X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 23 වන බදාදා


ඉන්දියාවේ පරාජයෙන් පසු සිසු ගැටුමක්

ඉන්දියාවේ ශ්‍රීනගර්හි ජාතික තාක්ෂණ ආයතනයේ ඉන්දීය සිසුන් හා ජම්මු කාශ්මීර සිසුන් අතර ඇතිවූ ගැටුම්වලින් පසු මේ වන විට යුද හමුදා බල ඇණි අධ්‍යාපන ආයතනය වටා යොදවා ඇතැයි ඉන්දීය එන්ඩීටීවී පුවත් සේවය පවසයි.

සිසුන් පන්ති වර්ජනය කර ඇතැයි කියති.

පසුගිය සතියේ පැවැති ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වීමත් සමග කාශ්මීර සිසුන් ගිනි කෙළි දල්වා ප්‍රීති වීම සම්බන්ධයෙන් ගැටුමක් ඇතිවී ඇත.

ආයතන අධ්‍යක්ෂ රාජත් ගුප්තා එන්ඩීටීවී පුවත් සේවයට පවසා ඇත්තේ කල් දැමූ විභාග යළි අප්‍රේල් 11 වැනිදා සිට ආරම්භ වන බවත් මේ වන විට අධ්‍යාපන කටයුතු හොඳින් සිදුකිරීමට හැකි යහපත් වාතාවරණයක් ඇතිව ඇති බවත්ය.

විදේශීය සිසුහු තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බියවීම හේතුවෙන් විභාග කල් දමන්නැයි ඉල්ලා සිටින බව කියති.

විද්‍යාලයයේ ප්‍රධාන ගේට්ටුව අසල පොලිසිය හා සිසුන් අතර ගැටුම් ඇතිවිය. පොලිසිය චෝදනා කළේ සිසුන් 500ක් පමණ එකතුවී තමන්ට ගල් ප්‍රහාර එල්ල කළ බවයි.

අඟහරුවාදා සිසුන් දැවැන්ත උද්ඝෝෂණයක් විද්‍යාලයෙන් පිටත සංවිධානය කර තිබූ නමුත් පොලිසිය එය වැළැක්වීය.

ඉන්දීය ජාතික කොඩිය ජාතික තාක්ෂණ ආයතනයේ එසැවීමට සිසු පිරිසක් ඉල්ලා සිටි නමුත් පොලිසිය පැවසූයේ එසේ නොකරන ලෙසයි. එමගින් ජම්මු කාශ්මීර පිරිස් කුපිත විය හැකි බව පොලිසිය පැවසීය. නිල උත්සව කටයුතුවලදී ආයතනයේ කොඩිය ඔසවන්නැයි පොලිසිය ඉල්ලා සිටි අතර මීට පෙර අවස්ථාවලදී ද ප්‍රාන්ත රජය ඉල්ලා සිටියේ නීති හා රෙගුලාසි කඩකරමින් ජාතික ධජය නොඔසවන ලෙසයි.

nit-lathicharge_650x400_71459876802



අදහස් (0)

ඉන්දියාවේ පරාජයෙන් පසු සිසු ගැටුමක්

සුගත් Wednesday, 06 April 2016 10:59 PM

අපේ රටේ එන්ජීඕකාරයෝ වගේ රටට අවැඩක් වෙනවට කැමති කට්ටිය ඉන්දියාවේත් ඉන්නවා එහෙනම් (නි)

:       0       0

රොෂේන්- රියාද් Thursday, 07 April 2016 05:16 AM

අපේ රටේත් ඉන්නවා නේ මේ වගේම කට්ටියක්. ලංකාවේ ඉපදිලා ලංකාවේ රජයේ ඉස්කෝලෙට යන්නේ, කන්නේ බොන්නේ ලංකාවෙන්, නමුත් සපෝට් එක පාකිස්තානේ පිලට. මලිගාවත්තේ ඉන්නවා මේ වගේ සැහෙන දෙනෙක්. (බ)

:       0       0

ලක්මාල් Thursday, 07 April 2016 12:34 PM

ඒ අයමනේ ඒක නිසා අපට වැඩක් නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site