X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


ඉන්දියාවේ හිටපු ඇමතිවරුන් දෙදෙනකුට සිර දඬුවම්

එම්.බි.බි.එස් වෛද්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදි කළ වංචාවකට වරදකරු වූ  කොංග‍්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෂීඞ් මසූද් වසර හතරක කාලයකට සිරභාරයට පත්කරන ලෙස පෙරේදා (01) දිල්ලි උසාවිය නියෝග කළේය.පෙරේදා දිනම ඔහු තිහාර් බන්ධනාගාරයට රැගෙන යනලදි.

දුෂණ වැළැක්වීමේ පනත යටතේ වරදකරු වූ පළමු රාජ සභිකයා ඔහුය.මෙම සිද්ධියට සම්බන්ධ සිසුන්ටද වසරක සිර දඬුවම් කාලයක් නියම විය.එසේම අයි.පි.එස්. නිලධාරි ගර්දයාල් සිං සහ අයි.ඒ.එස් නිලධාරි ඒ.කේ.රෝයි යන නිලධාරීන්ටද වසර හතර බැගින් සිරදඬුවම් නියමවිය.

විශේෂ අධිකරණයක් හමුවේ පැවති නඩු විභාගයකින් මෙසේ රෂීඞ් මසූද් වරදකරු වූයේය.1990/1991 කාලයේ මසූද් ඉන්දීය රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදි සුදුසුකම් නොලත් ඉල්ලූම්කරුවන්ට ති‍්‍රපුර සෞඛ්‍ය විද්‍යාලයවල එම්.බි.බි.එස් වෛද්‍ය උපාධි අපේක්ෂකයන්ට අයත් ආසන වෙන් කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනා වේ.

එසේම ඉන්දීය රුපියල් කෝටි 950 ක මුදලක් වංචාවකට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටි බිහාර් ප‍්‍රාන්තයේ හිටපු මහ ඇමැති මෙන්ම ඉන්දීය දුම්රිය කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස ද කටයුතු කළ ලල්්ලූ ප‍්‍රසාද් යාදේව්, ඉකුත් 30 වැනිදා එම චෝදනාවලට වරදකරු වූයේය.

එම මහා මුදල් වංචාවට ලල්ලූ ප‍්‍රසාද් යාදේව්ට පමණක් නොව, තවත් රාජ්‍ය නිලධාරීන් 44 දෙනකුට එරෙහිව ද චෝදනා ඉදිරිපත් වී තිබුණි. ඔවුහු ද මධ්‍යම විමර්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අධිකරණයක් හමුවේ වරදකරුවෝ වූහ.

හිටපු මහ ඇමැතිවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ල වූයේ ජර්කාන්ද් ප‍්‍රාන්තයේ චයිබාසා භාණ්ඩාගාරයෙන් ඉන්දීය රුපියල් කෝටි 950 ක මුදලක් සොරා ගැනීම ගැනය.

විශේෂ අධිකරණය හමුවේ වරදකරුවීමෙන් පසු, හිටපු මහ ඇමැතිවරයා ඇතුළු චූදිතයන් පිරිස රාන්චි නුවර මුන්ඩා බන්ධනාගාරයට ගෙන යනලද බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

ලල්ලූ ප‍්‍රසාද් යාදේව් ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයට සහාය පළ කරන රාශ්තී‍්‍රය ජනතා දාල් පක්ෂයේ නායකයා ද වෙයි. ඔහු එම පක්ෂය පිහිටුවූයේ 1997 දීය.

වයස අවුරුදු 29 දී පාර්ලිමේන්තු සභිකයකු ලෙස ඉන්දීය දේශපාලන කරළියේ නමක් දිනා ගත් ලල්ලූ ප‍්‍රසාද් යාදේව්, බිහාර මහ ඇමැති ධුරය හෙබවූයේ 1990 සිට 1997 දක්වා කාලයේය. 2004 වසරේ සිට 2009 තෙක් කාලයේ ඔහු ඉන්දියාවේ දුම්රිය කටයුතු ඇමැති ලෙස කටයුතු කළේය.

 



අදහස් (0)

ඉන්දියාවේ හිටපු ඇමතිවරුන් දෙදෙනකුට සිර දඬුවම්

පෙත්තා Thursday, 03 October 2013 03:28 AM

මේවා අපට හොද පාඩම් .... මගේ පුතේ නුඹ නාඩන් // (නි)

:       0       0

උපාලි Thursday, 03 October 2013 05:12 AM

හරිම සන්තෝෂයි. ලංකාවේ වගේමයි. ඔක්කොම හිටපු අය. නඩුව අහලා ඉවරකරන්නේ අවුරුදු 23 කට පස්සේ. ලංකාවේ වගේමයි. (නි)

:       0       0

සමන්ත Thursday, 03 October 2013 05:38 AM

ලංකාවේ ඔහොම දූෂණ කරන දේශපාලකයෝ නැති නිසා අපි වාසනාවන්තයි (නි)

:       0       0

අස්මිත් Thursday, 03 October 2013 06:51 AM

චිකේයියා, වැරදි කරපු ඇමතිවරු දෙන්නද මුළු ඉන්දියාවේම ඉන්නේ? ඒකට අපේ ධර්මද්වීපය... දෙතුන් දෙනෙක් විතරක් බේරිලා ඉතුරු ඔක්කොම හිරේ අරින්න වෙයි,අපේ ඇමැතියන්ගේ වැරදි හොයන්න ගියොත් ජනතාව ඇවිස්සෙයි. (නි)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Thursday, 03 October 2013 09:22 AM

ඒකට අපේ අය සහයෝගෙන් තමා වැඩේ දෙන්නෙ... (ස)

:       0       0

ලාල් Thursday, 03 October 2013 01:18 PM

ලංකාවේ නම් ලොක්කෝ හිරේ ගියත් ගෙදර හිටියා වගේ. ඉන්දියාවේත් එහෙමද? (නි)

:       0       0

දුමින්ද Thursday, 03 October 2013 04:05 PM

එහෙත් මිනීමරුවන්ට මන්ත්‍රී ඇමතිකම් ලැබෙනවා.එහෙ නුගත්කම අධික නිසා අපිට වැඩිය අන්තිමයි (නි)

:       0       0

සිරියලතා Thursday, 03 October 2013 05:20 PM

අර අපේ අහවල් අක්කාවත් ඔය වගේ ඇතුලට දාන්න පුලුවන් නම් මරේ මරු තමා (නි)

:       0       0

පිටිගල Thursday, 03 October 2013 08:34 PM

ලංකාවේ කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ආණ්ඩු වෙනස් උනත් හොර මැර කම් කල අය දෙගොල්ලම ආරක්ෂා කරනවා. සහයෝගයෙන් රට කනවා(අ).

:       0       0

දර්ශන Thursday, 03 October 2013 09:59 PM

පිටිගල හරි,සහයෝගයෙන් රට කැම,මොකද එපැත්තෙන් මෙපැත්තට පනින දේශ පාලනය තිබෙන නිසා.(නදී)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 01:26 AM

ලංකාෙවි දුෂිත මැති අැමතිවරුන්ටත් මෙවැනි දඩුවම් ලැබේවායි දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 04 October 2013 02:10 AM

ලංකාවේ අභ්‍යන්තර දේවල් වලටත් අත දමන අමන ඉන්දියන්කාරයෝ අපට හිරේ ගියත් එකයි නිරේ ගියත් එකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site