් හදා සාර්ථකව බද්ධ කළහ.
අරුන් ඉපදීමෙන් පසු වැඩි කලක් යන්නට පෙර නියුමෝනියාව නිසා මධ්‍ය ප්‍රදේශ් රෝහලකට ඇතුළු කිරීමෙන් අනතුරුව වෛද්‍යවරු කළ ප්‍රතිකාර වල ප්‍රතිපලයක් වශයෙන් ඔහුගේ නාසය විකෘති වී නාසයේ කාටිලේජ පටක වලට හානි සිදුවී තිබිණි.
සද වසරකට වැඩි කාලයකට පසු ඉන්ඩෝර් නගරයේ රෝහලක වෛද්‍ය කණ්ඩායමක් අරුන්ට අලුත් නාසයක් ලබාදීමට මෙම දුර්ලභ ප්ලාස්ටික් සැත්කම සිදු කිරීමට තීරණය කළහ. සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් වීමට වසරක කාලයක් ගත විය. ඔහුගේ නාසය ඔහුගේ අනෙකුත් අවයව මෙන් නිසි ලෙස ක්‍රියා කරන බවට විශ්වාස යැයි වෛද්‍ය කණ්ඩායම මෙහෙයවූ ආචාර්ය අශ්විනි පවසයි.
පපුවේ කාටිලේජ ද ගෙන නළල මත නාසය වර්ධනය වීමට ඉඩ හැර පසුව වර්ධනය වීම සම්පුර්ණ වූ පසු එය නළලෙන් ඉවත් කොට සාර්ථක ලෙස නාසයට බද්ධ කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවේ දුර්ලභ නාස් සැත්කමක්
නිරුල් Thursday, 07 July 2016 09:05 AM
ඔය විදිහට වෙන තැනක හොඳ මොළ ටිකක් වර්ධනය කරලා අපේ සමහර දේශපාලුවන්ට සවිකරන්න බැරිද? (නි)
මහසෙන් Thursday, 07 July 2016 11:45 AM
දේශපාලකයන්ට නම් මොළේ හොඳට තියනවා නිරුල්. ඔවුන්ට ඡන්දය දෙන අපිටයි මොළේ නැත්තේ (නි)
උපාලි Thursday, 07 July 2016 02:26 PM
හරියටම හරි. මමත් මහාසේන් එක්ක එකඟයි.(හේ)
චමලි Friday, 08 July 2016 03:44 AM
නිරුල්, වැඩක් නැහැ. මොනවා කළත් අපේ රටේ දේශපාලුවන්ගේ ඔලුවේ, මොළයට ඉඩක් නැහැ. ඒ වගේම තමයි මහසෙන් ඔයත් නිවැරදියි. (නි)